ජෛවමිතික දත්ත ඇතුළත් ඩිජිටල් හැඳුනුම්පත ලබන වසරේ එනවලු

විශාල ආන්දෝලනයකට ලක්වූ ජෛවමිතික දත්ත ඇතුළත් ඩිජිටල් හැඳුනුම්පත හඳුන්වා දීම ලබන වසරේ අප්‍රේල් මස සිට ක්‍රියාත්මක කරන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යංශය පවසන්නේ දත්ත සුරක්ෂිතතාවය සහ පුරවැසි ආරක්ෂාව කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් 2026 අප්‍රේල් වන විට ජාතික ඩිජිටල් අනන්‍යතා (ඩිජිටල් හැඳුනුම්පත්) පද්ධතියක් දියත් කරන බවයි .

මහජන සේවාවන් සඳහා ප්‍රවේශයේ වෙනසක් කිරීම සහ සියලු දෙනා ඇතුළත් ඩිජිටල් තාක්ෂණයේ වර්ධනයක් ඇති කිරීම සඳහා පුළුල් පියවරක කොටසක් ලෙස මෙය සිදුකරන බව එම අමාත්‍යංශය පවසයි. මෙම ව්‍යාපෘතියට අරමුදල් සපයනු ලබන්නේ ඉන්දීය රජයයි. එම මුදල රුපියල් බිලියන 10.4 ක ප්‍රදානයක් බව පැවසේ.

මෙම හැඳුනුම්පත සම්බන්ධයෙන් එල්ල වූ විරෝධතා නිසාම දත්ත සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් අවධානය යොමුකරන බවට ආණ්ඩුවට නැවත නැවතත් පැවසීමට සිදුව තිබේ. නමුත් ලෝකයේ දත්ත සුරක්ෂිතතාවය ඉතා අවිනිශ්චිත බව බොහෝ දෙනෙක් දන්නා කරුණකි.

එසේම ලෝකයේ දියුණු යයි සම්මත රටවල් පවා ක්‍රියාත්මක නොකරන ජෛවමිතික දත්ත ඇතුලත් හැඳුනුම්පතක් අපේ රටට අවශ්‍ය ඇයිද යන්න ගැන ආණ්ඩුව පැහැදිලි කිරීමක් කළ යුතුය.

Share post:

Popular

වෙනත් පුවත්

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...

අගමැතිගේ උත්සවයට නොගියොත් මහපොළ අවදානමේ – අන්තරෙන් අනාවරණයක්

පසුගිය ආණ්ඩු ක්‍රියාකළ ආකාරයටම නව ආණ්ඩුවත් මහපොළ දීමනාව ලබා...

රටේ ජනතාව වසර සිය ගණනක් ණයකරුවන් කරන අධිවේගී මාර්ග

ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය...

PSTA පනත සහ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයි – දුමින්ද නාගමුව

ආණ්ඩුව විසින් අලුතින් ගැසට් කර ඇති ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...