Breaking News

කොරෝනා අබියස කාන්තාව ශක්තිමත් බව ලෝකය පිළිගෙන ඇත

Russell CP Bandarawatta

තොටිල්ල පදවන අතින් රටවල් රැකෙන හැටි..
කොරෝනා මර්ධන සටනේ අයෝමය කාන්තා නායකත්වය

ලොව පුරා කොරෝනා මර්ධන සටනේ පෙරමුණට පැමිණ ඇත්තේ කාන්තා නායකත්වය බව ලෝක ප්‍රකට Forbes සඟරාව කියයි. අයිස්ලන්තයේ සිට තායිවානය දක්වාද ජර්මනියේ සිට නවසීලන්තය දක්වාද තම අණසක පතුරන මෙම සුවිශේෂී කාන්තා නායකත්වය ට්‍රම්ප්, මෝදි ,නෙතන්යාහු ,මැක්රේන් ,ඔර්බාන් ,ඔබ්රාදෝර් ,බොල්සොනාරෝ ,පෙඩ්රෝ සංචේස්, බොරිස් ජොන්සන් වැනි ලෝකයේ අණසක පැතිරෑ නායකයන්ගේ ප්‍රතිරෑප බිමට සමතලා කිරීමට සමත් වී ඇත.

මිලියන 83 ක අති විශාල ජනකායකට නායකත්වය දෙන ජර්මනියේ චාන්සලර් ඇන්ජෙලා මාර්කල් වෛරසයේ පළමු අධියරේදීම රටේ ජනගහණයෙන් 70 %කට වෛරසය ආසාදනය වන බවත් එය බරපතල ලෙස ජර්මානුවන් සිහියට ගත යුතු බවට අණතුරු ඇඟවීය. එතැන් සිට කටයුතු කළ ඇය තම රටේ කොවිඩ් වෛරසය ආසාදනය වූ ජනතාවට සාපේක්ෂව මරණ ගණන අඩු මට්ටමකට රඳවා ගැනීමට සමත් වී ඇත. මේ මොහොත වන විට ජර්මනියේ ආසාදිත ගණන 139,134 ලෙසද මරණයට පත් වූ ගණන 4,203 ලෙසද වාර්තා වන්නේ අසල්වැසි ප්‍රංශය ඉතාලිය හා ස්පාඤ්ඤයට සාපේක්ෂව ඉතා අඩු මරණ සංඛ්‍යාවකිනි. එමෙන්ම තම රටේ ලක්ෂය ඉක්මවා ආසාදිතයින් සිටින මොහොතක ඉතාලියෙන් හා ස්පාඤ්ඤයෙන් රෝගීන් තම රටේ රෝහල් වෙත රැගෙන ඒමටද කටයුතු කළේය.

කොරෝනා මර්ධන සටනේ වඩා විද්‍යාත්මක ලෙසද පෙර අත්දැකීම් ඉතා ප්‍රායෝගික ලෙසද භාවිතා කරමින් තම රටේ ජනයා මෙම ගෝලීය වසංගතයෙන් මුදවා ගැනීමේ දුෂ්කරම කර්තව්‍යයට උර දුන් විශිෂ්ටතම නායකත්වය අපට හමුවන්නේ තායිවානයෙනි. නමින් Tsai Ing-Weng වන ඇය වර්තමාන තායිවාන අගමැතිවරියයි. 2003 වසරේදී සාර්ස් වෛරසයෙන් 180,000 කට වඩා තම රට තුල රෝගාතූර වූ අතර 4500 කට අධික පිරිසක් මියගියේය.එම අභාවාචක අත්දැකීම තම ඉදිරි වැඩපිළිවෙලට ජවය කරගත් ඇය ප්‍රථමයෙන් නව නීති පනවා යකඩ හස්තයකින් රට පාලනය කළේය. රෝහල් පහසුකම් වැඩි කරමින් මුහුණු ආවරණ නිෂ්පාධනයද දස ගුණයකින් වැඩි කළේය.අවසානයේ මිලියන ගණනක් මුහුණු ආවරණ ඇමරිකාවට හා යුරෝපයට පරිත්‍යාග කිරීමටද ඇය සමත් විය. තම රටේ මරණ සංඛ්‍යාව 6 දක්වා අවම කර ගැනීමට ඇය විසින් පියවර 124 ක් ගත් බව වාර්තා වේ.තායිවානය පිහිටා ඇත්තේ චීනයේ සිට කි.මී. 180 ක දුරිනි. ඇයගේ නායකත්වයෙන් රටේ සියළුම පුරවැසියන් කොවිඩ් 19 පරික්ෂණයට යොමු කළ බවද වාර්තාවේ. එමෙන්ම නව කොරෝවා වෛරසය පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට පැතිර යන බව දෙසැම්බර් මස මුලදී ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුවත් කළේය. එය නොතකා හැරීම වෙනම කරුණකි. CNN ප්‍රවෘත්ති සේවය ඇයගේ කොරෝනා මර්ධන වැඩ පිළිවෙළ හැඳින්වූයේ ලෝකයේ ඉහළම වැඩපිළිවෙල ලෙසය

නවසීලන්තයට නායකත්වය දෙන ජසින්ඩා අර්ඩන් තම ජනතාව වෙනුවෙන් උපරිම මෙහෙය මේ වන විට ඉටු කරමින් සිටී. රෝගීන් 6 දෙනෙකු නවසීලන්තය තුල වාර්තා වීමත් සමගම තම රට ප්‍රථමයෙන් අගුළු දමා විදේශිකයින්ට පැමීණීම අහුරා දැමූ අතර තම පුරවැසියන්ට රට තුලට වහාම පැමිණෙන ලෙස ඉල්ලා ඔවුන් දින 14 ක නිරෝධායන කඳවුරු තුල රඳවා තැබුවාය. තම රට තුල අද දවස වන විට ආසාදිතයින් 1409 දෙනෙකු සිටියද මරණ සංඛ්‍යාව 7 සීමාවේ රඳවා ගැනීමට සමත් වී ඇත.

අයිස්ලන්තයට නායක්වය දෙන කැතරින් ජාකොබ්ස්දෙත්තර් තම රටේ සියළු ජනයාට නොමිලේ කොරෝනා පරික්ෂණයට ඉඩකඩ සලසා දුනි. ඉන් පසුව නිවැරදිව ආසාදිතයින් තම රට තුල හඳුනා ගැනීමට සමත් විය. තම රට තුල මේතාක් අගුළු දැමීමක් හෝ පාසැල් වසා දැමීමක් සිදු කර නැත. එරටින් 1754 දෙනෙකු වාර්තා වුවද මරණයට පත්ව ඇත්තේ 11 දෙනෙකු පමණි.

සන්නා මාරින් ෆින්ලන්තයේ බලයට පත්වන්නේ ලොව ලාබාලතම නායකත්වය ලෙස නව වාර්තාවක්ද තබමිණි. ගෝලීය වසංගතයක් ලෙස පැතිර යන කොරෝනාව පරාජය කළ හැක්කේ දැවැන්ත ප්‍රචාරණ යාන්ත්‍රණයකින් බව ඇය හඳුනා ගත්තේය. ඇයගේ කොරෝන මර්ධන සටනේ වැදගත්ම කාර්‍ය්යක් සමාජ මාධ්‍ය හරහා ඉටුකළ අතර එරට ආසාදිත ප්‍රමාණය අසල්වැසි ස්විඩනයට සාපේක්ෂව පහළ මට්ටමක තබා ගැනීමට සමත්විය. අද දිනය වන විට ෆින්ලන්තයේ 3,489 දෙනෙකු රෝගාතූර වුවද මැණ ගණන වාර්තා වන්නේ 82 ක් ලෙසය.

නෝර්වේ අගමැතිනිය වන එර්නා සෝල්බර්ග් මෙන්ම ඩෙන්මාර්ක් අගමැතිනිය වන මෙත්තේ ෆෙඩ්රික්සන් තම රටේ වගකීම හැකි උපරිමයෙන් ඉටු කරමින් සිටී.නෝර්වේ අගමැතිනිය තම මාධ්‍ය හමු ස්යල්ලම ඉලක්ක කරගනු ලැබුවේ දරුවන් වෙනුවෙනි.දරුවන් සමග සජීවී සංවාද පවා ගොඩ නගා දරුවන් නගන ප්‍රශ්ණ රටේ වැඩිහිටියන්ට දැනෙන ලෙස ඒත්තු ගැන්වීය එමෙන්ම ඩෙන්මාර්ක් අගමැතිනිය යුරෝපයේ ප්‍රථමයෙන්ම දේශසීමා වසා දමා තම රටේ ආරක්ෂාව වෙනුවෙන් පියවර ගත්තාය.අසල් වැසි ස්විඩනයට වඩා තම රටේ මරණ සංඛ්‍යාව පවත්වා ගැනීමට නෝර්වේ රට සමත් වී ඇත.අද දවස ගෙවෙන විට එරටින් වාර්තා වූ ගණන 161 කි. එමෙන්ම ස්විඩනයට හා ජර්මනියට මැදිව සිටින ඩෙන්මාර්කයේ වාර්තා වෙන මරණ ගණන ද සැලකියයුතු මට්ටමින් පහළ අගයක පවත්වා ගැනීමට සමත් වී ඇත. ඩෙන්මාර්කයේ දැනට මියගොස් ඇත්තේ 336 දෙනෙකු පමණි.

මෙම අත්දැකීම් තුලින් යම් රටක නායකත්වයට කාන්තාව කෙතරම් සුදුසුද යන්න පැහැදිලි වේ.

උපුටා ගැනීම Russell CP Bandarawatta

leave a reply