ඉතිහාසයේ ප්‍රථමවරට facebook පාවිච්චිකරන්නන් සංඛ්‍යාව අඩුවෙයි

18 වසරක ෆේස්බුක් ඉතිහාසයේ පළමු වරට දෛනික පරිශීලකයන් සංඛ්‍යාව අඩු වී තිබෙනවා.

පසුගිය දෙසැම්බර් මාසයෙන් අවසන් වූ කාර්තුවේදී දෛනික ෆේස්බුක් පරිශීලකයන් සංඛ්‍යාව සටහන්වූයේ බිලියන 1.929 ක් ලෙසයි.

කෙසේවෙතත් ඊට පෙර කාර්තුවේදී එය බිලියන 1.930 ක් ලෙස පැවතුණා.

ටික්ටොක් සහ යූ ටියුබ් වැනි ප්‍රතිවාදී සමාජ ජාල හමුවේ ෆේස්බුක් ආදායමද අහිමවීමේ අවධානමක් උද්ගත වී ඇති බවද සඳහන්.

මේ අතර ඊයේ දිනයේදී ෆේස්බුක් මව් සමාගම වෙන මෙටා හි කොටස් මිළ ගණන්ද සියයට 20 කින් පමණ පහළගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කර තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...