lockdown ඇතුළෙ ඉතාලියේ කාන්තා ගෘහස්ථ හිංසනය 74% කින් ඉහළ යයි

ඉතාලියේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය ආරම්භයත් සමඟ මාර්තු 2 වනදා සිට අප්‍රේල් 5 වනදා දක්කවා කාලය තුළ ගෘහස්ථ කාන්තා හිංසනයේ වැඩිවීමක් දක්නට ඇති බව වාර්තා වෙනවා. මාර්තු 2 වනදා සිට අප්‍රේල් 5 දක්වා වාර්තා වී ඇති සිද්ධීන් ගණන 2867 කි. එය 2018 සාපේක්ෂව සියයට 74% ක වැඩිවීමක් බවත් වාර්තා නොවුණු සිද්ධින්ද සුළු සිදුවීම් ලෙස බැහැර කළ තත්ත්වයන් ඇතුළුව හිංසන ක්‍රියාවලියේ සැබෑ තත්ත්වය මීට වැඩිය බරපතළ බව වාර්තා වෙනවා. මෙම සිදුවීම් වලදී 28% ක් මැදිහත්වීම බලාපොරොත්තු වී තිබෙනවා.

කොරෝනා වෛරස් ව්‍යාප්තියත් සමග මිනිසුන්ව නිවෙස් වලට කොටු කිරීම හරහා ආතති සහගත පරිසරයන් සහ ආනාරක්ෂිත භාවයක් මිනිස් මනස තුලට ඇතුල් කරන්න ව්‍යසනකාරී පරිසරය සමත් වෙලා තියෙනවා. විවිධ ක්‍රියාකාරීන් වල නියැලී සිටී මිනිස්සු හුදෙකලා වීම ද මේ හරහා සිද්ධ වී තිබෙනවා. අනන්‍යතාවයන් අහෝසි වීම ද, නුහුරු තනිකමක පාළුව ද, ගෙදරට කොටු වීම හරහා නිදහස ඇහිරීම ද, සමාජ ජීවිතයෙන් දුරස් වී හුදකලා වීම ද, මේ මානසික ආතතියන් වර්ධනය කරන්න බලපාල තියෙනවා, සංවර්ධිතද, ඌන සංවර්ධිත ද, යන්න මේ සඳහා බලපාන්නේ නැහැ.

එදිනෙදා සුපුරුදු ජීවන රටාවෙන් දුරස් වෙන මිනිසුන් තමන්ගේ මනස තුළ වහලුන් බවට පත් වූ විට ඉන් මිදෙන්නට සොයන්නේ දුබලයෙක් වය නිවසට කොටු වුණු මේ මොහොතේ බොහෝ තැන්වලදී ඒ පීඩනය මුදා හරින්නට යොදාගෙන තිබෙන්නේ කාන්තාවය.

විශේෂයෙන්ම මේ තත්වය විග්‍රහ කර ගැනීමේදී ගෙවුණු මාස හතර තුළ කොරෝනා වසංගතය හේතුවෙන් හදිසියේ ඇති වූ මේ තත්ත්වය හමුවේ ළමා හිංසනය ද සැලකිය යුතු ආකාරයෙන් ඉහළ ගොස් තිබෙනවා. දරුවන් අපචාරයට ලක් වීම, හිංසනයට ලක්වීම, බරපතළ වර්ධනයක් පෙන්වා තිබෙනවා. ඉහත සඳහන් කළ ආකාරයටම සමාජ පරතරයන් පිළිබඳ මිනුම් දඬු වලට කිසිම බාධාවක් නොවී සෑම සමාජ පරතරයක් තුළම මේ හිංසනය ද දකින්න පුලුවන්.

හදිසියේ ඇතිවුණු මේ කොරෝනා වසංගත තත්වය හමුවේ පැනනගී තිබෙන්නේ අප ඉතාමත් තදින් අවධානය යොමු කළ යුතු ප්‍රශ්නයක්?
හිල්මි සුපුන්

Share post:

Popular

More like this
Related

22 ට එරෙහි ජනමත විචාරණ ‘ගුණ්ඩුව’

අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්...

විසි දෙකේ තීන්දුව කතානායකට

විසි දෙකට පක්ෂ විපක්ෂව ඉදිරිපත් වී තිබුණු පෙත්සම් විභාගය...

විදුලි පාරිභෝගිකයා වෙනුවෙන් පෙරටුගාමින් යළි මහජන උපයෝගීතා කොමිසමට

පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද යළි මහජන උපයෝගීතා කොමිෂන් සභාව...

22ට එරෙහි පෙත්සම් අහන්න සම්පූර්ණ විනිසුරු මඩුල්ලක ඉල්ලීම ඉවතට

විසි දෙවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාලව ඉදිරිපත් කර...