Breaking News

ජාතිය අමතන්න පෙර රටට ජාතිකත්වයන්ට ආදරය කරන හැටි මේ ගැහැනියගෙන් ඉගෙන ගනින් ගෝඨා

“මට මගේ රට වැස්සන්ගේ ජීවිත සමග පර්යේෂණ කිරීමට හෝ අත්හදා බැලීමට හෝ අවශ්‍ය නැත.. මේ තීරණාත්මක අවස්ථාවේ දී ලොව පුරා බොහෝ රටවල් වලින් ඩෙල්ටා ප්‍රභේදය හමුවේ ලොව බොහෝ රටවල් අසරණව සිටින අයුරු අපි අත් දුටුවෙමු.. ඩෙල්ටා ප්‍රභේදය හි භයානක කම අප හොඳින්ම දැන් දන්නා නිසා එය සමඟ සෙල්ලම් කිරීමට හෝ සුළු හෝ අවදානම් දැරීමට හෝ අප සූදානම් නොවිය යුතුය… අප වෙනත් රටවල් වලින් පාඩම් ඉගෙන ගැනීමට තරම් නිහතමානී විය යුතුය…
රට වසා තැබීමෙන් ආර්ථික වශයෙන් හා සමාජීය වශයෙන් හානියක් සිදුවිය හැකි නමුත් අප මඳක් ඉවසීමෙන් රට වසා දමා වෛරසය පරාජයට පත් කිරීම සඳහා සැලසුම් සකස් කිරීමට කාලය ලබා ගනිමු…

රට වසා දැමීම ඉතා බැරෑරුම් හා තීරණාත්මක අවස්ථාවක්ය..එය ඔබ දැඩි ලෙස පීඩාවට පත් කරන සිදුවීමක් බව මම දනිමි …එහෙත් රටේ රාජ්‍ය නායකයා ලෙස මගේ යුතුකම බේරාගත හැකි සෑම මනුෂ්‍ය ජීවිතයක් බේරා ගැනීමට කැපවීමයි..

මා මේ තීන්දු තීරණ සියල්ල ගනු ලබන්නේ මගේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යාඥ ලබා දෙන උපදෙස් වලට අනුව ය.. එම ලබා දෙන උපදෙස් වලට අනුව මගේ රටේ ජනතාව ආරක්ෂා කිරීමට බැඳී ඇත… සෞඛ්‍ය උපදේශන වලට පිටින් දේශපාලනය කිරීමට මා සූදානම් නැත… කොරෝනා මර්දනය කිරීමේ සම්පූර්ණ වගකීම වසංගත රෝග විද්‍යා අංශය මගින් ඉටුකරනු ලබයි….

වසංගත රෝග විද්‍යාවේ මූලික සිද්ධාන්තයන් අඛණ්ඩවම අනුගමනය කිරීමට අප මේ අවස්ථාවේ සූදානම් විය යුතුය ..සැක සහිත රෝගීන් හඳුනා ගැනීම, ඔවුන් පරීක්ෂණ වලට ලක් කිරීම , පරීක්ෂණ සිදු කරන වේගය වැඩි කිරීම, ඔවුන්ගේ ආශ්‍රිතයන් හඳුනා ගැනීම, ඔවුන් නිරෝධායනයට යොමුකිරීම, රෝග ලක්ෂණ සහිත පුද්ගලයන්ට වෛද්‍ය ප්‍රතිකාර කිරීම ,සහ පසු විපරම් කිරීමේ වැඩපිළිවෙළක් අපගේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉතා කාර්යක්ෂම ලෙස සිදුකරගෙන යයි…
රොගය රට පුරා ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කොට ඇත.. කෙසේ වුවත් වෛරසය නිරන්තරයෙන් වෙනස් වීම්වලට ලක්වන නිසා අප ගනු ලබන ක්‍රියා මාර්ග සමහර විට වැරදි යාහැක..

අවදානම් කණ්ඩායම් හදුනාගෙන වයස අවුරුදු 60ට වැඩි ප්‍රමුඛතා දැන කොටස් සඳහා පළමුව එන්නත ලබාදීමේ වැඩපිළිවෙලක් අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර සෙසු වයස් කාණ්ඩයන් සඳහා එන්නත ලබාදීම සිදු වන්නේ පළමු අදියර සම්පූර්ණ කිරීමෙන් පසුවය… මක්නිසාදයත් එන්නත ලබා දීමේදී ප්‍රමුඛතාව ලබා ගත් දිය යුත්තේ ඩෙල්ටා ප්‍රභේදයෙන් වැඩිම හානියක් සිදුවන ජන කොට්ඨාසයට මිස සමස්ත ජනගහනය ම විද්‍යාත්මක පදනමකින් තොරව එන්නත් කොට කරනකොට සංඛ්‍යාත්මක දත්ත වලින් සම්පූර්ණ කිරීමට නොවේ…

එන්නත් කරණයේදී ගුණාත්මක බව රැකෙන ලෙස කටයුතු කිරිමත් ජනතාව නියමිත කාලසීමාව තුළදී ඔවුන්ගේ කාලය නාස්ති කිරීමකින් තොරව එන්නත් කරනු ලබා දීමටත් මාගේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉතා සාර්ථක වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරයි…

මා සෑම දිනකම දවසට දෙවරක් මගේ ෆේස්බුක් පිටුව හරහා ඔබ හමු වීමටත් රටේ පවතින සැබෑ තත්ත්වය සම්බන්ධයෙන් ඔබ සමග සාකච්ඡා කිරීමටත් ඔබේ ගැටලුවලට මුහුණ දීමටත් ඒවාට පිළිතුරු ලබාදීමට මම නිරන්තරයෙන් ඇපකැප වී ඇත..

මේ තීරණාත්මක අවස්ථාවේදී අප ජාතියක් ලෙස එක්ව කටයුතු කිරීමෙන් මෙම අභියෝගය ජය ගත හැකි වෙතැයි මම විශ්වාස කරමි.. රාජ්‍ය නායකයින්ගේ යුතුකම ජනතාව පීඩාවට පත්වන අවස්ථා වල දී ඔවුන්ට අවශ්‍ය කරන උපරිම සහනය ලබාදීම සඳහා නායකත්වයහි ප්‍රඥාගෝචර බුද්ධිය යෙදවීමයි….”
මේ තමයි නවසීලන්ත අගමැතිනිය මීට දින තුනකට පෙර නවසිලන්තයේ කොවිඩ් මර්දන වැඩසටහන අලූත්ම තත්ත්වය සම්බන්ධයෙන් කළ ජාතිය ඇමතිම…

උපුටා ගැනීමකි 
(පරිවර්තන සටහන; වෛද්‍ය චමල් සංජීව)

leave a reply