ගෝඨාගෝගම ඉවත් කිරීමට එරෙහිව අරගලකරුවන් අධිකරණයට

ගාලුමුවදොර අරගල භූමියේ රැඳී සිටින , අරගල කරුවන්ට හෙට (5) දින සවස 5.00 පෙර ඉවත් වන ලෙසට පොලිසිය අද (4) දහවල් යළිත් නිවේදනය කර තිබේ. නමුත් අද ගෝල්ෆේස් අරගලකරුවන් විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ වූවේ එම භූමියෙන් ඉවත්වීමට තවමත් තීරණයක් ගෙන නොමැති බවයි. එසේම ගෝල්ෆේස් අරගලකරුවන් විසින් ගෝඨාගෝ ගම එම ස්ථානයෙන් ඉවත් කිරීම වළක්වාලන ලෙස ඉල්ලා රීට් පෙත්සමක් ද අධිකරණය හමුවේ ගොනුකර තිබේ.

පොලිසිය මුල්වරට ගෝල්ෆේස් භූමියෙන් ඉවත්වන ලෙස නිවේදනය කර තිබුනේ ඊයේ (3) පස්වරුවේදීයි.

පොලීසිය පවසා තිබෙන්නේ ගෝල්ෆේස්හි ගෝඨාගෝගම පිහිටි ප්‍රදේශය නාගරික සංවර්ධන අධිකාරියට අයත් භූමියක් නිසා ඔවුන් ඉවත්වෙන ලෙස දැනුම් දී ඇති බවයි. නමුත් පොලීසිය විසින් ගෝඨාගෝ ගම ඉවත්කිරීම සම්බන්ධ අධිකරණ නියෝගයක් ඉදිරිපත් කර නැත.

 

 

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...