Breaking News

ධනවාදයට විකල්පය ආකල්පයක්ද !

යානිස් වෙරුෆාකස් කියන්නේ මේ දිනවල යුරෝපයේ වාම දේශපාලනය තුල බොහෝසෙයින් කතාබහට ලක්වන චරිතයක්. London School of Echonomics හි කීර්තිමත් ආචාර්යවරයෙකු වූ ඔහු ලෝක දේශපාලනය තුල කථාබහට ලක්වුයේ වසර 2015 දී ග්‍රීසියේ වාමාංශික පක්ෂයක් වූ සයිරීසා පක්ෂය එරට පාලන බලය අල්ලාගැනීමත් සමගයි.

සයිරීසා ආණ්ඩුවේ මුදල් අමාත්‍ය තනතුර සදහා තෝරාගනු ලැබුවේ ග්‍රීක ජාතිකයෙකු වූ යානිස් වයි. මේ කාලය වනවිට ආර්ථිකමය වශයෙන් බංකොලොත් තත්වයට පත්ව තිබු ග්‍රීසිය ඉතිහාසයේ ලොකුම ණය මුදල යුරෝපා ආර්ථික කොමිසම (troika ) මගින් ලබාගැනීමට සුදානමින් සිටියේය

Game Theory නම් ආර්ථික සංකල්පය ලෝකයට හදුන්වාදීමේ පුරෝගාමියෙකු වූ යානිස් මුදල් ඇමති වූ වහාම කියා සිටියේ යුරෝපයේ අපේක්ෂිත ණය මුදල ප්‍රතික්ෂේප කරමින් ණය නිසා රටට ඇතිවී ඇති දේශපාලන තෙරපුමෙන් ඉවත්වෙන බවයි. මෙමගින් ඔහු නොකියා කියා සිටියේ Game Theory සංකල්පය දේශපාලන ලෝකයට ගෙන එන බවයි.

කෙසේ වෙතත් මේ තීරණය නිසා ඇතිවූ සංවාද නිසා පසුව ඔහුට ග්‍රීසියේ මුදල් ඇමති ධුරයෙන් සහ සයිරීසා පක්ෂයෙන්ද ඉවත් වීමට සිදුවිය.

මේ දේශපාලන සිදුවීම් ඇසුරෙන් Adults in the Room නමින් දේශපාලන කෘතියක් පවා ඔහු විසින් එලකල ඇති අතර පසුව ඒ ඇසුරෙන් සිනමා පටයක්ද නිර්මාණය කෙරුනි. දේශපාලන ආර්ථිකය පිලිබදව ඔහු විසින් ලියන ලද ජනප්‍රිය කෘතියක් වන talking to my daughter about the economy ලොව පුරා භාෂා රාශියකට පරිවර්ථනය කෙරුනි.

ඔහුගේ පොත් අතර නවතම කෘතිය වන්නේ පස්චාත් COVID 19 ආශ්‍රයෙන් another now නමින් ලියන ලද දේශපාලන නවකථාවයි.

වර්තමානයේ ඔහු Diem25 නම් දේශපාලන සංවිධානයක් මගින් යුරෝපයේ නව දේශපාලන බලවේගයක් නිර්මාණය කරමින් සිටී. නව හරිත ආර්ථිකය (green new deal) යනු ඔවුන්ගේ දේශපාලන සටන්පාඨයයි.

පහත දැක්වෙන්නේ ඔවුන්ගේ දේශපාලනය පිළිබද සංශිප්ත අදහස් දැක්වීමකි. මෙම වීඩියෝවේ ප්‍රතිනිෂ්පාදනය Red Chilli Media වෙතිනි.

ධනවාදයට පසු ලෝකය මනෝරාජ්‍යක්ද !

leave a reply