බෙහෙත් පෙත්තක්වත් නැති රෝහල්වලට තවත් වියදම් අඩුකරන්නැයි උපදෙස්

මේ දිනවල රටේ ප්‍රමුඛ ගැටළුවක් වී ඇත්තේ ඖෂධ හිඟයයි. අත්‍යවශ්‍ය ඖෂධ බොහොමයක් රට තුළ නොමැති අතර රෝහල්වල සැත්කම් පවා නතරවන තත්ත්වයක් උද්ගතව තිබේ. මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත චක්‍රලේඛයක් නිකුත්කරමින් සඳහන් කර ඇත්තේ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත් අනවශ්‍ය විදුහිල පහන් නිමාදමන ලෙසත් ජලය, ඉන්ධන, දුරකතන, ලිපිද්‍රව්‍ය භාවිතය අවම කරන ලෙසයි.

ඊට අමතරව වෛද්‍යවරුන් සහ අනෙකුත් සියලුම සේවකයන්ගේ අතිකාල සහ අමතර දීමනා සියයට 15න් කපාහැර තිබේ.

රාජ්‍ය වියදම් කලමනාකරණය සහ පාලනය කිරීම යටතේ අතිකාල සහ අමතර දීමානා සියයට 15කින් කපා හරින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කර ඇත.

මීට අමතරව රෝහල් හැර අනෙකුත් සෞඛ්‍ය කාර්යාල ඉරිදා දිනවල වසා තබන ලෙසත් ආරක්ෂක, පිරිසිදු කිරීම් සඳහන වියදම සියයට 10කින් අඩුකරන ලෙසත් එම චක්‍රලේඛය මගින් ආයතන ප්‍රධානීන්ට උපදෙස් දී ඇත.

වැඩසටහන්, සම්මනත්‍රණ වැඩමුළු, පුහුණු වැඩසටහන් සංවිධානය කිරීමෙන් වැළකිය යුතු බව ද අත්‍යශවශ්‍ය නම් ඊට සෞඛ්‍ය ලේකම්ගේ පූර්ව අනුමැතිය ලබගත යුතු බව ද එහි සඳහන් වේ.

සෞඛ්‍ය අමාත්‍යංශය රෝහල්වලට ඖෂධ සපයා දී රෝහල් කටයුතු ක්‍රමවත්ව පවත්වාගෙන යාම වෙනුවට රෝහල්වල වියදම් සීමා කරන ලෙස උපදෙස් දෙමින් සිටියි. ආණ්ඩුව දැන් දැන් අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම පවා අනවශ්‍ය වියදමක ලෙස සළකන බව පෙනෙන්නට තිබේ.

Share post:

Popular

More like this
Related

ගෙවුණු මාස කීපය තුළ අලි මරණ සංඛ්‍යාව 200කට ආසන්නයි 

2026 වසර ආරම්භයේ ළමු දින 50 තුළ වන අලි...

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව නැවත කැඳවෙයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ...

තෙල් සංස්ථාවේ ‘දැක්කොත් බුවා – නොදැක්කොත් එබුවා’ තියරිය

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නැප්තා සහ දැවිතෙල්...

හොරු ඇල්ලීම පමණක් ප්‍රමාණවත්ද?

එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකට අදාළව රුපියල්...