ඉතාලිය තුළ කොරෝනා වසංගත අවදානම නැවතත් ඉහළ යයි

ඉතාලියේ ගෙවුන පැය 24 තුළ නව ආසාදන 642 ක් වර්තා වෙනවා. ඊයේ එය 403 ක් විය. පසුගිය පැය 24 තුළ මිය ගිය ගණන 7 කි .

වසංගතයේ ආරම්භයේ සිට ඉතාලියේ මුළු කොවිඩ් -19 රෝගීන් සංඛ්‍යාව 255,278 දක්වා ඉහළ ගොස් ඇති අතර මියගිය සංඛ්‍යාව 35,412 කි . රෝගයෙන් සුවය ලැබූ පුද්ගලයින්ගේ වර්ධනය පසුගිය පැය 24 තුළ 364 ක් වූ අතර , සුවය ලැබූ මුළු සංඛ්‍යාව 204,506 කි .

දැනට ධනාත්මකව සිටින අයගෙන් 66 ක් දැඩි සත්කාර ඒකකයේ පසුවෙන අතර 866 දෙනෙකු රෝග ලක්ෂණ සහිතව රෝහල් ගත කර ඇති අතර බහුතරයක් වූ 14,428 ක් රෝග ලක්ෂණ නොමැතිව හෝ මෘදු රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් නිවෙස් තුල නිරෝදයනය වී සිටිති.

පසුගිය මාස කිහිපය තුළ ලිහිල් කර තිබුණු කොරෝනා වසංගත නීතිරීති නැවතත් පැනවීමට ඉතාලි රජය කටයුතු කර තිබෙනවා. ප්‍රසිද්ධ ස්ථාන වල මුඛ ආවරණ පැළඳ නොසිටියහොත් යුරෝ හාරසීය සිට 3000 දක්වා දඩ ගැසීමට ආරක්ෂක අංශවලට පුළුවන්කම තිබෙන අතර පවුලේ උදවිය නොවෙන තුන් දෙනෙකුට වැඩිය ආසන පහේ රථයක ගමන් කිරීමට නොහැකිය .

පසුගිය සතියේ දිනපතා කොරෝනා ආසාදීත වාර්තාව

අගෝස්තු /19 ආසාදීතයන් 642
අගෝස්තු /18 ආසාදීතයන් 401
අගෝස්තු /17 ආසාදීතයන් 320
අගෝස්තු /16 ආසාදීතයන් 477
අගෝස්තු /15 ආසාදීතයන් 629
අගෝස්තු /14 ආසාදීතයන් 574
අගෝස්තු /13 ආසාදීතයන් 522

Share post:

Popular

වෙනත් පුවත්

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...