විශ්වවිද්‍යාල අධ්‍යාපනය එක්ක හැංගිමුත්තන් කරයි ආණ්ඩුව

පාසල්, පෙරපාසල් පවා ආරම්භ කර ඇති තත්ත්වයක් තුළ විශ්වවිද්‍යාල පමණක් වසා තැබීම බරපතල ගැටලුවකි. හෙට (17) සිට සියලු විශ්වවිද්‍යාල ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසන නමුත් මෙතෙක් ඒ සඳහා කිසිඳු සූදානමක් විශ්වවිද්‍යාල තුළ නැත. කැලණිය සරසවිය පමණක් 19 දින ආරම්භ කරන බව දන්වා ඇති නමුත් ඒ තුළද සිසුන්ට අවශ්‍ය සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධ පහසුකම් කිසිවක් සම්පූර්ණ නැත. නේවාසිකාගාර හිඟය උග්‍රය. බෝඩිං නිවෙස්වල සිටින්නට බහුතරයක් සිසුන්ට සිදුවන අතර ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධව කිසිඳු වගකීමක් විශ්වවිද්‍යාල බලධාරීන්ට නැත.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් 14000කට අත් සේදීමට ඉදිකර ඇත්තේ ටැප් හතරක් පමණි. එහි කුලී පදනම මත තිබූ නේවාසිකාගාර 07ක් වසා දැමීමටද නියමිතය. රජරට, සබරගමුව, අග්නිදිග, නැගෙනහිර වැනි සරසවි තුළ අවශ්‍ය තරම් පානීය ජල පහසුකම්වත් නැත. මීටරයේ දුර කෙසේ වෙතත් සෙන්ටිමීටරයේ පරතරයක්වත් තබාගන්නට දේශනශාලාවල ඉඩකඩ නැත. අවම වශයෙන් සිසුන්ට සෞඛ්‍යාරක්ෂිතව සිටින්නට තාවකාලිකව කුලී පදනමින් නේවාසිකාගාර ලෙස විශ්වවිද්‍යාලවලට ගොඩනැගිලි පවරාගන්නා ලෙස අප යෝජනා කළද ඒවාට කන්දීමක්ද නැත.

අවසන් වසර විභාග තවමත් පැවැත්වෙන අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මීට පෙර පනවන ලද කොන්දේසි අනුව එක් නේවාසිකාගාර කාමරයකට එක් ශිෂ්‍යයෙක් පමණක් ඇතුළත් කරමින් එම විභාග කටයුතු ක්‍රියාත්මක වෙයි. නැවත විශ්වවිද්‍යාල ආරම්භ කරන්නේ නම් ඒ සියල්ල කඩිමුඩියේ වෙනස් කරමින් නැවත ක්‍රමවේද සකසන්නට අවශ්‍ය වනු ඇත. ඒ පිළිබඳව කිසිඳු අදහසක් බලධාරීන්ට නැත. විශ්වවිද්‍යාලවලට ප්‍රතිපාදන කිසිවක් වෙන් නොකරමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව 17 සිට විශ්වවිද්‍යාල නැවත ආරම්භ කරන බවත් ඒ සඳහා සියලු පහසුකම් සලසා ඇති බවත් පැවසීම අමූලික බොරුවකි. අවශ්‍ය වන්නේ ආරම්භ කරන බව මූණිච්චාවට පැවසීම නොව සෞඛ්‍යාරක්ෂාව තහවුරු කොට සියලු සිසුන්ට විශ්වවිද්‍යාල කඩිනමින් ආරම්භ කිරීමය. නමුත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කරමින් සිටින්නේ විශ්වවිද්‍යාලවල ගෙල මිරිකමින් කෘතිම ශ්වසනය ලබාදීමයි. මේ පිළිබඳව අදහස් දැක්වීම සඳහා අද මාධ්‍ය හමුව කැඳවන ල

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුවට ඉතුරු ඉන්ධන සමාගම් මිල වැඩිකරන තුරු බලා සිටීමද?

පෞද්ගලික ඉන්ධන සැපයුම් සමාගම් විසින් ඉන්ධනහල් වෙත ඉන්ධන බෙදාහැරීම...

නාමල්ට ජනතාවගේ ආර්ථික බර මතක් වෙලා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ලැබෙන ණය වාරිකයකට වඩා වැඩි...

2027 අයවැය පාර්ලිමේන්තුවේ සභාගත කෙරේ

2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මුදල් නියෝජ්‍ය...

‘සිරිලිය වංචාව’ – ශිරන්ති රිමාන්ඩ්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර්...