ගෝඨාගෝගම ඉවත් කිරීමට එරෙහිව අරගලකරුවන් අධිකරණයට

ගාලුමුවදොර අරගල භූමියේ රැඳී සිටින , අරගල කරුවන්ට හෙට (5) දින සවස 5.00 පෙර ඉවත් වන ලෙසට පොලිසිය අද (4) දහවල් යළිත් නිවේදනය කර තිබේ. නමුත් අද ගෝල්ෆේස් අරගලකරුවන් විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ වූවේ එම භූමියෙන් ඉවත්වීමට තවමත් තීරණයක් ගෙන නොමැති බවයි. එසේම ගෝල්ෆේස් අරගලකරුවන් විසින් ගෝඨාගෝ ගම එම ස්ථානයෙන් ඉවත් කිරීම වළක්වාලන ලෙස ඉල්ලා රීට් පෙත්සමක් ද අධිකරණය හමුවේ ගොනුකර තිබේ.

පොලිසිය මුල්වරට ගෝල්ෆේස් භූමියෙන් ඉවත්වන ලෙස නිවේදනය කර තිබුනේ ඊයේ (3) පස්වරුවේදීයි.

පොලීසිය පවසා තිබෙන්නේ ගෝල්ෆේස්හි ගෝඨාගෝගම පිහිටි ප්‍රදේශය නාගරික සංවර්ධන අධිකාරියට අයත් භූමියක් නිසා ඔවුන් ඉවත්වෙන ලෙස දැනුම් දී ඇති බවයි. නමුත් පොලීසිය විසින් ගෝඨාගෝ ගම ඉවත්කිරීම සම්බන්ධ අධිකරණ නියෝගයක් ඉදිරිපත් කර නැත.

 

 

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...