ජාතික ජන බලවේගය බේරුවල නගර සභාවේ බලය සමගි ජන බලවේගය සමඟ එක්ව පිහිටුවා තිබේ.
නගර සභාවේ නගරාධිපති ලෙස වැඩි ඡන්දයෙන් තේරී පත්වුණේ ජාතික ජන බලවේගයේ මොහොමඩ් අසාහිර් මොහොමඩ් මාබාසිම් වේ. උප නගරාධිපති ලෙස සමගි ජන බලවේගයේ විමලසිරි සිල්වා පත්වී තිබේ.
බේරුවල නගර සභාවේ පළමු රැස්වීම් ජුනි 19 වනදා පැවැත්වීමට නියමිතව තිබුණ ද එය අවලංගු කෙරුණේ අධිකරණ නියෝගයකට අනුවයි.
නගරාධිපතිවරයා තෝරා ගැනීම අධිකරණ තීන්දුවට අනුව සිදුකළ යුතු වූ අතර අධිකරණය නියෝග කළේ පළාත් කොමසාරිස්වරිය මීට පෙර ක්‍රියා කළ ආකාරයටම කටයුතු කළ යුතු බවයි.
ඒ අනුව නගරාධිපතිවරයා තෝරා ගැනීම සිදුකළ යුත්තේ රහසිගත ඡන්ද විමසීමක්ද විවෘත ඡන්ද විමසීමක් ද යන්න තීරණය කිරීම පිළිබද ඡන්ද විමසීම පැවැත්වුණි.
එහිදී තීරණය වූ පරිදි විවෘත ඡන්ද විමසීමක් සිදුකෙරුණු අතර සමගි ජන බලවේගයේ සහය ලබාගෙන ඡන්ද 9ක් ලබා ගනිමින් ජාතික ජන බලවේගයේ මොහොමඩ් අසාහීර් මොහොමඩ් මාබාසිම් නගරාධිපති ධුරයට පත්විය.
බේරුවල නගර සභාවේ වැඩිම මන්ත්‍රීධූර සංඛ්‍යාවක් එනම් මන්ත්‍රී ධූර 7ක් හිමිවූවේ ස්වාධින කණ්ඩායමකටයි. සමගි ජන බලවේගයට මන්ත්‍රී ධූර 06ක් හිම්විය. ජාතික ජන බලවේගයට හිමිවූවේ මන්ත්‍රී ධූර 3ක් පමණි.
ස්වාධීන කණ්ඩායමේ සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් නගරාධිපති තනතුරට සටන් වැදුනි. එහිදී සමගි ජන බලවේගයේ සහයෙන් ජාතික ජන බලවේගය බලය පිහිටුවා තිබේ.