DWC ය විසින් කරන ලද අවසාන අලි සමීක්ෂණයට 2011 දී සිදුවූ අතර සමීක්ෂණ දී ලබා ගත් ආසන්න දත්ත සංඛ්‍යාව 5879.
අලි යනු දිනකට කිලෝ මීටර 60ක් පමණ තම දෛනික ආහාර සහ ජල අවශ්‍යතා සදහා සංචරණය වන සත්වයෙක් වන රංචු වශයෙන් සැරි සරණ ගැහැණු සහ පැටවුන් මෙන්ම තනිව සැරිසරන පිරිමි සතුන් බොහෝ විටකදී සංගණනයකදී නැවත නැවත ඝනනය වීම සිදුවීමේ සම්භාවිතාව වැඩිය. ඒ නයන් 5879ක් වූ සංගණන වාර්තා සැබෑ තත්වයකදී බොහෝ දුරට අඩු වීමේ ප්‍රවනතාවයක් පවතී.
ඉහත සංගණන වාර්තා අනුව අලින් ,පැටවුන් 1107 ක්, වැඩුණු අලි 4650 ක් සහ ඇතුන් 122 ක් ඇතුළත් වී තිබිණි. මෙහිදී වැඩිම අලි ඇතුන් වාර්තා ව 1751 ක් ලෙස මහවැලි කලාපයෙන්ද නැගෙනහිරි කලාපය 1573ක් ලෙසද වයඹ කලාපය 1189 ලෙසද වාර්තා වෙමින් අඩුම අලි සංඛ්‍යාව මධ්‍යම කලාපයෙන් වාර්තා විය.
දිනකට ආහාර කිලෝ ග්‍රෑම් 100-150ක් අතර ආහාර වේලක යැපීමේ අවශ්‍යතාවයෙන් සංචරණ සත්වයෙක් ලෙස වනෝද්‍යාන හරහා ගමන් ගන්නා මෙම සුවිශාල සත්වයා ලංකා භුමියේ පිහිටි ආරක්‍ෂිත වනෝද්‍යාන භුමි වලින් පිටත ලංකා භූමියෙන් 70%ක පමණ ආරක්ෂිත නොවන ප්‍රදේශවලද පරාසය කර ගෙන ජිවත් වේ. මේ සියලු භූමින් මොවුන්ගේ පාරම්පරික නිජ භුමි වූ අතර මිනිස් සංවර්ධන, ජනගහන සහ කෘෂි අවශ්‍යතා සදහා අද වන විට ඔවුන් තමන්ගේම භුමියේ සිර කාරයන් වී ඝාතනය වෙමින් පවතී.
අද වන විට වඩාත් වර්ධනීය ගැටළුවක් දැඩි සමාජ හා පාරිසරික ගැටළු වලින් එකක් වන වන්නේ අලි මිනිස් ගැටුමය. ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 19 ක ප්‍රාදේශීය ලේකම් කොට් කොට්ඨාශ 142 ක් ඔස්සේ මේ ගැටළුව දිව යයි . මෙයින්ද අනුරාධපුර දිස්ත්‍රික්කය, අම්පාරා දිස්ත්‍රික්කය, කුරුණෑගල දිස්ත්‍රික්කය, පුත්තලම් දිස්ත්‍රික්කය, මොණරගල දිස්ත්‍රික්කය සහ හම්බන්තොට දිස්ත්‍රික්කය මේ ප්‍රශ්න වලින් වැඩිම පිඩාවන්ට පත් වෙන ප්‍රදේශ වේ.
මෙම ගැටළුව ආර්ථිකයට සෘජු හා වක්‍ර වියදම් නිර්මාණය කරයි. වගා හානි දේපළ සහ ජිවිත හානි ලෙස අලි මිනිස් ගැටුම මිනිස් ජිවිත කෙරේ බරපතල තත්වයක් නිර්මාණය කරන අතර මිනිසුන් වෙතින් අලින්ගේ ජිවිත සිදුවන හානිද අවසාන වශයෙන් බැර වන්නේ මෙතෙක් ඝනනය නොවූවත් අවසාන වශයෙන් ආර්ථික හානියක් ලෙසය.
මෙම ගැටුම් වලට ගොදුරු වන මිනිසුන් බොහෝ දුරට අඩු ආදායම් ලාභී හෝ මැදි ආදායම් සහිත ශ්‍රී ලාංකික ගොවි ජනතාව වේ. මේ අතරින් බහුතරය කුඩා පරිමාණ ගොවීන් ය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ණය බරින් පෙළෙන අතර දරිද්‍රතාවයෙන් මිදීමට අඛණ්ඩ අරගලයක යෙදී සිටිති. හානි හේතුවෙන් ඔවුන්ගේ කුටුම්භ ආර්ථික ණය බර වැඩි වෙමින් දරිද්ධ තත්ත්වයෙනුත් පහල තලයක අරගල කිරීමට සිදුවීම බොහෝ සාමජිය අර්බුද නිර්මාණකරණයේ දායක වේ. අලි ගැටුම් වලින් පිඩිත ප්‍රදේශ රැසක අලි හමුවීමේ අධික අවදානම හේතුවෙන් හිමිදිරි සහ සවස් වරුවේ ක්‍රියාකාරකම්වල නිරත වන්න බොහෝ පිරිසක් මැලිවෙති. අලි ඇතුන්ගෙන් සිදුවන හානි බොහෝ විට සිදුවන්නේ රාත්‍රියේ ය. මෙම අඩු ආදායම් ප්‍රදේශ හරහා වැටී ඇති බොහෝ මාර්ගවල විදුලිය නොමැත. මේ ප්‍රදේශ ආශ්‍රිත දින චාර්යාව ලෙස බොහෝ විට පුරුෂයන් නිවසින් බැහැරව වගා බේරා ගැනීම සදහා රාත්‍රී නිවසින් බැහැරව දිවි ගෙවන අතර කාන්තාවන් සහ ළමුන් රාත්‍රියේ නිවෙස්වල තනිව ගත කරය් . භෝග ආරක්ෂා කිරීම සඳහා වැඩිහිටි පාසැල් ළමුන්ද තම කුටුම්භ ආර්ථිකයට උර දීමේ කර්තව්‍යයේ යෙදී සිටින අතර ළමුන්ගේ පාසල් පැමිණීම කෙරේද එය විශේෂයෙන් බලපාති. අලි ප්‍රහාරවලට ඇති බිය නිසා ඇති කරවන මානසික කම්පනය තවත් ගැටලුවකි. බොහෝ පවුල් තම දරුවන් පාසැල් ගොස් ආපසු එන තුරු කනස්සල්ලෙන් හා බියෙන් පසුවෙති.නාගරික ජන සමාජයේ අධ්‍යාපනික අනාගත සැලසුම් මෙන්ම ළමයින් ගේ පාසැලින් පසු භාහිර ක්‍රියාකාරකම් වලට මෙය ඍන ලෙස බලපායි .
මේ තත්වයන් ඇති වීමට ලංකාවේ ක්‍රියාත්මක දේශපාලන ක්‍රමය විශාල දායකත්වයක් සපයා ඇත. අඩු ආදායම් ලාභී මිනිස් ප්‍රජාවන් වෙත වෙනත් විකල්ප ආදායම් හෝ ඒ සදහා අවශ්‍ය අධ්‍යාපනය නගා සිටුවීම හෝ පහසුකම් දායකත්වය කෙරෙහි පැවතුනු සියලු රජයන් අඩු සැලකිල්ලක් දැක්වූ අතර ඔවුන්ගේ ප්‍රාථමික ඉල්ලුමට සරිලන සේ හේන් සදහා අලින්ගේ නිජ භූමි නිදහස් කිරීමේ ප්‍රාථමික අවිධිමත් චන්ද උපාය මාර්ග වලට පෙළඹීම මෙම තත්වය අද දක්වා වර්ධනය වීමට විශාල දායකත්වයක් ලබා දී ඇත.
ලංකාව තුල වනජීවී ආකර්ෂණයන් තුලින් වැඩිම ආදායමක් උපදවන සංචිත ධනයක් හිමි දෙපාර්තමේන්තුවක් ලෙස ලංකාවේ වනජීවී පරිපාලනය යනු තම සම්පත් කළමනාකරණයේ අසමත්ම ආයතන තුලින් එකකි. වනජීවී කලාප ආශ්‍රිතව පමණක් ස්ථාන 50-60 ක ප්‍රමාණයකට වල් අලින් සදහා නිරාවරණය කරමින් පොලිතින් අඩංගු ආහාර ලබා දීමට දිරිමත් කරමින් ඒ සදහා ප්‍රතිකර්මයක් පිලිබන්ධ සලකා බැලීමකින් හෝ තොරව තම ආදායම් පෝෂණය කරන වන ජීවය තම එළිපත්තේ කුණු කසල කඳු මත මරණීය තත්වයක් නිර්මාණය වීමට ඉඩ හැර බලා සිටීම තුලින් අපට ඒ පිලිබන්ධ නිසි අවබෝධයක් ලබා ගත හැකිය. අලි මිනිස් ගැටුම් වලින් සිදු වන අලි මරණ වලට පොලිතින් සහ විෂ ආහාරයට ලබා මරණයට පත්වෙන සංඛාව ඝනනය වුවහොත් අද වන විට ඉදිරිපත් වන දත්ත මත වසරකට තවත් ප්‍රමාණයක් එකතු විය යුතු බව මගේ මතයයි.
වනාන්තර මත ජිවත් වන අලින්ගේ සංඛ්‍යාව අඩු වීමට බලපාන තවත් හේතුවක් නීතිවිරෝධී ලෙස අලි පැටවුන් අල්ලා ගැනීමේ ජාවාරම බව විගණනයේදී පවා අනාවරණය වී ඇත. වනාන්තර සහ ඒවා හීලෑ අලි ඇතුන් ලෙස තබා ගැනීම නිසා වංචනික බලපත්‍ර ලබා ගැනීම, ආගමික හා සංස්කෘතික කටයුතු සඳහා හුවමාරු වන අධික මුදල් ලාභයන් මත අලි ඇතුන් සැපයීමට දේශපාලන පෙළඹවීම් මත හිලෑ අලි ඇතුන් සංගම් වල නැඹුරුව ද අද වන විට වන ජීවියට බරපතල බල පෑමක් සිදුව ඇත.
වසරකට ලංකාවේ අලි ඝාතන අනුපාතය 272 ක් වන අතර දත්තයන් අනුව ගෙවී ගිය පසුගිය දස වසර තුල ලංකාව තුල ඇතුන් සහ අලින් 3000 කට ආසන්න ප්‍රමාණයක් ඝාතනය වී ඇත. මේ සියල්ලම හක්ක පටස්, විදුලි සැර වැද්දවීම්, වෙඩි තැබීම් ආදී වූ මනුෂ්‍ය ක්‍රියා කාරකම් හේතුවෙන් සිදුවී ඇත. සාමාන්‍ය අලි ඝාතන අගයට වසරකට ස්වභාවික මරණ අනුපාතය 10% ක අගයකින් එකතු කළහොත් මේ වන විට ස්වභාවික මරණ හේතුවෙන් අලි 600 කට ආසන්නව මිහි තලය අතහැර ගොස් ඇති බවට උපකල්පනය කිරීමට හැකියාව ඇත. 2011 අවසාන අලි සන්ඝනයේ දත්ත අනුව වැදුණු අලි ප්‍රතිශතය 4650ක ඉහල අගයක් ගැනීම අනුව මේ උපකල්පනයන් බොහෝ වැඩි වීමටද හැකියාව පවතී.
මරණ අතර ඝාතන හෝ ස්වභාවික නොවන මරණ අනුපාතයද දළ වශයෙන් 10% කට එහා අගයක් ගනු ලබයි . පොලිතින් ආහාරයට ගැනීම වගා ලිං සහ අගල් මත කොටුවී සිදුවන මරණයන් මේ අතරය. ඒ වසර දහය තුල තවත් මරණ 500 කට ආසන්න අගයකින් උපකල්පන අගය මත එකතු විය යුතුය.
මේ සියලු දත්ත උපකල්පනයන් මිශ්‍රව ගෙන නියැදියක් ලෙස ගොනු කළහොත් ගෙවී ගිය දශකය තුල අලි මරණ 3500-4000 කට ආසන්න අඩු වැඩි ප්‍රමාණයක් අවමයෙන් සිදුවී ඇති බව කිව හැකිය. ඊට සමානුපාතිකව මනුෂ මරණද 1000 ඉක්මවා ගොස් ඇත.
ආකර්ශනීය ඇතුන්ගේ මරණයන්ද වසරකට අවම 5-9ත් අතර පසුගිය දස වස තුල වාර්තා වී ඇති ප්‍රමාණයන් සලකා බැලීමේදී කුඩා වශයෙන් පිරිමි සතුන් 5% ප්‍රතිශතයකින් පිහිටන ජාන මත බිහිවන එවන් ඇත් උපත් මරණ සංඛාව හා ගැලපීමෙන් අද වන විට 60/100 ත් අතර බොහෝ අඩු අගයකින් පහල වැටී තිබීමට හැකියාව ඇත. ඒ මහේශාක්‍ය පරපුර අප නෙත් අභියසම එසේ අප භූමියෙන් සමු ගනු ඇත.
ඝාතන ස්වභාවික සහ ස්වභාවික නොවන වෙනත් මරණ අනුපාතයෙන් ගෙවී ගිය දස වසක කාලයේ දිනකට අලි මරණ එකකට වඩා වැඩි ප්‍රමාණයකින් අහිමිව ගොස් ඇති බව නිරීක්ෂණය වේ.
මේ අතර විහාර දේවාල ආදී වූ සංස්කෘතික උවමනාවන් සදහා හොර රහසේ ලබා ගන්නා කුඩා පැටවුන්ද පහත බසින් යන අලි සම්පත හමුවේ උපත් අනුපාතයන් අඩු වීම ද අනුව ලංකාවේ ආරක්‍ෂිත වනාන්තර වල වෙසෙන අලි ප්‍රමාණය 2000-3000 ක් තරමටම අඩු අගයක් ගනු ඇති බවට ඉඟි පල කල හැක. බොහෝ විට අනාගත සංඝනනයන් දේශපාලනිකව සිදු කිරීමටද මේ තත්වයන් බොහෝ දුරට හේතු විය හැකි බව පවතින යාන්ත්‍රණයන් තුල අපට සාධාරණ සැක මතු වීමද සොභාවිකය.
ඊට අමතරව අවතැන් ව සිටින ආරක්‍ෂිත නොවන වාසස්ථාන ප්‍රදේශයන් හරහා සංක්රමනිකව කොටුවී සිටින අලින් ගේද ජිවිත අවධානමත් අලි මංකඩ සහ අවශේෂ වනාන්තර විනාශයේ ප්‍රබලත්වය මත අද වන විට දිනකට අලි මරණ එක ඉක්මවා සිදුවන තත්වය අනාගතයේ තවත් වර්ධනය වීමේ අවධානමක් මතුව ඇත.
වහාම දේශපාලන හේතුන් මත බෙදා දුන් වනාන්තර ඉඩම් පවර ගෙන අලි මංකඩ විවර කර සංචරණ මාර්ග සහිතව අලි සම්පත ආරක්ෂා කිරීමේ වැඩ පිළිවෙලක් මෙන්ම ඝාතන සදහා ජීවිතාන්තය දක්වා දැඩි සිර දඩුවම් සහ ඇප අහිමි කොන්දේසි ආදී බරපතල නෛතික තත්වයන් ගෙන ඒමට රජය අපොහසත් වුවහොත් ඉදිරි දශකය අපි අලි සම්පතේ අවසානය දකින යුගය බවට පත් වීම අනිවාර්ය වනු ඇත.
ආසාර්ථක අලි වැට යනු මුදල් කාබාසිනියා වන මෙන්ම කොමිස් මුදල් සදහා වැඩ පිළිවෙලක් වන අතර අලි වෙඩි ආදී යල් පන ගිය ක්‍රම වේද තව දුරටත් වලංගු නොවනු ඇත.
අලි වෙඩි , අලි පැන්නිම් , අලි ප්‍රතිස්ථාපනය, අලි වැටවල් ඉදිකිරීම් සහ නඩත්තු මෙන්ම වන්දි වෙනුවෙන් පමණක් මහජන මුදල් බිලියන ගණනින් වියදම් කර ඇත. මෙම විසදුම් හුදෙක් කොමිස් මුදල් සදහා වන විසදුම් මිසක තිර සාර විසදුම් නොවන බවට අප යලි යලිත් අවධාරණය කරමු.
හාස්‍ය නම් මේ වන ලංකාව තුන් හතර ගුණයකින් එතීමට අවශ්‍ය අලි වැටවල් තිබෙන මුත් ඒ ප්‍රමාණයටම වර්ධනය වෙමින් බරපතලව මතුව එන අලි මරණ මෙන්ම මිනිස් මරණද යතාර්තයක් .