ගෑස් ටැංකි පිපිරීමට හේතුව

මෑත කාලයේ ගෑස් කාන්දු නිසා සිදුවන පිපිරීම් ගැන අසන්නට ලැබෙන්නේ ගෑස් සිලින්ඩරවල වායු සංයුතියේ වෙනස්කම් සිදුකර ඇති නිසා බවට මත පළවේ.

විශේෂඥයන් පවසන්නේ ප්‍රොපේන් 30% ක් පමණ සහ බ්‍යුටේන් 70% ක් වශයෙන් පැවති ශ්‍රී ලංකාවේ LP ගෑස් සිලින්ඩරයක සංයුතිය ප්‍රොපේන් 50% ක් සහ බ්‍යුටේන් 50% ක් ලෙස වෙනස් කර ඇති බවය.

මේ අනුව සිලින්ඩරය ශක්තිමත් වුවද ගෑස් සංයුතිය වෙනස් වුවහොත් ගෑස් පිටතට පැමිණිය හැකි බව ස්වභාවික වායු සහ ඛනිජ තෙල් ගවේෂණ ඉංජිනේරු නිමල් ද සිල්වා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ප්‍රොපේන් පීඩනය බ්‍යුටෙන් පීඩනය මෙන් 4 ගුණයක් බවය.

දෙරණ රූපවාහිනී නාලිකාව සමඟ පැවැත්වූ වැඩසටහනක අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ,

“ගෑස් පුරවලා ගේන සිලින්ඩරය ගොඩක් ශක්තිමත්. හැබැයි සිලින්ඩරයට හයිකරන වෑල්ව් එකයි, වෑල්ව් එකට උඩින් හයිකරන රෙගියුලේටර් එකයි කොයි විදියට ඩිසයින් කරලා තියෙනවාද කියලා අපි බලන්න ඕනේ. දැන් සිලින්ඩර් එකේ වෑල්ව් එක ඩිසයින් කරලා තියෙන්නේ ප්‍රෝපේන් 30%යි, බියුටේන් 70%ටනම්, ඒකට අපි ප්‍රෝපේන් වැඩිය දැම්මොත් ඒ වෑල්ව් එකට ඔරොත්තු දෙන්නේ නැතුව යන්න පුළුවන්. බියුටේන්වල පීඩනය අඩුයි. හැබැයි, ප්‍රෝපේන්වල පීඩනය බියුටේන්වල වගේ හතරගුණයක් වෙනවා. ඉතින් ඒ පීඩනයට මේ වැල්ව් එක ඔරොත්තු දෙනවාද? ඊළගට රෙගියුලේටර් එක. මේවා චෙක් කරන්න තියෙන ආයතන ප්‍රමිතිය හදලා තියෙනවා කියලා කියනවා. හැබැයි ඒවා ක්‍රියාත්මක කරනවාද? මම දැක්කා මේ මෑතකදි සිලින්ඩරයෙන්ම ගෑස් ලීක් වෙනවා. එතන වැරැද්ද තියෙන්නේ වෑල්ව් එකේ නේද? එතකොට අපි ඒ ගැන බලන්න ඕනේ. අපි බලන්න ඕනේ ඇයි වෑල්ව් එකෙන් ගෑස් ලීක් වෙන්නේ කියලා? පීඩනයේ තමයි මෙතන ප්‍රශ්ණය තියෙන්නේ. පීඩනය වෙනස් වෙන්නේ, සංයුතිය වෙනස් වුනොත් විතරයි“

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...