ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති,කොන්සියුලර් සේවා නිසි ක්‍රම වේදයක් නොමැති කමින් දුෂ්කරතාවයට

ඉතාලියේ රෝම් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ මිලානෝ හි කොන්සියුලර් කාර්යාලයේ අකාර්යක්ෂමතාවය හේතු කරගෙන මේ වන විට ලාංකිකයන් බොහෝ දුෂ්කරතාවයන් වලට පත් වෙමින් සිටී . මෙම ආයතන දෙක තුළ සේවා සැපයීම සඳහ විධිමත් වැඩපිළිවෙළක් නොමැතිකම හේතුවෙන් දිනෙන් දින ඉන් සේවා ලබා ගන්නා ශ්‍රී ලාංකිකයන් හට මුහුණ දීමට සිදුවන දුෂ්කරතාවයන් තීව්‍ර වෙමින් පවතී .යම් තොරතුරක් ලබා ගැනීමට තානාපති කාර්යාලයේ හෝ කොන්සියුලර් කාර්යාලයේ සේවකයෙකු සම්බන්ධ කර කරගැනීම ඉතාම දුෂ්කර කටයුත්තක් බවට පත් වී තිබේ .මේ හේතුවෙන් විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුවන අතර ඔවුන් ජනතාව වෙත යොමුකර තිබෙන කිසිදු දුරකථන අංකයකට පිළිතුරු සපයන්නේ නැති හෙයින් දවස් ගණන් කෙනකු සම්බන්ධ කර ගැනීමට වෙහෙස දරන්නට සිදුවෙයි .

තානාපති සේවය තුළ නිර්මාණය වෙන මෙම දුෂ්කරතාවයන් මඟහරවා ගැනීම සඳහා ශ්‍රී ලාංකිකයන් ලෙස ඒකරාශි වීමේ අවශ්‍යතාවය දැන් වැඩි වැඩියෙන් දැනීමට පටන් ගෙන තිබේ .

Share post:

Popular

වෙනත් පුවත්

2025 විශිෂ්ටතම නවකතාව රාජ්‍ය සාහිත්‍ය සම්මාන යෙන් පිදුම් ලත් එරික් ඉලයප්ආරාරච්චිගේ සුනඛ ආර්යා – අගැයීමක්

එරික් ඉලයප්ආරාරච්චි 2025ලියූ නවකථාච සුනඛ ආර්යා ගොඩනැංවීමේදී, ලාංකීය සාහිත්‍යය...

මේ පොලිස් ගුරුසිංහ පෙර කළ වැරදි වලට නීතිය ක්‍රියාත්මක වුණාද ?

ඉෂාරව මරපු ගුරුසිංහ කියන්නේ පොලීසියේ DIG ගුරුසිංගේ පුතා.! වත්මන්...

බෝන් අගේන් ක්‍රිකට් මාධ්‍ය ප්‍රධානියාගෙන් මාධ්‍යට ගොං පාර්ට් තර්ජන

තිලංග සුමතිපාලගේ නැට්ටේ එල්ලී පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ...