ජෝ බයිඩන් ගේ උප ජනාධිපති ගේ  පෞද්ගලික සහකාරිය 

Date:

දින කීපයක ප්‍රමාදයෙන් පසුව දැන් ඇමරිකා එක්සත් ජනපදයේ 46 වන ජනාධිපති වරයා කව්රුන්දැයි ප්‍රකාශයට පත්වී තිබේ. ජෝශප් බයිඩන්   මැතිවරණ කොට්ඨාශ 284  ජයග්‍රහණය කරමින්  හිටපු ජනාධිපති  ඩොනල්ඩ් ට්‍රම්ප්ව මැතිවරණ කොට්ඨාශ 214ට සීමා කරමින් තමයි මේ ජයග්‍රහණය ලබා ගන්නේ. බොහෝ දෙනාගේ මතය වන්නේ  ට්‍රම්ප්වගේ පාලන සමය විහිළු කාරී පාලන සමයක් බවයි. ඇමරිකානු ජනාධිපතිවරණය දෙසට ලෝකයේම ඇස් යොමු වී තිබුණු අතර  ලංකාවේ ජනතාවද  ඒ දෙස විමසිලිව බලාගෙන සිටියා.  ට්‍රම්ප්ගේ විසුළුකාරී  හැසිරීම නොරිස්සූ හැමෝම අපේක්ෂාවෙන් සිටියේ බයිඩන්ගේ  ජයග්‍රහණය.

ඇමරිකාවේ ජනාධිපති ලෙස ජෝ බයිඩන් දිවුරුම් දෙන විට ඔහුගේ උපජනාධිපති වන්නේ දකුණු ඉන්දියානු සම්භවයක් ඇති කමලා හැරිස්  මහත්මිය යැයි පවසන අය ඇගේ පෞද්ගලික සහකාරිය ශ්‍රී ලාංකික සම්භවයක් ඇති රෝෂනී ලක්ෂ්මි   වීම ලංකාවට ආඩම්බරයක් බව පවසනවා.

අප මෙය කෙසේ තේරුම් ගත යුතු ද

සමහරවිට මෙවැනි සංසන්දන සහ සම්භවයන් පිළිබඳව  බලාපොරොත්තු ඇති කර ගන්නේ  ලංකාවේ දේශපාලනය  යනු ලෝක දේශපාලනය යන හැඟීමෙන් දැයි නො දනිමු. මොකද  ලංකාවේ ජනාධිපතිවරයා  විධායක ජනාධිපති වන විට ඔහුගේ කැමැත්ත මුළු රාජ්‍යයේම කැමැත්ත බවට පරිවර්තනය කර ගැනීම තමයි ලංකාවේ දේශපාලනය.  රාජ්‍ය ප්‍රතිපත්ති නැති ලංකාව තුළ පුද්ගල ප්‍රතිපත්ති තමයි දිගින්  දිගටම ක්‍රියාත්මක වෙන්නේ. එ වගේම සෑම විටම ලංකාවේ ප්‍රධාන පාලන තන්ත්‍රය හොබවන පුද්ගලයෝ  ලෝක බලවතුන්ගේ අතකොලු බවට පත්වීම  ස්වභාවික සංසිද්ධියක්. හැත්තෑ වසරක මේ ආදර්ශය දකින ශ්‍රී ලාංකික  ජනතාව  ඇමරිකාව වැනි රටක හැසිරීමත් මෙවැනිම යැයි කල්පනා කරනවා වන්නට පුලුහන් . එනිසා ජෝ බයිඩන් ගේ උප ජනාධිපති ගේ  පෞද්ගලික සහකාරියට  ලාංකික සම්භවයක් තිබීම  ඇමරිකාව ලංකාවට  එරෙහිව ගෙනයන යන ප්‍රතිපත්තිය  සුමට  සුගම වීම සඳහා බලපානවා යැයි කල්පනා කරනවා.

ඇමරිකාව තුළ වඩා පීඩාවට පත් වන  ජන කොට්ඨාසයන  අතර ප්‍රමුඛ ස්ථානයක ඉන්නේ කළු ජාතික ජන කොට්ඨාසය.  ජාතිකත්වයට අනුව සම්භවයන් වලට අනුව දේවල් වෙනස් වෙනවා නම්  මේ පීඩිත ජනතාව  ඔබාමාගේ පාලන සමය තුළ  වඩාත් ශක්තිමත්  ජාතියක් බවට ඇමරිකාව තුළ පත් වෙන්නට ඕන  නමුත් එය එසේ වුණේ නැහැ  කලු ජාතික ඔබාමා ජනාධිපති වුණත්  කලු  ජනතාව තමන්  සිටි පීඩාකාරී ජීවන රටාවේම සුදු ජාතිකයන්ගේ වෛරයට ක්‍රෝධයට  හිංසනයට පාත්‍ර වෙමින්  අදටත් එලෙසම ජීවත් වෙනවා.  ඔබාමා ජනාධිපති වන අවස්ථාවේදී  ලෝකයේ බහුතරයක් කල්පනා කළේ එතැන් සිට අමෙරිකානු කළු ජාතිකයන්ගේ තත්ත්වය හොඳ අතට හැරේවි කියාය.  නමුත් එය එසේ ම වුණේ නෑ.  ඔබාමා හොඳ ළමයා සේ ඉඳ තමන්ගේ ධුර කාලය අවසන් වූ පසුව යන්නට ගියා.

ඉතින් අපි අපේ සන්දර්භය තුළට  දමා  ඇමරිකානු දේශපාලනය හඳුනා ගන්න හදනවා නම් එය අප විසින් කරගන්නා වරදකි. මොකද  ඇමරිකාවේ ජනාධිපති කවුරු උනත්  ඔවුන්ගේ විදෙස් ප්‍රතිපත්තිය වෙනස් නොවන එකකි.  එම ප්‍රතිපත්තිය ක්‍රියාවට නගන ක්‍රමවේදයන් ජනාධිපතිවරයාගෙන් ජනාධිපතිවරයාට වෙනස් විය හැකි වුණත් එය උල්ලංඝනය කිරීමට ඔවුන්ට හැකියාවක් නෑ.  ඒ නිසා ඔවුන් රටවල් අත්පත් කරගැනීම  බලහත්කාරයෙන් තමන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් වෙනත් රටවල නායකයන් නම්මා ගැනීම  ඉදිරියටත් සිදුවනු ඇත.

ජෝ බයිඩන් ට්‍රම්ට සාපේක්ෂව ඇමරිකානු ජනතාවට හොඳ චරිතයක් විය හැකියි.  හැබැයි  ඔවුන්ගේ විදෙස් ප්‍රතිපත්තිය වෙනස්කර  ජෝ බයිඩන්  ලෝකයෙන් සමාව අරගෙන  ඔවුන් යුදමය වශයෙන් අවනත කරගෙන සිටින රටවල් වලට නිදහස ලබාදීලා ස්වාධීන රාජ්‍යයන් ඇති කරගන්නට අවස්ථාව ලබා දීලා, තමන්ගේ හමුදාව ආපස්සට, තම රටට කැඳවයි කියලා අපට කල්පනා කරන්න බැහැ.

එනිසා  හැරිස්  මහත්මියගේ පෞද්ගලික සහකාරිය ශ්‍රී ලාංකික සම්භවයක් ඇති රෝෂනී ලක්ෂ්මි වීම  ලංකාවේ ජනතාවට කිසිදු වාසියක් අත්කර නොදෙන්නකි.

Share post:

Popular

More like this
Related

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...