ඇවිලි ඇවිලි නිවෙන විදුලි පන්දමේ

ඇවිලි ඇවිලි නිවෙන විදුලි පන්දමේ
බැටිරි නැතුව නිව්නාම
ඒකට බනින්න එපා
අලුත් බැට්රි කෑලි දෙකක්
දාගන්න
ගරු මහත්තයෝ
අතන මෙතන හුලු අතුවලට
ගිනි අවුලන් නැතුව

දඩ දඩාස් පට පටාස්
සෙරෙප්පු අඩි පහරකින් ඉදිමුණු
කම්බුල් වල
තාම ලේ පාටයි
මහත්තයා සුදු හින්දද කොහෙද
මනාවට පෙනෙනවා නෙව

නැති බැරිකමට
කීයක් හරි හොයාගන්න
දොඩම් වීදුරුවක් වික්කට
මගේ නහරවල පෙට්ට්‍රල්,ඩීසන්
දුවනවා කියල යෑ
දුම් දාගෙන රත්තට
දුවන්නෙම ලේ

වීදුරු කණ්ණාඩි වලින්
අව් කණ්ණාඩි වලින්
පිටත බැලුවම
මහත්තලයට පේනවා ඇති
අපේ පලල් පපු ලකේට
පොඩි එකාට මාස තුනයි
එකා ගිය වෙලේ ඉදල
උරා බීලා මිසක
මං දඩාවතේ යන්න
මාංචු දම්වැල් කඩාගෙන
නෑ මහත්තයෝ….

මහත්තයලාට විහිළුවක්
වෙන අපේ හිගනකම
එක එකාගේ ඕනෑ
එපාකම් පිරිමහන්න
තුට්ටු දෙකට වෙන්දේසියේ දාන්න
තරම් හැම ගෑනීම
එක වගේ නෑ මහත්තයෝ

නෝනා උදේම ඇහැරගෙන
මැදල දුන්න සුදු කමිසට
එපා මඩ පාටක් තවරගෙන
හවස ගෙදර ගියහම
මහත්තයට දහසක්
බොරු ගොතන්නට වෙයි
අන්තිමට තවත් ගෑණියෙක්
මං වගේම අසරණ වෙයි මහත්තයා

හරස් කරගෙන පවුරූ බැද
සමහර ගෑනු දුක හැංගුවේ
ලෝකෙට පේන්න හිනහෙන්න මිසක
සක්මනේ දුවන හැගුම්
මාකට් කරන්න නෙමෙයි…

 

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...