කොවිඩ් ගැටළු ගැන මාධ්‍යයට කියන්න එපා, මට කියන්න – ජනාධිපති කොවිඩ් මර්දන කාර්ය සාධන බලකායට කියයි

රජයේ නිලධාරීන් හා වෙනත් වගකිවයුතු නිලධාරීන් අනවශ්‍ය ලෙස මාධ්‍ය සාකච්ඡා පවත්වමින් කොරෝනා පිළිබඳව ජනතාව තුළ අනියත බියක් ඇති කිරිමට කටයුතු නොකළ යුතු බවත් යම් ප්‍රශ්නයක් ගැටලුවක් වේ නම් ඒ ගැන සෘජුවම තමාට දැනුම් දීම වඩා වැදගත් බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

මෙතෙක් තමා තීරණ ගනු ලැබුවේ ද ඉදිරියට තීරණ ගනු ලබන්නේ ද වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව යැයි පැවසූ ජනාධිපතිවරයා ජනතාව වෙනුවෙන් ඕනෑම නිවැරදි තීරණයක් ගැනීමට තමා පසුබට නොවන බව ද පවසා තිබේ.

ජනාධිපතිවරයා මෙසේ පැවසූවේ කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේ දී ඊයේ( 21) පෙරවරුවේ පැවති සාකච්ඡාවේ දී ය.

වසංගතය පාලනය කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් පිළිපැදීම ජනතාවගේ වගකීම සහ යුතුකම බවද ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

මෙම සාකච්ඡාවට සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි, ගාමිණි ලොකුගේ ජොන්ස්ටන් ප්‍රනාන්දු ,බන්දුල ගුණවර්ධන,නාමල් රාජපක්ෂ රමේෂ් පතිරණ ප්‍රසන්න රණතුංග සහ රෝහිත අබේගුණවර්ධන යන ඇමැතිවරු ද කොරෝනා මර්ධන රාජ්‍ය ඇමැතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ද ශශේන්ද්‍ර රාජපක්ෂ ,මහාචාර්ය චන්න ජයසුමන යන රාජ්‍ය ඇමැතිවරු ද පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ ජනාධිපති උපදේශක ලලිත් වීරතුංගයන අයද යුද හමුදාපති ශවේන්ද සිල්වා ඇතුළු හමුදා ප්‍රධානීහු ද සෞඛ්‍ය අංශ ප්‍රධානීහු ද සහභාගී වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසා තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...