පුවත්පත් මණ්ඩලයේ සභාපති නමින් ‘ගෝඨාගෝගමට’ වැසිකිළි පද්ධතියක්

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට විරෝධය දක්වමින් ඇදී යන ජන අරගලයේ කොටසක් ලෙස කොළඹ ගාලු මුවදොර ඉදිකර ඇත ‘ගෝඨාගෝ ‘ ගම්මානයේ වැසිකිලි පද්ධතිය ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ නමින් නම් කර තිබේ.

ඒ අනුව මෙම වැසිකිළි පද්ධතිය නම් කර ඇත්තේ ‘මහින්ද පතිරණ ජාත්‍යන්තර වැසිකිළි සංකීර්ණය’ ලෙසයි.

කෙසේ වෙතත් මීට ප්‍රතිචාර දක්වමින් මහින්ද පතිරණ මහතා පවසන්නේ මෙම ක්‍රියාව තමන්ට සිදුකළ උපහාරයක් බවයි.

කලක පටන් තමන් ප්‍රතිවාදීන්ගේ අපවිත්‍ර දෑ දරා ගනිමින් ඒවායේ නොගෑවෙමින්, නොගැටෙමින් සිටින්නෙකු බව ඔහු පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ආණ්ඩුවේ සෑම ක්‍රියාවක් වෙනුවෙන්ම සමාජ ජාල තුළ කිසිදු හිරිකිතයකින් තොරව පෙනී සිටි පුද්ගලයෙක් ලෙස බොහෝ දෙනෙක් අතර කතා බහට ලක්වූවෙකි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...