පුවත්පත් මණ්ඩලයේ සභාපති නමින් ‘ගෝඨාගෝගමට’ වැසිකිළි පද්ධතියක්

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට විරෝධය දක්වමින් ඇදී යන ජන අරගලයේ කොටසක් ලෙස කොළඹ ගාලු මුවදොර ඉදිකර ඇත ‘ගෝඨාගෝ ‘ ගම්මානයේ වැසිකිලි පද්ධතිය ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ නමින් නම් කර තිබේ.

ඒ අනුව මෙම වැසිකිළි පද්ධතිය නම් කර ඇත්තේ ‘මහින්ද පතිරණ ජාත්‍යන්තර වැසිකිළි සංකීර්ණය’ ලෙසයි.

කෙසේ වෙතත් මීට ප්‍රතිචාර දක්වමින් මහින්ද පතිරණ මහතා පවසන්නේ මෙම ක්‍රියාව තමන්ට සිදුකළ උපහාරයක් බවයි.

කලක පටන් තමන් ප්‍රතිවාදීන්ගේ අපවිත්‍ර දෑ දරා ගනිමින් ඒවායේ නොගෑවෙමින්, නොගැටෙමින් සිටින්නෙකු බව ඔහු පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ආණ්ඩුවේ සෑම ක්‍රියාවක් වෙනුවෙන්ම සමාජ ජාල තුළ කිසිදු හිරිකිතයකින් තොරව පෙනී සිටි පුද්ගලයෙක් ලෙස බොහෝ දෙනෙක් අතර කතා බහට ලක්වූවෙකි.

Share post:

Popular

වෙනත් පුවත්

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...

‘තෝරෛ’ නවකතාව ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ඉල්ලයි!

තම්ල් ලේඛක ප්‍රදීප් ගුණරත්නම් ගේ 'තෝරෛ' නවකතාවේ යොදා ඇති...

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...