මැතිවරණය නවත්වන්න – කොරෝනා පාලනය කරන්න – කැෆේ ඉල්ලයි

කෝවිඩ් 19 වෛරසය වේගයෙන් පැතිරෙමින් පවතින වකවානුවක මහ මැතිවරණයක් පැවැත්වීම කිසි සේත්ම සුදුසු නොවන බව කැෆේ සංවිධානය අවධාරණය කරයි. එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් මහතා සඳහන් කළේ මහ මැතිවරණය කල් දමන ලෙස ඉල්ලමින් ජනාධිපති වරයා වෙත මෙන්ම මැතිවරණ කොමිසම වෙත ලිපි යොමු කර ඇති බවයි.

පවතින අවදානම් කාරී තත්වය මත මැතිවරණ ව්‍යාපාර පැවැත් වීම කිසි සේත්ම සුදුසු නොවන බව කැෆේ සංවිධානයේ අදහසයි.ජන්ද රැලි ගෙන් ගෙට යාම අත් පත්‍රිකා බෙඳීම් වැනි කටයුතු මඟින් කොරෝනා රෝගය පැතිර යාම තව දුරටත් වර්ධනය විය හැකි ය.එමෙන් ම මැතිවරණය පැවැත්වීමේ දී පවා දැඩි අවදානම්කාරී තත්ත්වයක් නිර්මාණය වන බව කැෆේ සංවිධානයේ අදහසයි.

නිසි ආකාරයේ නිරෝධායන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කොට මෙම වෛරසය පැතිර යාම සම්පූර්ණයෙන්ම අවසන් වන තුරු මැතිවරණය පැවැත් වීම නොකළ යුතු බව කැෆේ සංවිධානය අවධාරණය කර සිටියි.

මෙම වෛරසය හේතුවෙන් ලොව බොහෝ රටවල මැතිවරණ මේ වන විට අත් හිටුවා තිබේ. එලෙස මැතිවරණය අත්හිටුවා ඒ වෙනුවෙන් වෙන් කෙරෙන මුදල් කොරෝනා රෝගය පැතිර යාම වැළැක්වීම සහ නිරෝධායන ක්‍රියාවලි සඳහා යොදාගත හැකි බව කැෆේ සංවිධානයේ අදහසයි. මැතිවරණ පැවැත්වීමටත් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමටත් සෞඛ්‍ය සම්පන්න ජනතාවක් සිටීම අත්‍යාවශ්‍ය බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ වරයා වැඩි දුරටත් සඳහන් කරයි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...