මත්තලට එනවනම් අපගමන බද්දෙන් නිදහස්

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සඳහා අපගමන බද්දට අදාළව ප්‍රදානය කර ඇති සහන කාලය දීර්ඝ කිරීමට අදාළ යෝජනාවක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිව හිමිව තිබෙනවා.

කෙසේ නමුත්, 2025 ජනවාරි මස 07 වන දින අමාත්‍ය මණ්ඩලය විසින් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත නිශ්චිත කාලසටහන්ගත ගමන් වාර ක්‍රියාත්මක කරනු ලබන ගුවන් සේවා අපගමන බද්දෙන් නිදහස් කිරීමට තීරණය කළ අතර, එම බදු සහනය යටතේ ඇතැම් ගුවන්සේවා විසින් මේ වන විටත් එම ගුවන්තොටුපොළ වෙත සහ ඉන් පිටතට නිශ්චිත ගුවන් ගමන් වාර සහිතව ජාත්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබෙනවා.

එසේම මෙසේ ගුවන් ගමන් ක්‍රියාත්මක කරන අතරතුර, ඇතැම් ගුවන් සේවා එම ගුවන්තොටුපොළ වෙත ගුවන් ගමන් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සඳහා සිය කැමැත්ත ද ප්‍රකාශ කර ඇති බවයි සඳහන් වන්නේ

එකී අපගමන බදු සහනය තවදුරටත් පවත්වාගෙන යාම මඟින් තරගකාරීත්වය ඉහළ නැංවීම හරහා එම ගුවන්තොටුපොළ වෙත නව නිශ්චිත ජාත්‍යන්තර ගුවන් සේවා ආකර්ශනය කර ගැනීමට හා පවතින ජාත්‍යන්තර ගුවන් ගමන් මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි වනු ඇති බව රජය අපේක්ෂා කරන අතර, ඒ අනුව, දැනට ක්‍රියාත්මක වන අපගමන බදු නිදහස් කාලසීමාව 2027 ජුනි මස 26 දින දක්වා තවදුරටත් දීර්ඝ කිරීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක ඉදිරිපත් කළ යෝජනාවටයි මෙසේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත්තේ.

Share post:

Popular

වෙනත් පුවත්

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...