Breaking News

වාර්තාගත මරණ ප්‍රමාණය ලක්ෂ දෙකයි, සැබෑ තත්ත්වය මෙය නොවේ

කොරෝනා වසංගතය පසුගිය දෙසැම්බරයේ චීනයේ වුහන් වලින් ආරම්භ වූ දා සිට ලොව පුරා කොරෝනා වයිරසයට ගොදුරු වුන ප්‍රමාණය 2 900 000 ඉක්මවා ගිහින් තියනවා .අද අප්‍රේයල් 25 වනදා වනවිට මරණ 202 000 ඉක්මවා ගියා .සුවය ලබා ඇති පිරිස 825 400 වැඩියි . මේ මරණ වලින් අඩකට වඩා එක්සත් ජනපදයෙන් 53 300 , ස්පාඤ්ඤයෙන් 22 950 ප්‍රන්සයෙන් 22 615 සහ ඉතාලියෙන් 26 384 ලෙස වාර්තා කර තියනවා . පවතින තත්වය අනුව ඉදිරි දිනවලදී මිලියන 3 ක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන්න පුලුහන් .

මෙම රෝගයට සම්බන්ධ පළමු මරණය 2020 ජනවාරි 10 වන දින චීනයේ හුබෙයි පළාතේ වුහාන්හිදී වාර්තා වෙනවා . පළමු මරණ 100,000 පසු කිරීමට දින 91 ක් ගත වුනත් මරණ 200,000 සඳහා ගතවී තියෙන්නේ දින 16 පමණයි . සංසන්දනාත්මකව බලන කල, ලොව දරුණුතම බෝවන රෝගවලින් එකක් වන මැලේරියාවෙන් වාර්ෂිකව මරණ 400,000 ක් වාර්තා වේනවා .

පසුගිය දින 10 තුළ ගෝලීය මරණ සංඛ්‍යාව දිනකට 3-4% ක අනුපාතයකින් අසිදු වි තියනවා .

එක්සත් ජනපදයේ වාර්තා වී ඇති මරණ අනුපාතය 8% ක් ද ස්පාඤ්ඤය හා ඉතාලියේ රෝගීන්ගෙන් 10% කට වඩා වැඩි සංඛ්‍යාවක් මරණයට පත් වූ බව වර්තවෙනවා

කෙසේ වෙතත් බොහෝ රටවල සාත්තු නිවාසවල සහ රෝහල්වලින් පිටත ස්ථානවල වාර්තා වී ඇති මරණ මේ මොකොතේ ප්‍රසිද්දියට පත්කරන වාර්තාවලට ඇතුළත් නොවීම නිසා සැබෑ මරණ සංඛ්‍යාව මිට බොහෝ ඉහල අගයක ඇති බව තමයි අනුමාන කරන්නේ .

leave a reply