Breaking News

ශක්තික සත්කුමාරගේ නඩුව අප්‍රේල් දක්වා කල්යයි

පොල්ගහවෙල හිටපු ස්ථානාධිපතිවරයාට එරෙහිව මා පැවරූ වන්දි නඩුව අද දින කුරුණෑගල දිසා අධිකරණයේ දී දෙවනවරටත් කැඳවිය. එහිදී මා වෙනුවෙන් නීතීඥ තක්ෂිලා මධුභාෂණී ජයසේන මහත්මිය ප්‍රමුඛ නීතීඥ කණ්ඩායමක් පෙනී සිටියහ. එහිදී ගරු නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට දැන්වූයේ ගරු නීතිපතිවරයා මේ නඩුවෙන් ඉවත්වන බවයි. ඒ සඳහා අධිකරණයේ අවසරය අද දින ලැබුණි. නඩුව නැවත 2022 අප්‍රේල් 04 වන දින කැඳවීමට නියමිතය. එම දිනයේ දී පොල්ගහවෙල පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයා සිය පෞද්ගලික මුදලින් තමා වෙනුවෙන් නීතීඥවරයෙකු ඉදිරිපත් කිරීමට නියමිතයි .

 

leave a reply