සෞඛ්‍ය ක්ෂේත්‍රය දැඩි අර්බුදයක – ආසාදිතයන් 8000ක් නිවෙස්වල

රෝහල් ධාරිතාවය ඉක්මවා කොවිඩ් ආසාදිතයන් වාර්තා වෙමින් සිටින බව වාර්තා වේ. මේ නිසා ආසාදිතයන් රඳවා ගැනීම සහ ප්‍රතිකාර කිරීම සඳහා දැනට පවතින සෞඛ්‍ය පහසුකම් ප්‍රමාණවත් නොවන තත්ත්වයක් ඇති වී තිබේ.

මේ අනුව කොවිඩ් වයිරස ආසාදිතයන් 8000ක් පමණ ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු නොවී නිවෙස්වලට කොටුවී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි.

මීට අමතරව කොරෝනා ආසාදිතව අසාධ්‍ය තත්ත්වයෙන් ඔක්සිජන් මත යැපෙන රෝගීන් 330ක් ඉක්තු 31 වැනිදා වන විට රෝහල්ගතව සිටි බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඔක්සිජන් මත යැපෙන රෝගීන් 149ක් ඉකුත් 27 වැනි දින වන විට රෝහල්වල සිටි අතර දින හතරක් ඇතුළත එනම් ඉකුත් 31 වැනි දින වන විට එම රෝගීන් ගණන සියයට 120 කින් ඉහළ ගොස් රෝගීන් ගණන 330ක් බවට පත් වූ බව ද එම සංගමය කියයි.

මේ අනුව ඉදිරි දින කීපයේදී සෞඛ්‍ය කෂ්‍රෙත්‍රය දැඩි අර්බුදයකට ලක්වී කොවිඩ් රෝගීන් ගේ මරණ සංඛ්‍යාව ඉහළ යාමක් අපේක්ෂා කළ හැකි බව ද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

Share post:

Popular

වෙනත් පුවත්

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...

ප්‍රංශයේ මොකද වෙන්නේ? ඉතාලියේ මොකද උනේ?

ප්‍රංශයෙන් ආරම්භ වුණු ශිෂ්‍ය විරෝධතා රැල්ල පිළිබඳව ලෝක මට්ටමින්...

දුමින්ද හුලංගමුවගේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්

දුමින්ද හුලංගමුව මහතා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආර්ථික උපදේශක...

රට පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000ක්!

පවතින අධික වර්ෂාපතනය සමඟ මේ වන විට රට පුරා...