ජීවත්වීමට උපාධි හෝ විභාගම අවශ්‍ය නැත.

Date:

මෑතකාලීනව එය වඩා හොඳින් තහවුරුකළ තැනැත්තිය ප්‍රියමාලිය.මහාචාර්ය උදන්ත අබේරත්න මුළු මිනිස් සංහතියටම අදාළ කැස්සෙන් අට අනූවක් රෝග හඳුනාගත හැකි උපාංගයක් හඳුන්වා දෙද්දී එ ගැන ලංකාවේ අපේ උනන්දුව හා අවධානය අල්පය.
නමුත් රුවෙන්,කතාවෙන් රටක් හොල්ලන්න එකඳු උපාධියක් නැති ප්‍රියමාලි සමත් වූවාය.

ප්‍රියමාලී අපූරු පාඩමක් උගන්වයි.හැකියාව යනු විභාග හෝ උපාධි නොවේ.එසේම උගත් යනු බුද්ධියම නොවේ.

මන්ද ප්‍රියමාලී තම හැකියාවෙන් රැවටුවේ නිකම්ම අය නොවේ.නමගිය උගතුන්‍ ය.සියල්ල අතහැරියායැයි කියාගන්නා නාමමාත්‍ර සිල්වතුන් ය.සමස්තයක් ලෙස මුළු රටක ආර්ථික ,සමාජ,සංස්කෘතික පර්‍යායට පහර දෙන්නට ඈ සමත් වූවාය.

ඇගේ හැකියාව විශිෂ්ඨය.එය සම්මත අයුරින් යෙදෙව්වානම් ප්‍රියමාලි යනු සහතිකවලින් කොටු නොවුනු අපූරු ව්‍යවසායිකාවකි.

ලංකාවේ බොහෝ ව්‍යවසායකයෝ ,නිර්මාණකවෝ සහතික නොලත් උගත්හුය. සහතික සහිත බොහෝ උගතුන් යම් යම් හැසිරීම් අතින් අමුතුය.රසායන විද්‍යා ,ජීව විද්‍යා හැදෑරූ බොහෝ උගතුන් තාරකා විද්‍යාවට යටත්‍ ය.අතිශය මුදල් උපයන විශේෂඥයෝ මුදල් පරිපාලනයේදී හොරුන්ට යටත්ය.දේශපාලන විද්‍යා විශේෂඥයෝ ,ආර්ථික විද්‍යා විශේෂඥයෝ බොහෝ අය සැබෑ තත්වයන්හිදී ළඳරුවෝය.

තවදුරටත් ලංකාවේ අධ්‍යාපනය හා මැනුම ගැන මේ අනුව තෘප්තිමත් විය නොහැකි ය.කටපාඩම් න්‍යායික අධ්‍යාපනය සාමාන්‍ය ජීවත හා නොගැළපෙනු ඇත.

ප්‍රියමාලිලා වන් දක්ෂයින් රටේ ඕනෑතරම් සිටී.ප්‍රයෝජනයට ගත යුත්‍තේ එවන් පුද්ගලයන් සතු සැඟවුණු දක්ෂතාවයයි.තවදුරටත් ධූරාවලීගත රැකියා ලෝකයක් තුළ අතරමං වන ආර්ථිකයක් අවශ්‍ය නැත.අපි මිනිසුන්ගේ බහුවිධ හැකියා මෙන්න රටපුරා පැතිරි බහුවිධ සම්පත් පිළිබඳ අවධානයක් අවශ්‍ය වන්නේ මේ නිසාය.

ප්‍රියමාලී මහාචාර්ය උදන්ත අබේරත්නයන්ට වඩා ජනප්‍රිය කරවන සංස්කෘතිය ප්‍රියමාලිලා තවත් වැරදි අයුරින් පැතිරීමට බලපායි.ලංකා සංස්කෘතියේ කොඳුඇට පෙළ ආර්ථික හා අධ්‍යාපන වෙනස්කම් තුළින් සවිමත් වෙනස් විය යුතු නැද්ද ?

මුළු ජීවිතකාලයම ඉගෙන ගත්තාට එය ජීවත් වීමට නොගැලපෙයි නම් ඊට වඩා මා මෙන් ගෙවතුවගාව හෝ කර සතුටුවීම හා ආර්ථිකය හය්යකරගැනීම වැදගත් නොවේද???

Share post:

Popular

More like this
Related

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...