ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති,කොන්සියුලර් සේවා නිසි ක්‍රම වේදයක් නොමැති කමින් දුෂ්කරතාවයට

ඉතාලියේ රෝම් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ මිලානෝ හි කොන්සියුලර් කාර්යාලයේ අකාර්යක්ෂමතාවය හේතු කරගෙන මේ වන විට ලාංකිකයන් බොහෝ දුෂ්කරතාවයන් වලට පත් වෙමින් සිටී . මෙම ආයතන දෙක තුළ සේවා සැපයීම සඳහ විධිමත් වැඩපිළිවෙළක් නොමැතිකම හේතුවෙන් දිනෙන් දින ඉන් සේවා ලබා ගන්නා ශ්‍රී ලාංකිකයන් හට මුහුණ දීමට සිදුවන දුෂ්කරතාවයන් තීව්‍ර වෙමින් පවතී .යම් තොරතුරක් ලබා ගැනීමට තානාපති කාර්යාලයේ හෝ කොන්සියුලර් කාර්යාලයේ සේවකයෙකු සම්බන්ධ කර කරගැනීම ඉතාම දුෂ්කර කටයුත්තක් බවට පත් වී තිබේ .මේ හේතුවෙන් විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුවන අතර ඔවුන් ජනතාව වෙත යොමුකර තිබෙන කිසිදු දුරකථන අංකයකට පිළිතුරු සපයන්නේ නැති හෙයින් දවස් ගණන් කෙනකු සම්බන්ධ කර ගැනීමට වෙහෙස දරන්නට සිදුවෙයි .

තානාපති සේවය තුළ නිර්මාණය වෙන මෙම දුෂ්කරතාවයන් මඟහරවා ගැනීම සඳහා ශ්‍රී ලාංකිකයන් ලෙස ඒකරාශි වීමේ අවශ්‍යතාවය දැන් වැඩි වැඩියෙන් දැනීමට පටන් ගෙන තිබේ .

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...