වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට අනෙක් පුද්ගලයා බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇත.

වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට අනෙක් පුද්ගලයා බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇත.
ගලෙන්බිඳුණුවැව කොකාවැව පොලිස් වසමට අයත් අලුත් දිවුල්වැව වැව් ඉස්මත්තේ ගවයන් බලා ගනිමින් සිටි පුද්ගලයෙකුට සහ අලුත් දිවුල්වැව වැවේ ධීවර රැකියාවේ නිරතව සිටි පුද්ගලයෙකුට වන අලි ප්‍රහාරයක් සිදුව තිබෙනවා.මෙම වන අලි ප්‍රහාරයෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනෙක් පුද්ගලයා බරපතළ තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

මෙලෙස වන අලි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගලෙන්බිඳුණුවැව දිවුල්වැව වැව් ඉස්මත්තේ ගවයන් බලා ගැනීමේ රැකියාවේ යෙදී සිටි මාවතගම ප්‍රදේශයේ පදිංචි දිසානායක මුදියන්සේලාගේ සරත් දිසානායක නමැති වයස අවුරුදු 55ක පුද්ගලයෙකි.

බරපතළ තුවාල ලැබූ අනෙක් පුද්ගලයා ගලෙන්බිඳුණුවැව රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.මෙලෙස බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇත්තේ අලුත් දිවුල් වැවෙහි ධීවර රැකියාවේ යෙදී සිටි ගැටලාව ගලෙන්බිඳුණුවැව ලිපිනයේ පදිංචි සුදේෂ් චන්දන නමැති වයස අවුරුදු 42 ක පුද්ගලයෙකි.

මෙම අවස්ථාවේ සිද්ධිය පිළිබඳ විමර්ශන කටයුතු සඳහා පැමිණි ගලෙන්බිදුනුවැව පොලිස් නිළදාරීන් සහ ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවුණා. අලියා ප්‍රදේශයෙන් පලවා හරින තෙක් මෘත ශරීරය රැගෙන යාමට ඉඩ නොදෙන බව ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළා.එම අවස්ථාවේදී ගලෙන්බිදුනුවැව පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොකාවැව පොලිස් ස්ථානය මගින් සිදුකරනු ලබනවා.

පසුගිය දින හතක් ඇතුළත ගලෙන්බිදුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ වන අලි පහරදීම් හතරක් සිදුව ඇති , වනජීවී නිලධාරියෙකු ඇතුළු දෙදෙනෙකු මියගිය අතර තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමත් ප්‍රදේශය තුළ අක්කර තිහකට ආසන්න කුඹුරු වගාවන් ඇතුළු වගාවන්ට ැසක් විනාශ කොට තිබීම විශේෂත්වයක්..

Share post:

Popular

වෙනත් පුවත්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...

“කදුුලැස්ස නිහඞ නැත” සරත් මුණසිංහ ආරචිචි ගේ නවතම කෘතිය

ප්‍රවීණ සාහිත්‍යවේදී සරත් මුණසිංහ ආරචිචි විසින් රචිත නවතම කෘතිය...

අනුරගෙන් තවත් පොරොන්දු කන්දක්

වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක කාලය සම්පූර්ණ වීම...

අඩු වැටුප්වලට අමතරව විරැකියාවෙනුත් අපි ඉදිරියෙන්

මෙරට අවුරුදු 15ත් 24 ත් අතර වයස් කාණ්ඩයේ සිටින...