වැඩකරන ජනතා අයතිවාසිකම් වෙනුවෙන් වූ ඒකාබද්ධ වෘත්තීය සමිති රැලිය සහ පාගමන

සමස්ත ලාංකීය වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඒකාබද්ධ වෘත්තීය සමිති රැලියක් සහ පාගමනක් අද (23) දින කොළඹදී පැවැත්වුණි. මෙහි මූලික සටන් පාඨ වූවේ,

රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවක ටැටුප් රුපියල් 15,000 කින් වැඩි කරනු.
පෞද්ගලික අංශ සේවකයින්ගේ අවම ආරම්භක මූලික වැටුප රුපියල් 25 000 කරනු.
රාජ්‍ය දේපල විකිනීම නවතනු.
2016 සිට බදවාගත් රාජ්‍ය සේවකයින්ට හිමි විශ්‍රාම වැටුප් ලබා දෙනු.
රාජ්‍ය සේවයට බදවාගත් සුදුසුකම් සපුරා ඇති සියලුම සේවකයන් ස්ථිර කරනු.

ඒකාබද්ධ වෘත්තීය සමිති රැලිය කොළඹ ජාතික රෝහල අසල පැවැත්වීමෙන් අනතුරුව පෙළපාලිය මුදල් අමාත්‍යංශය දක්වා ගමන් කරනු ලැබිණි. මෙහිදී වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන නියෝජිතයන් කිහිප දෙනෙකුට මුදල් අමාත්‍යංශ නිලධාරීන් සමඟ සාකච්ඡාවක් ලබා දෙන ලදී.
එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව පැවසුවේ සාකච්ඡාව සඳහා වගකිවයුතු අමාත්‍යංශ නිලධාරීන් දෙදෙනකු සම්බන්ධ වූ නමුත් ඔවුන් තමන් ඉදිරිපත් කළ ඉල්ලීම් සම්බන්ධයෙන් වගකීම බාර නොගත් බවයි. ඒ අනුව නිලධාරීන්ට මේ භාෂාවෙන් නොතේරෙන්නේ නම් වෙනත් තේරෙන භාෂාවකින් කතා කිරීමට සිදුවන බව සංවිධායක ලේකම්වරයා එහිදී පැවසීය.

Share post:

Popular

වෙනත් පුවත්

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...

‘තෝරෛ’ නවකතාව ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ඉල්ලයි!

තම්ල් ලේඛක ප්‍රදීප් ගුණරත්නම් ගේ 'තෝරෛ' නවකතාවේ යොදා ඇති...

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...