35වන කොවිඩ් මරණයත් වාර්තා වෙයි – නව ආසාදිතයින් 283ක්

අද (08) දින 35වන කොවිඩ් මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට සුළු වේලාවකට පෙර නිවේදනය කර තිබේ.

මියගොස් ඇත්තේ 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කරන අවස්ථාවේ මියගොස් සිට ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී කොවිඩ් ආසාදිත බව තහවුරුව ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් 19 රෝගය සමඟ ඇතිවූ හෘදයාබාධයක් බව සඳහන් වේ.

මේ අතර අද සවස්වනවිට නව කොවිඩ් ආසාදිතයින් 283ක් වාර්තා වී තිබේ.

ඒ අනුව දැනට සක්‍රීය සියලු කොවිඩ් පොකුරුවලින් මේ වන විට වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 10,220ක් වේ.

අද වන විට මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 13,702ක් වන අතර ඉන් සුවය ලබා ඇති සංඛ්‍යාව 8285ක්. මේ වන විට ප්‍රතිකාර ගනිමින් සිටින ආසාදිතයින් සංඛ්‍යාව 5383 ක් වේ.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...