කොරෝනා දෙවැනි රැල්ල වූහාන් නගරයෙන් මතුවෙන පෙර නිමිති

නව කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ලක් ව්‍යාප්ත වීමේ අවදානම මතුවීම හේතුවෙන් චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයේ වැසියන්ට නිවෙස්වලට වී සිටින්නැයි ද ආරක්ෂිත ක්‍රියාමාර්ග ශක්තිමත් කරන්නැයි ද නගර බලධාරීහු නියෝග කර ඇත.

ආසාදිතයන්ගේ ගණන ක්‍රමයෙන් අඩුවීමත් නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමටත් හැකි වූ බව සඳහන් කරමින් එම නගරයට සහ එම නගරය අයත් හුබෙයි පළාතට පනවා තිබූ සීමා ඉවත් කිරීමට චීන බලධාරීහු මීට දින කිහිපයකට පෙර පියවර ගත්හ.

කෙසේ නමුත් හුබෙයි පළාතට සහ වූහාන් නගරයට පැමිණෙන සංචාරකයන්ගෙන් වයිරසය ව්‍යාප්ත වීමේ දෙවැනි රැල්ලක් ඇති වීමේ අවදානමක් ඇති වී ඇතැයි චීන බලධාරීහු අනතුරු අඟවති. එබැවින් නිවෙස්වලට වී සිටින්නැයි ද ආරක්ෂිත ක්‍රියාමාර්ග ශක්තිමත් කරමින් විමසිල්ලෙන් සිටින්නැයි ද චීන බලධාරීහු වූහාන් නගර වැසියන්ට නියෝග කර ඇත.

වයිරසයේ ව්‍යාප්තියත් සමඟ වූහාන් නගරය මාස දෙකකට කාලයක් සම්පූර්ණයෙන් වසා දැමීමටත් හුබෙයි පළාතට දැඩි සීමා පැනවීමටත් චීන බලධාරීහු පියවර ගත්හ. අද දිනයේදී වූහාන් නගරයෙන් නව ආසාදිතයන් 31 දෙනකු සොයාගත් අතර ඉන් 29 දෙනකුම පිටතින් පැමිණි අය බව චීන බලධාරීහු පවසයි. වයිරසය හේතුවෙන් සිකුරාදා දිනයේදී පමණක් වූහාන් නගරයෙන් 4 දෙනකු මිය ගොස් තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...