ඉන්දියාව චීනය අතර යුධමය ආතතිය වැඩි වෙන ලකුණු, රුසියාවෙන් ආයුධ මිලට ගැනීමට සූදානම්

Date:

ඉන්දීය ආරක්ෂක ඇමති රාජ්නාත් සිං සඳුදා රුසියාවේ තෙදින සංචාරයක් සඳහා පිටත්ව ගියේ ජුනි 24 හෙට මොස්කව් නුවර පැවැත්වෙන 75 වන ජයග්‍රාහී දින පෙළපාළියට සහභාගී වීමට සඳහා මෙන්ම දේරට අතර සබඳතා තර කර ගැනීමේ අරමුණ ඇතිව බව විදෙස් මාධ්‍ය පවසනවා. එ වගේම මෙම උත්සවයට චීන ආරක්ෂක අමාත්‍ය වී ෆෙන්ගේ ද සහභාගී වීමට ඉඩ ඇති බව වසන විදෙස් මාධ්‍ය මේ මොහොතේ ඉන්දියාව සහ චීනය අතර හටගෙන ඇති ආතතිය හේතු කොටගෙන රුසියානු සබඳතා තර කර ගැනීම සඳහා දෙපාර්ශවයම ්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් මේ දෙපාර්ශවයේම අරමුණ රුසියාවෙන් යුද අවි මිලදී ගැනීම බවද ඔවුන් වැඩිදුරටත් පවසා සිටිනවා.

S-400 ගුවන් ආරක්ෂක මිසයිල පද්ධති කඩිනමින් ලබා දෙන ලෙස රුසියාවෙන් ඉල්ලා සිටීමට ඉන්දියාව සලකා බලමින් සිටින බවත් කොරෝනා වයිරස් වසංගතය හේතුවෙන් 2021 දෙසැම්බර් දක්වා දෙපාර්ශවය අතර සිදුවීමට තිබුණු අවි ගනුදෙනුව ප්‍රමාද කිරීමට රුසියාව කටයුතු කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇති බවත් එහි වැඩිදුරටත් පවසා තියෙනවා.මේ අවි ගනුදෙනුව සඳහා ඉන්දියාව ඩොලර් බිලියන 5.4 (යුරෝ බිලියන 4.8) වැය කිරීමට සූදානම්ව සිටින බවත් ඉන්දීය ආරක්ෂක ඇමති රාජ්නාත් සිං සඳුදා රුසියාව කරා පිටත්ව යන්නේ එම අවි ගනුදෙනුවේ සාර්ථකත්වය ළඟා කර ගැනීමට බවයි වාර්තා වෙන්නේ.

එම සැලසුමට අනුව ඉන්දියාව විසින් රු-ප්‍රහාරක ගුවන් යානා 33 ක් මිලදී ගැනීමට සැලසුම් කර ඇති අතර ඊට 30MKI 12 සහ MiG-29 21 ඇතුලත් වෙනවා. කෙසේ වෙතත් ඉන්දියාව සහ චීනය අතර තිබෙන සබඳතා වලට වැඩි ශක්තිමත් සබඳතාවයක් රුසියාව සහ චීනය අතර ඇති පසුබිමක විදෙස් වාර්තා සනාථ කරන්නේ දැනටමත් චීනය විසින් S -400 ගුවන් ආරක්ෂක මිසයිල පද්ධති මොස්කව් වෙතින් ලබාගෙන ඇති බවයි .

Share post:

Popular

More like this
Related

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...