සිංහයෝ නරි වීම සහ PCR පරීක්ෂණ

ලංකාවට පැමිණි අමෙරිකානු තානාපති නිලධාරියකු කටුනායක ගුවන්තොටුපළේ සිට නිරෝධායන නීති නොතකා කොළඹ පිහිටි තානාපති කාර්යාලය වෙත ගමන් ගැනීමෙන් පසුව සියලු රාජ්‍යතාන්ත්‍රිකයන් සඳහා විශේෂ නීති පනවා ඇත.

ඒ් අනුව, ලංකාවට පැමිණෙන විදෙස් රටවල රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සිය රටෙන් පැය 72 කට පෙර ලබාගත් PCR පරීක්ෂණ වාර්තා කටුනායක ගුවන් තොටුපලේදී ඉදිරිපත් කළ යුතු බව විදේශ අමාත්‍යාංශය කියා සිටී.
ශ්‍රී ලංකාවට ඇතුළු වන රාජ්‍යතාන්ත්‍රිකයන් සඳහා PCRපරීක්ෂණ සහ නිරෝධායන ක්‍රියා පටිපාටි පිළිබඳ සංශෝධිත උපදෙස් සම්බන්ධයෙන් අද (05) නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය මේ බව කියා සිටී.

එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ අදාල පී.සී.ආර් පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කිරීමට අපොහොසත් වන සියලුම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් කටුනායක ගුවන් තොටුපලේ සිදුකරන පී.සී.ආර් පරීක්ෂණය සදහා මුහුණ දිය යුතු බවය.

පී.සී.ආර් පරීක්ෂණයට මුහුණ නොදෙන තානාපති කාර්යාල ප්‍රධානීන්, පවුලේ සාමාජිකයින් සහ සෙසු කාර්ය මණ්ඩලය නිරෝධායන නීතීන්ට අනුකූලව කටයුතු කිරීමට පියවර ගත යුතු බව විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙයි.

පසුගිය මාස දෙකක කාලය තුළ කොරොනා ආසාදිතයන් රටට ඇතුළුවීම වැළැක්වීමට කටුනායක ගුවන්තොටුපළ වසා තිබුණද අවස්ථා කිහිපයකදී දේශපාලන හා රාජ්‍ය නිලධාරි වරප්‍රසාද නිසා විශේෂ පුද්ගලයන් ලෙස සැළකූ පුද්ගලයන් රටතුළට ඇතුළු කිරීමේදී නිරෝධායන නීති කිසිවක් අනුගමනය නොකළ බවට වරින්වර චෝදනා ඒල්ල විය. ප්‍රභූන්ගේ ඥාති හිතවතුන්ට හා බලවත් පුද්ගලයන්ට ඒක් නීතියකුත් සාමාන්‍ය ජනයාට තවත් නීතියකුත් පවතින බව ගුවන්තොටුපළ සිදුවීම් අනුව අනාවරණය විය. විශේෂයෙන්ම විදේශ රටවල සේවයට ගොස් වසංගත අනතුර නිසා සියරටට පැමිණීමට අපේක්ෂාවෙන් ඉල්ලීම් කළ ලාංකික දහස් ගණනක් නොසළකා හරිනු ලැබ තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...

“අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි” රැළිවලදී වෙස්සන්තරට අඳින අනුර

ආණ්ඩුවට වසර දෙකක් පිරීම නිමිත්තෙන් "අපේ ආණ්ඩුව වසර දෙකයි...

අනෝජන් සිවරාසා වෙනුවෙන් අභියාචනයක්

ලාංකික ශ්‍රමිකයෙකු වන අනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඬුවම...

ශිරන්තිට ඇප නෑ – මහින්ද රෝහලට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට...