නිමල් අමරසිරි ඝාතනය නිහඬව බාරගත යුතු නැහැ – දුමින්ද නාගමුව

පසුගියදා පැවති ජාතික ජන බලවේගයේ විරෝධතාවයට සහභාගී වූ නිමල් අමරසිරි මිය යාම ඝාතනයක් බවත් එය නිහඬව බාර නොගතයුතු බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පවසයි. එම ඝාතනය නිහඬව බාරගන්නේ නම් ඒ සමාජය මිය යමින් තියෙන එකක් බවත් ඔහු පවසයි.

පොලීසිය විෂ සහිත සහ කල් ඉකුත්වූ කඳුළු ගෑස් විරෝධතා මර්දනයට පාවිච්චි කිරීම ගැන ආන්දෝලනාත්මක සාකච්ඡාවක් තිබූ බව දුමින්ද නාගමුව පවසයි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ,

“මීට කලිනුත් තරුණයෙක් මිය ගියා ඔය දුම ආඝ්‍රහණය වෙලා. මේ ගහන කඳුළු ගෑස් විස සහිතයි. සමහර ඒවා පරණ වෙලා තියෙන්නේ. චේතාන්විතවම අනතුරු කිරීම කියන කාරණය තියෙනවා. උද්ඝෝෂණවලදී අපි දැකලා තියෙනවා ඔලු පැලෙන්න ගහන විදිහ. පැහැදිලිවම මෙතන ඝාතනයක් සිදුවෙලා තියෙන්නේ. ඒ ඝාතනයට විරුද්ධව අපි හිතනවා රට පුරා විරෝධතා මතුවෙන්න ඕනා. ඝාතනය පිළිගෙන නිහඬව සිටීම නෙමෙයි කලයුතු වෙන්නේ. ඒ නිසා විවිධ දේශපාලන සංවිධාන හැමකෙනාගෙන්ම ඉල්ලා සිටිනවා මේ රටේ ප්‍රජාත්නත්‍රවාදය වළලලා මැතිවරණ අයිතිය වළලලා ඒ මැතිවරණ අයිතිය වැළලීමට විරුද්ධව කරපු උද්ඝෝෂණයේදී මනුෂ්‍යයෙක් ඝාතනය වුනාට පස්සේ ඒක සමාජය නිහඬව බාරගන්නවා නම් ඒ සමාජය මිය යමින් තියෙනවා කියලා තමයි අපි හිතන්නේ.”

https://web.facebook.com/frontlinesocialist/videos/179883314754779/

Share post:

Popular

වෙනත් පුවත්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...

“කදුුලැස්ස නිහඞ නැත” සරත් මුණසිංහ ආරචිචි ගේ නවතම කෘතිය

ප්‍රවීණ සාහිත්‍යවේදී සරත් මුණසිංහ ආරචිචි විසින් රචිත නවතම කෘතිය...

අනුරගෙන් තවත් පොරොන්දු කන්දක්

වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක කාලය සම්පූර්ණ වීම...

අඩු වැටුප්වලට අමතරව විරැකියාවෙනුත් අපි ඉදිරියෙන්

මෙරට අවුරුදු 15ත් 24 ත් අතර වයස් කාණ්ඩයේ සිටින...