නිමල් අමරසිරි ඝාතනය නිහඬව බාරගත යුතු නැහැ – දුමින්ද නාගමුව

පසුගියදා පැවති ජාතික ජන බලවේගයේ විරෝධතාවයට සහභාගී වූ නිමල් අමරසිරි මිය යාම ඝාතනයක් බවත් එය නිහඬව බාර නොගතයුතු බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පවසයි. එම ඝාතනය නිහඬව බාරගන්නේ නම් ඒ සමාජය මිය යමින් තියෙන එකක් බවත් ඔහු පවසයි.

පොලීසිය විෂ සහිත සහ කල් ඉකුත්වූ කඳුළු ගෑස් විරෝධතා මර්දනයට පාවිච්චි කිරීම ගැන ආන්දෝලනාත්මක සාකච්ඡාවක් තිබූ බව දුමින්ද නාගමුව පවසයි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ,

“මීට කලිනුත් තරුණයෙක් මිය ගියා ඔය දුම ආඝ්‍රහණය වෙලා. මේ ගහන කඳුළු ගෑස් විස සහිතයි. සමහර ඒවා පරණ වෙලා තියෙන්නේ. චේතාන්විතවම අනතුරු කිරීම කියන කාරණය තියෙනවා. උද්ඝෝෂණවලදී අපි දැකලා තියෙනවා ඔලු පැලෙන්න ගහන විදිහ. පැහැදිලිවම මෙතන ඝාතනයක් සිදුවෙලා තියෙන්නේ. ඒ ඝාතනයට විරුද්ධව අපි හිතනවා රට පුරා විරෝධතා මතුවෙන්න ඕනා. ඝාතනය පිළිගෙන නිහඬව සිටීම නෙමෙයි කලයුතු වෙන්නේ. ඒ නිසා විවිධ දේශපාලන සංවිධාන හැමකෙනාගෙන්ම ඉල්ලා සිටිනවා මේ රටේ ප්‍රජාත්නත්‍රවාදය වළලලා මැතිවරණ අයිතිය වළලලා ඒ මැතිවරණ අයිතිය වැළලීමට විරුද්ධව කරපු උද්ඝෝෂණයේදී මනුෂ්‍යයෙක් ඝාතනය වුනාට පස්සේ ඒක සමාජය නිහඬව බාරගන්නවා නම් ඒ සමාජය මිය යමින් තියෙනවා කියලා තමයි අපි හිතන්නේ.”

https://web.facebook.com/frontlinesocialist/videos/179883314754779/

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...