Breaking News

හිතුවට පහළ යැයි කියා ලෝක උණුසුම ඉහළ ගොසින්

සමන්සිරි හේරත්

ගෙවුණු කොරෝනා වසංගත සමය තුළ ස්වභාදහම වායු දූෂණය අවම තත්ත්වය යටතේ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන්අඩපණ වෙලා තිබුණු සොබාදමේ ක්‍රියාකාරිත්වයැවත ප්‍රතිසංස්කරණය කර ගන්නට උත්සාහ දැරුවත් එළඹෙන ගිම්හානය ලෝකයට එතරම් සුබදායී නොවන බව තමයි ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පවසන්නේ. ඉතා උණුසුම් ගිම්හානයක් මෙන්ම වර්ෂාපතනය අවමවියළි කාලගුණික තත්ත්වයක් ලෝකයේ බොහෝ රටවල් වලට අත් පත් වෙයි කියන දුරකථනයක උන් ඉන්නවා. මේ පුරෝකතනය සඳහා උන් උපයෝගී කරගන්නේ 1993 – 2009 අතර කාලගුණික වාර්තාවන්.

මෙම අසාමාන්‍ය කාලය පෘථිවියේ මරණ සංඛ්‍යාව කිහිප ගුණයකින් වැඩි කරනු ඇති බවත් 2020 ගිම්හානය දීර්ඝ කාලයක් මතකයේ මතකයේ රැඳෙන ගිම්හානයක් වේවි කියන අනුමානය කරනවා. උතුරු අර්ධගෝලයේ උණුසුම, සමහර ස්ථානවල නියඟය, තවත් සමහරක් ගංවතුර. වර්ෂාපතනයෙන් වැඩිපුරම පීඩාවට පත් වන්නේ ඕස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව සහ නැගෙනහිර ඉන්දියන් සාගරයේ රටවල් ය. දකුණු ඇමරිකාව සහ අග්නිදිග ආසියාව මීට පෙර කවදාවත් නොදුටු නියඟයකින් පීඩාවට පත් වනු ඇත.

1950 සිට 2019 දක්වා කාලය තුළ දත්ත විශ්ලේෂණය කරමින් ජාත්‍යන්තර විද්‍යාඥයින් කණ්ඩායමක් අනාවරණය කළේ 1981 සිට 2010 දක්වා වසරවල සාමාන්‍ය උෂ්ණත්වයට සාපේක්ෂව 2019 දී ලෝක සාගරවල සාමාන්‍ය උෂ්ණත්වය අංශක 0.075 කින් ඉහළ ගොස් ඇති බවයි. එය “තත්පරයට පරමාණු බෝම්බ පහක්”පුපුරා යෑමට සමාන බවයි. ඉදිරි කාලයේ බහුල වර්ෂාපතනය අප බලා සිටින නමුත් සෑම තැනකම නොවෙන මුත් ඕස්ට්‍රේලියාව ගංවතුරට ලක් වන බවත් අප්‍රිකාව, දකුණු ඇමරිකාව, ඉන්දියාව, පාකිස්තානය සහ බංග්ලාදේශය නියඟයට සූදානම් විය යුතුය යන්නත් පවසනවා.අප කෙසේ සඳහන් කළත් පසුගිය මාස කීපය තුළ දේශගුණික විපර්යාස සිදු වුණා කියා ය සැලකිය යුතු දේශගුණික විපර්යාසයක් සිද්ධ කිරීමට තරම් ප්‍රාතිහාර්ය ජනක නොවනු බව තමයි මෙම වාර්තා වලින් කියවෙන්නේ.

මේ ගිම්හානයේ ඇතිවෙන විෂමතාවන්ට එක් හේතුවක් වන්නේ දේශගුණික උනුසුමයි. එක්සත් ජනපද සාගර හා වායුගෝලීය අධ්‍යයන පිළිබඳ ජාතික අධ්‍යක්ෂ කාර්යාලයට (NOAA) අනුව, මෙම ගිම්හානය නිරීක්ෂණ ඉතිහාසයේ උණුසුම්ම කාලය බවට පත්වීමට 75% ක සම්භාවිතාවක් තියනවා.මේ තත්වය ප්‍රකාශ කරන්නේ අවුරුදු 40 ක කාල පරාසයක් තුළ සාමාන්‍ය මාසික උෂ්ණත්ව විශ්ලේෂණය කිරීමෙන්ය. මෙම ගිම්හානය දැනටමත් වාර්තාවක් ලෙස සලකනු ලැබූ 2016 ගිම්හානයට වඩා උණුසුම් වනු ඇති බවයි.

පසුගිය වසර 150 තුළ යුරෝපීය උෂ්ණත්වය ගෝලීය වශයෙන් + 1.1 සිට 2 ° C දක්වා වර්ධනය වී තිබේ. මේය 12 යක වර්දනයක් වෙන අතර 21 වන සියවසේ උණුසුම්ම වර්ෂය 2019 විය. කෙසේ වෙතත්, සාමාන්‍ය උෂ්ණත්වය අනුව 2020 2019 ඉක්මවා යා හැකි බව විද්‍යාඥයින් පවසති.

 

leave a reply