මේ ද සබන් කැටයේ සිට ආණ්ඩුවට බදු ගෙවන මිනිසුන් ය.

කොටුව ගුණසිංහපුර බස් නැවතුමට ගොනු කර දවස් එකහමාරක් තිස්සේ එකට තැබූ මිනිසුන් දැන් එතැනින් ඉවත් කරගෙන යන බව දැනගන්නට ඇත. මෙසේ ගාල් කර තැබූ මිනිසුන් පිළිබඳව මම දනිමි. ඒ වසර 7-8ක් කොළඹ කොටුව ආසන්නයේ දිවි ගෙවූ නිසා ය. රාත්‍රියක කොටුව දුම්රියපොළ පැත්තට යන්නෙකුට එහි රාත්‍රි නිවසන සිය ගණනක් දැකිය හැකිය.

නාටාමිවරුන්, ලිංගික ශ්‍රමිකාවන්, වෙළෙඳ සහයකයන්, වෙළෙන්දන්, සනීපාරක්ෂක කම්කරුවන්, කම්කරුවන්, යාචකයන්, බේරෙ වැව ධීවරයන් ආදී ලෙසින් විවිධ පිරිසක් වෙති.

මේ මිනිසුන් අතර කොරෝනා රෝගියෙක් හැසිරුණු බව වාර්තා වුණු නිසා පෙරේදා මේ අය ගුණසිංහපුර බස් නැවතුම වෙත ගාල් කරනු ලැබ තිබේ. කිසියම් හේතුවක් නිසාවෙන් අද දක්වා ඒ පිරිස නිරෝධායන මධ්‍යස්ථාන වෙත නොයවා එහිම තබා තිබුණි. ඒ අය අතර කොරෝනා ආසාදිතයෙකු සිටියේ නම් දවස් එකහමාරක් ගොනු වී සිටීම තුළ ඔවුන් රෝගයට නිරාවරණය වීම සිදු වෙයි.

පොලිසිය මේ පිරිසට ආහාර පාන සහ ඇඳුම් සපයා තිබුණි. ජලය සපයාගෙන ඔවුන් පිරිසිදු කර ඇත. නමුත් දින එකහමාරක් තිස්සේ ඔවුන් එකට ගැටෙමින් එතැන සිටියෝය.

විදේශයන්හි සිට පැමිණි අයවලුන් වහා නිරෝධායනයට යොමු කිරීම සිදු වුවද මේ පිරිසට අවදානම් සහිතව මෙසේ ඉන්නට සිදුවීම සම්බන්ධයෙන් වගකිවයුතු අංශ සොයා බැලීමක් කළ යුතු ය.

අතිශය පරිධියේ මිනිසුන් වන මේ අය බොහෝ විට “මිනිස් දුහුවිලි” ලෙස ගෙන නොසලකා හැරුණද අගනුවර යාන්ත්‍රණයේ දැතිරෝද කරකැවෙන්නට මේ මිනිසුන්ගේද දායකත්වය අමිල ය. අනෙක් අතට මේ ද සබන් කැටයේ සිට ආණ්ඩුවට බදු ගෙවන මිනිසුන් ය.

 

Share post:

Popular

වෙනත් පුවත්

පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට...

ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව

ගොවි ගැටලුවලට විසඳුම් විසඳුම් දෙන බව පවසා ආණ්ඩුව මේ...

පෞද්ගලික සමාගම්වලින් ඉන්ධන මිල වැඩිකරන්න බලපෑම්

ලෝක ඉන්ධන මිල ගණන්වල සිදුවන උච්චාවචනයන් හේතුවෙන් ගොඩබෑමේ පිරිවැය...

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පොලීසියට යන්නත් කලින් ඥානසාර හැංගිලා

ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව පොලිස්පතිවරයා වෙත ලැබෙනතුරු ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව...