ත්‍රස්ත පනත ගැන තීන්දුව ප්‍රකාශයට පත්වෙයි

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ, අභියෝගයට ලක්කරන ලද ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායකවරයා වෙත ලබා දී තිබේ.

අද (20) පාර්ලිමේන්තුවේ දී නියෝජ්‍ය කථානායකවරයා විසින් එම තීන්දුව පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කළේය.

එම පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පහත පරිදි වේ.

  • 3, 42, 53 සහ 70 යන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) ව්‍යවස්ථාවට අනුනුකූල වන අතර, පාර්ලිමේන්තුවේ දී විශේෂ බහුතරයකින් සම්මත කළ යුතුය.

  • එසේ වුවද එම වගන්ති සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය යෝජිත සංශෝධනය සිදුකරන්නේ නම් එම අනුනුකූලතාවයන් ඉවත්ව යනු ඇත.

  • 4 වන වගන්තිය ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුව, සුදුසු පරිදි සංශෝධනය විය යුතුය.

  • 61 (1) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුනුකූල වන අතර, විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරයකින් එය අනුමත කළ යුතුය. එම වගන්තිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය යෝජිත සංශෝධනයන් සිදුකරන්නේ නම්, එම අනුනුකූලතාවය ඉවත්ව යනු ඇත. ඊට අනුරූපව 72 (2) වගන්තිය ද ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුකූලව සංශෝධනය කළ යුතුය.

  • 75 (3) වගන්තිය ආණ්ඩු ව්‍යවස්ථාවේ 3 වන අවස්ථාව සමග කිව යුතු 4 (ඈ) ව්‍යවස්ථාව උල්ලංඝනය කරන අතර, තුනෙන් දෙකක බහුතරයකින් එය අනුමත කළ යුතුය. එම වගන්තිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය යෝජිත සංශෝධනයන් සිදුකරන්නේ නම් එම අනුනුකූලතාවයන් පහව යනු ඇත.

  • 83 (7) වගන්තිය විශේෂ බහුතරයකින් සම්මත කරගත යුතුය. එම වගන්තිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය යෝජිත සංශෝධනයන් සිදුකරන්නේ නම් එම අනුනුකූලතාවයන් පහව යනු ඇත.

  • තවද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනත් කෙටුම්පතේ විධිවිධානවලට අනුකූලව ඉදිරිපත් කරන ලද සංශෝධනවලට යටත්ව පමණක් සරල බහුතරයකින් පමණක් පනත් කෙටුම්පත නීතියක් බවට පත්කළ හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

IMF එකෙන් ඉවත්වීම ගැන ආණ්ඩුවේ බොරු මරිසි

2027 දී ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...