ගෑස් ටැංකි පිපිරීමට හේතුව

මෑත කාලයේ ගෑස් කාන්දු නිසා සිදුවන පිපිරීම් ගැන අසන්නට ලැබෙන්නේ ගෑස් සිලින්ඩරවල වායු සංයුතියේ වෙනස්කම් සිදුකර ඇති නිසා බවට මත පළවේ.

විශේෂඥයන් පවසන්නේ ප්‍රොපේන් 30% ක් පමණ සහ බ්‍යුටේන් 70% ක් වශයෙන් පැවති ශ්‍රී ලංකාවේ LP ගෑස් සිලින්ඩරයක සංයුතිය ප්‍රොපේන් 50% ක් සහ බ්‍යුටේන් 50% ක් ලෙස වෙනස් කර ඇති බවය.

මේ අනුව සිලින්ඩරය ශක්තිමත් වුවද ගෑස් සංයුතිය වෙනස් වුවහොත් ගෑස් පිටතට පැමිණිය හැකි බව ස්වභාවික වායු සහ ඛනිජ තෙල් ගවේෂණ ඉංජිනේරු නිමල් ද සිල්වා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ප්‍රොපේන් පීඩනය බ්‍යුටෙන් පීඩනය මෙන් 4 ගුණයක් බවය.

දෙරණ රූපවාහිනී නාලිකාව සමඟ පැවැත්වූ වැඩසටහනක අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ,

“ගෑස් පුරවලා ගේන සිලින්ඩරය ගොඩක් ශක්තිමත්. හැබැයි සිලින්ඩරයට හයිකරන වෑල්ව් එකයි, වෑල්ව් එකට උඩින් හයිකරන රෙගියුලේටර් එකයි කොයි විදියට ඩිසයින් කරලා තියෙනවාද කියලා අපි බලන්න ඕනේ. දැන් සිලින්ඩර් එකේ වෑල්ව් එක ඩිසයින් කරලා තියෙන්නේ ප්‍රෝපේන් 30%යි, බියුටේන් 70%ටනම්, ඒකට අපි ප්‍රෝපේන් වැඩිය දැම්මොත් ඒ වෑල්ව් එකට ඔරොත්තු දෙන්නේ නැතුව යන්න පුළුවන්. බියුටේන්වල පීඩනය අඩුයි. හැබැයි, ප්‍රෝපේන්වල පීඩනය බියුටේන්වල වගේ හතරගුණයක් වෙනවා. ඉතින් ඒ පීඩනයට මේ වැල්ව් එක ඔරොත්තු දෙනවාද? ඊළගට රෙගියුලේටර් එක. මේවා චෙක් කරන්න තියෙන ආයතන ප්‍රමිතිය හදලා තියෙනවා කියලා කියනවා. හැබැයි ඒවා ක්‍රියාත්මක කරනවාද? මම දැක්කා මේ මෑතකදි සිලින්ඩරයෙන්ම ගෑස් ලීක් වෙනවා. එතන වැරැද්ද තියෙන්නේ වෑල්ව් එකේ නේද? එතකොට අපි ඒ ගැන බලන්න ඕනේ. අපි බලන්න ඕනේ ඇයි වෑල්ව් එකෙන් ගෑස් ලීක් වෙන්නේ කියලා? පීඩනයේ තමයි මෙතන ප්‍රශ්ණය තියෙන්නේ. පීඩනය වෙනස් වෙන්නේ, සංයුතිය වෙනස් වුනොත් විතරයි“

Share post:

Popular

වෙනත් පුවත්

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...