වැඩකරන ජනතා අයතිවාසිකම් වෙනුවෙන් වූ ඒකාබද්ධ වෘත්තීය සමිති රැලිය සහ පාගමන

සමස්ත ලාංකීය වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඒකාබද්ධ වෘත්තීය සමිති රැලියක් සහ පාගමනක් අද (23) දින කොළඹදී පැවැත්වුණි. මෙහි මූලික සටන් පාඨ වූවේ,

රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවක ටැටුප් රුපියල් 15,000 කින් වැඩි කරනු.
පෞද්ගලික අංශ සේවකයින්ගේ අවම ආරම්භක මූලික වැටුප රුපියල් 25 000 කරනු.
රාජ්‍ය දේපල විකිනීම නවතනු.
2016 සිට බදවාගත් රාජ්‍ය සේවකයින්ට හිමි විශ්‍රාම වැටුප් ලබා දෙනු.
රාජ්‍ය සේවයට බදවාගත් සුදුසුකම් සපුරා ඇති සියලුම සේවකයන් ස්ථිර කරනු.

ඒකාබද්ධ වෘත්තීය සමිති රැලිය කොළඹ ජාතික රෝහල අසල පැවැත්වීමෙන් අනතුරුව පෙළපාලිය මුදල් අමාත්‍යංශය දක්වා ගමන් කරනු ලැබිණි. මෙහිදී වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන නියෝජිතයන් කිහිප දෙනෙකුට මුදල් අමාත්‍යංශ නිලධාරීන් සමඟ සාකච්ඡාවක් ලබා දෙන ලදී.
එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව පැවසුවේ සාකච්ඡාව සඳහා වගකිවයුතු අමාත්‍යංශ නිලධාරීන් දෙදෙනකු සම්බන්ධ වූ නමුත් ඔවුන් තමන් ඉදිරිපත් කළ ඉල්ලීම් සම්බන්ධයෙන් වගකීම බාර නොගත් බවයි. ඒ අනුව නිලධාරීන්ට මේ භාෂාවෙන් නොතේරෙන්නේ නම් වෙනත් තේරෙන භාෂාවකින් කතා කිරීමට සිදුවන බව සංවිධායක ලේකම්වරයා එහිදී පැවසීය.

Share post:

Popular

වෙනත් පුවත්

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...

අගමැතිගේ උත්සවයට නොගියොත් මහපොළ අවදානමේ – අන්තරෙන් අනාවරණයක්

පසුගිය ආණ්ඩු ක්‍රියාකළ ආකාරයටම නව ආණ්ඩුවත් මහපොළ දීමනාව ලබා...

රටේ ජනතාව වසර සිය ගණනක් ණයකරුවන් කරන අධිවේගී මාර්ග

ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය...