Breaking News

සංසෝධනයට ලක්වන ඉතාලියේ ආරක්ෂක නීතිය යටතේ සිදුවෙන වාසි ආවසි

තීමස් විජිත්

2018 මාර්තු 4 පැවති මහමැතිවරණයෙන් පසුව ඉතාලියේ මුලින්ම පිහිටවූ ලේග සහ තරු පහ අතර පිහිටුවූ සමගි ආණ්ඩුවෙන් කල ප‍්‍රධාන කටයුත්තක් වූයේ ආරක්ෂක ගිවිසුම නමින් නීතියක් සම්මත කිරීමයි. එය සංක‍්‍රමණිකයින් පීඩාවට පත්කල ඔවුන්ගේ අයිතීන් විශාල ප‍්‍රමාණයක් කප්පාදු කල එකක් විය. එතැන් පටන් එය මහජන විරෝධයට ලක්වූ අතර විවිධ පාර්ෂව එයට එරෙහිව ගෙනගිය විරෝධය හමුවේ වත්මන් ආණ්ඩුව එයට සංසෝධන ප‍්‍රමානයක් එකතු කිරීමට නැවතත් ඔක්තෝබර් 6 වන දින පාර්ලිමේන්තුවට නව සංසෝධන කෙටුම්පතක් ඉදිරිපත් කර ඇත.

ඒ අතර ජාත්‍යන්තර මුහුදේ විපතට පත්වන සංක‍්‍රමණිකයින් ගලවා ගැනීමට රටවල් ගනනාවක මූලික්ත්වයෙන් යොදවා තිබෙන නව්කා වලට පනවා තිබූ විවිධ බාධා කිරීම් සහ අධික දඩ පැනවීම් සීමා කිරීමට යෝජනා ඉදිරිපත් කර ඇත. එහිදී කිසිදු දැනුම්දීමකින් තොරව ඉතාලි වරායකට ඇතුලූ වුවහොත් වසර දෙකක සිරදඩුවමක් සහ යුරෝ පනස්දහසක දඩයකට යටත්කිරීමක් දක්වා එය ලිහිල් කිරීමට යෝජනා කර ඇත. ඊට පෙර දැනුම් දීමක් සිදුකර හෝ ඇතුල් වීමට අවසර නොතිබූ අතර දඩ මුදලද විශාල විය.

ඉතාලියට ඇතුලූ වන සියලූ දෙනා වෙනුවෙන් දේශපාලන රැකවරණ ඉල්ලීමේ අවස්ථාව/ජාත්‍යන්තර රැකවරණ ඉල්ලීමේ අවස්ථාව/මානුෂීය රැකවරණ ඉල්ලීමේ අවස්ථාව විශේෂ රැකවරණ ලබාදීම හා ප‍්‍රතික්ෂේපවන අයදුම් කරුවන් පිටුවහල් නොකර වසර පහක් යනතුරු ඉතාලියේ රැඳීසිටීමේ අවස්ථාව ඇතුලූ ලබාදී තිබූ අයිතීන් සල්වීන් මායෝ ආණ්ඩුව ගෙනා ආරක්ෂිත ගිවිසුම මගින් සංසෝධනයට ලක්කරණ ලදී. එමගින් මාණුෂීය රැකවරණය ඉවත්කල අතර ප‍්‍රතික්ෂේපිත අයදුම් කරුවන් වහාම පිටුවහල් කිරීමද ඇතුලත් කරණ ලදී. එමේන්ම දේශපාලන රැකවරණ ඉල්ලූම් කරුවන්ට අදාල ප‍්‍රාදේශීය බලප‍්‍රදේශය තුල ලියාපදිංචි සහතික නිකුත් කිරීම අත්හිටුවීමද ඇතුලූ බාධා රැසක් ගෙන එන ලදී.

නව සංසෝධනය මගින් එවන් බාධා රැසක් ඉවත්කිරීමට යොජනා කර ඇත. ඒවා අතර
x පදිංචිය ලියාපදිංචි කිරීමටත් ඒ අනුව වසර 3ක සීමාවකට යටත්ව හැඳුනුම්පතක් ලබාදීම.
x කුමන හෝ තත්වයක් යටතේ නිකුත්කල පෙර්මෙස්සෝදි සෝජෝර්නෝවක් (වීසා) රැකියාවක් කිරීමට හැකි සර්ජෝර්නෝවක් බවට පරිවර්තනය කරගැනීමේ අවස්ථාව.                                                                                                                                                                                        x වංචා සහගත ලෙස දේශපාලන රැකවරණ ඉල්ලා ප‍්‍රතික්ෂේපවන අයදුම් කරුවන් නැවත පිටුවහල් කිරීම වෙනුවෙන් පනවා තිබූ දින 180 කාලය දින 90 දක්වා අඩු කිරීම මගින් පිටුවහල් කිරීම අවම කිරීමට කටයුතු කිරීම.
x එසේ ප‍්‍රතික්ශේපිත අයදුම් කරුවන්ට නැවත රැකවරණ මධ්‍යස්ථනයකට ඇතුල්වීමට නොහැකි ලෙස පනවා තිබූ නීතිය අහෝසි කර නැවත ඔවුන්ට රැකවරණ ලබා දීම හා වසර පහක් යනතුරු මානුෂීය පදනම යටතේ ඉතාලියේ රැඳී සිටීමේ අවස්ථාව ලබාදීම.
x ඉතාලි පුරවැසිභාවය සඳහා ඉදිරිපත් කල ඉල්ලූම් පත් සම්බන්දයෙන් පිලිතුරක් නොමැතිනම් වසර තුනක් ඉකුත්වූ පසුව ඒ පිලිිබඳ සොයා බැලීමට ලබා දී තිබූ අයිතිය වසර හතරක් යනතුරු නොහැකි ලෙස සලිවීනි නීතියෙන් පනවා තිබූ බාධාව ඉවත්කර නැවත වසර තුන දක්වා අඩු කිරීමත් මෙයින් යෝජනා කර ඇත.

මෙම සංසෝධනයට පක්ෂ විවිධ සංවිධාන හා දේශපාලන පක්ෂ වල අදහස වන්නේ තව දුරටත් සංක‍්‍රමණිකයින් වෙනුවෙන් අයිතිවාසිකම් ලබා දිය යුතු බවයි. පාර්ලිමේණ්තුවට ඒ වෙනුවෙන් යෝජනා ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් ඔවුන් විසින් ප‍්‍රකාෂ කර ඇත. ඒ අනුව විවාදයට භාජනයවී ඇති මෙය කුමන සංසෝධන සහිතව සම්මතවී නීතියක් බවට පත්වේවිද යන්න අවධානයෙන් යුතුව පසුවන අප ඒ පිතිබඳව ඉදිරියේදී දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙමු.

ඒ වගේම ඔක්තෝබර් 12 නිකුත් කල ගැසට් පත‍්‍රය මගින් එලිදැක්වූ ඔක්තෝබර් 13 දින සිට කොටස් වශයෙන් ඉල්ලූම්පත් කැඳවීම ආරම්භකල 2020 වසර සඳහා යුරෝපා සංගමයෙන් පරිබාහිර රටවල අයවලූන් සඳහා ක්ෂේත‍්‍ර කීපයකට සීමා කර ස්ථීර හා තාවකාලික පදනමින් ඉතාලි රැුකියා අවස්ථාවන් ලබාදීමේ ෆ්ලූස්සි නීතිය පිතිබඳවද ඉදිරි ලිපියකින් ඔබ දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙමු.

තීමස් විජිත්

leave a reply