Breaking News

ඉතාලී නව විසා ලබා දීමේ නීතියේ වෙනස්වීම් රැසක් ,එහි වාසිය කාටද ?

තීමස් විජිත්

SANATORIA STRANIERI 2020 සනතෝරියා 2020
අප පෙර ලිපි මගින් සඳහන් කල පරිදි මෙය ක‍්‍රියාත්මක තලයට එන විට තව වෙනස්ම් සිදුවී තිබේ. එමෙන්ම විශේෂයෙන් මෙයින් කර තිබූ සීමා පැනවීම වෙනස් විය යුතු බවත් සැමට සමාන අවස්තාවක් හිමි විය යුතු බවත් සහ ඒ වෙනුවෙන් අප අරගළ කරන බවටත් කල සඳහන සනාත කරමින් තත්වයන් අලූත් වී තිබේ. තව දුරටත් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන අතර අවශ්‍ය මැදිහත්වීම් සඳහා බොහෝ සංවිධාන සමග අපද එක්ව සිටිමු.

සිදුවී ඇති වෙනස්කම්

සේවා නියුක්ති සම්බන්ධතා වල ස්වභාවය

නීති නියෝගය 2020 මැයි 19, n.34

ඉතාලිය තුල වාසය කරන විදේශිකයින්ට හා ඉතාලි ජාතිකයින්ට ඉල්ලූම් කල හැකි වේ. එහිදී 2020 මාර්තු 8 වන විට නීත්‍යානුකුල නොවන පදනමින් සේවයේ යොදාගත් අය වෙනුවෙන් පමනක් ඉල්ලූම් කල හැකියැයි තිබූ තත්වය අලූතින් කෙනෙකු රැකියාවක් සඳහා ඉල්ලූම් කිරීමටද හැකි ලෙස වෙනස් වී තිබේ.

ඊට අමතරව පෙර්මෙස්සෝ දි සර්ජෝර්නෝවක් තිබී 2019 ඔක්තෝබර් 31න් පසුව අලූත් නොකල විදේශිකයින්ට අවස්ථාව හිමිවන හා ඇගිලි සලකුණු ලබා දී තිබූ අයට පමනක් අවස්ථාව හිමිවන ආකාරයට තිබූ කොන්දේසිද වෙනස් වී තිබෙනව.
ඒ අනුව සේවා යෝජකයකුට ඉල්ලූම් කිරීමේ අවස්ථාව හා කලින් සර්ජෝර්නෝවක් හිමිව තිබූ අයටද ඉල්ලූම් කල හැකි තත්වය යටලේ පාර්ෂව දෙකකට ඉල්ලූම් කල හැකි අවස්ථාව තවත් පුලූල් වී තිබෙනව.

ඒ අනුව ඉල්ලූම් කල හැකි රැකියා අංශ
1. කෘෂිකර්මාන්තය, පශු සම්පත් හා සත්ව පාලනය, මසුන් ඇල්ලීම හා ජලජීවී වගාව සහ වෙනත් ආශ‍්‍රිත ක‍්‍රියාකාරකම් සඳහා සහ
2. උපස්ථාන සේවය සඳහා
3. ගෘහ සේවය සඳහා

Allo Sportello Unico (අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයේ ප‍්‍රාදේශීය ආයතනය) වෙත ඉල්ලූම්පත් යොමු කිරීම හා තැපැල් කාර්යාල මගින් න්වෙස්තුරා ආයතන වෙත ඉල්ලූම් කිරීම යන අවස්ථා දෙක හිමිව තිබෙනවා.

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේදී සේවා යෝජකයින් සඳහා අවශ්‍ය සුදුසු කම්

x ඉල්ලූම් කරුවන් ඉතාලි පුරවැසියන්, යුරෝපා සංගමයේ සාමාජික රටක පුරවැසියන් හෝ දිගු කාලීන යුරෝපා සංගම් පදිංචිය සඳහා අවසර පත‍්‍රයක් ඇති විදේශිකයන් විය යුතුය.
x කෘෂිකාර්මික, අභිජනන හා සත්වෝද්‍යාන, මසුන් ඇල්ලීම සහ ජලජීවී වගා අංශ සඳහා ඔවුන් සතුව ලියාපදිංචිය තිබිය යුතුය.
x ඔවුන්ගේ අවම වාර්ෂික ආදායම යුරෝ 30 දහසකට නොඅඩු විය යුතුය.

ගෘහ සේවය

ගෘහ සේවය සේවා අංශ සඳහා වාර්ෂික ආදායම පවුලේ යැපෙන්නන් එක් අයෙකු සිටින විට යුරෝ 20,000 කට නොඅඩු විය යුතු අතර යැපෙන්නන් ගනන ඊට වැඩිනම් එය යුරෝ 27,000 ට නොඅඩු විය යුතුය.
උපස්ථාන සේවය .

උපස්ථාන සේවය සඳහා රැකියාවට ගනු ලබන්නේ එක් සේවකයකු පමනක් නම් සේවා යෝජකයාගේ අවම වාර්ෂික ආධායම ගනන් බැලීමක් නොකරන අතර සේවකයින් එක් අයෙකුට වඩා වැඩි වන අවස්ථාවක ඉල්ලූම් කරුගේ ආදායම් තත්වය පරික්ෂා කරණු ඇත.

සර්ජෝර්නෝවක් ඉල්ලූම් කිරීමේදී විදේශීකයා සතුව තිබිය යුතු සුදුසුකම්

x 2020 මාර්තු 8 දිනට පෙර ඇගිලි සලකුණු ලබාදුන් අය වීම.
x 2019 ඔක්තෝබර් 31 දින සිට කල් ඉකුත් වූ සහ 2020 මාර්තු 8 දිනට පෙර ඉතාලිය හැර නොගිය අයකු වීම.
x ඉතාලියේ රැඳී සිටින වග ක්වෙස්තුර ආයතනයක් වෙත දැනුම් දුන් සංක‍්‍රමණිකයින් වීම.
x ඒ හැර 2020 මාර්තු 20 දිනට පෙර ඉතාලියේ රැඳී සිටි බව තහවුරු කිරීමට පහත දැක්වෙන ලේඛණද ඉදිරිපත් කල හැකිවේ.

මුලිකම සුදුසුකම වන්නේ ඉතාලියට ඇතුල් වීමේදී විදේශ ගමන් බලපත‍්‍රය වෙත තැබූ මුද්‍රාවයි.
ඊට අමතරව

x රාජ්‍ය පරිපාලන ආයතනයකින් ලද සියලූම ලියකියවිලි
x රාජ්‍ය පරිපාලන ආයතනයකට ඉදිරිපත් කල ලේඛන. කල් ඉකුත්වූ සර්ජෝර්නෝව/හැඳුනුම්පත හෝ යමක් නැතිවූ බවට කල පැමිනිලි කොපියක්
x මහජන සේවාවන් සපයන ආයතනවලින් ලැබෙන බිල්පත් විදුලි බිල් ගෑස්/දුරකථන බිල්/සෞඛ්‍ය ලේඛන තැපැල්පත් හෝ සහතික කළ තැපැල් ලිපි/ලියාපදිංචි ප‍්‍රවාහන කාඞ්පත් ආදිය
x රජයේ හෝ පෞද්ගලික පාසල්වලින් ලබාගත් සියලූම ලියාපදිංචි ලේඛන
x හෝටල් වල ලියාපදිංචි ලියකියවිලි
x කරිටාස්/මෙදිචි සෙන්ස ෆ්‍රොන්තියෙරි වැනි ජාතික හා ජාත්‍යන්තර සංවිධානවල සේවාවන් ලබා ගත් බවට වූ ලේඛන

මේ සඳහා ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමිව තිබෙනවා.
ඉහත සඳහන් රැකියා අංශ සඳහා අලූතින් සේවකයකු බඳවා ගන්නේ නම් හෝ දැනට නීති විරෝධී ලෙස සේවයේ යොදාගෙන සිටින අයෙකු නීතිගත කිරීමට හෝ ඉල්ලූම් කිරීමට හැකියාව ලැබෙන අතර විදේශිකයා විසින් 2020 මාර්තු 8 දිනට පෙර ඉතාලියේ රැඳී සිටි බවට තහවුරු කල යුතු වෙනවා.

ඒ සඳහා ඉල්ලූම් පත් ඉදිරිපත් කල යුත්තේ ඔන් ලයින් මගින් පමනක් වන අතර ජුනි 1 දින සිට ජූලි 15 දක්වා උදේ 7.00 සිට රාත‍්‍රී 10.00 දක්වා කාලය ලබා දී තිබෙනවා.

ඉල්ලූම් පත් ඉදිරිපත් කරන අවස්ථාව වන විට එසේ ඉල්ලූම් කරන එක් සේවකයකු වෙනුවෙන් යුරෝ 500ක මුදලක් එෆ් 24 ආකෘතිය තුලින් ගෙවා තිබිය යුතු වෙනවා. ඊට අමතරව යුරෝ 16.00 මුද්දරයක්ද ඊට එක්කල යුතු වෙනවා.

සේවා යොජකයකු නොමැතිව ඉල්ලූම් පත් ඉදිරිපත් කිරීම

වීසා අවලංගුවූ විදේශිකයන්ට රැකියාවක් සෙවීම සඳහා තාවකාලික වීසා බලපත‍්‍රයක් සඳහා ඉල්ලූම් කළ හැකිය. එම තාවකාලික වීසා බලපත‍්‍රය මාස හයක් වලංගු වේ. එම කාලය තුල රැකියා කොන්ත‍්‍රාත්තුවක් ඉදිරිපත් කිරීමෙන් ස්ථීර සර්ජෝර්නෝවකට හිමිකම් කිව හැකිවේ.

ඒ සඳහා පෙර්මෙස්සෝ දි සර්ජෝර්නෝවක් කලින් තිබූ කෙනෙක් විය යුතු අතර 2019 ඔක්තෝබර් 31න් පසු එය අලූත් කර හෝ වෙනත් සර්ජා්ර්නෝවකට මාරු කර නොගත් අයකු විය යුතුයි.

එමෙන්ම 2020 මාර්තු 8 වන විට ඉහතින් සඳහන් කල රැකියා අංශයක පමනක් යෙදී සිටිය අයෙකු විය යුතුයි.
එහිදී නිකුත් කරන තාවකාලික සර්ජෝර්නෝව වලංගුභාවය ඉතාලියට පමනක් සීමා වනවා.

ඉල්ලූම් පත් ඉදිරිපත් කල හැකි කාලය ජුනි 1 සිට ජූලි 15 දක්වා වේ.

ඒ යටතේ ඉල්ලූම්පත් ඉදිරිපත් කල යුත්තේ තැපැල් කාර්යාල මගින් අදාල ක්වෙස්තුර ආයතන වෙත වන අතර යුරෝ 30ක මුදලක් ඒ සඳහා අය කෙරේ.

අවශ්‍ය ලිපි ලේඛණ

මේ වන විට වලංගු තම ගුවන් බලපත‍්‍රය හෝ තම රටේ අදාල තානාපති අංශයකින් නිකුත් කල ඊට සමාන ලේඛනයක් ඉදිරිපත් කල යුතු වනවා.

ඒ අනුව
x 2020 මාර්තු 8 දිනට පෙර ඉතාලියේ සිටි බවට තහවුරු කල හැකි පිළිගත් ලේඛනයක්.
x සීමා කර ඇති රැකියා අංශයක සේවය කල බව තහවුරු කල හැකි ලියවිල්ලක් ඉදිරිපත් කල යුතු වෙනවා.

එසේ ඉල්ලූම් කරන්නෙකු ඉල්ලූම් පත් ඉදිරිපල් කරන අවස්ථාව වන විට යුරෝ 130ක මුදලක් එෆ් 24 ආකෘතිය මගින් ගෙවා ලබා ගත් රිසිට් පත තිබිය යුතු වෙනවා. යුරෝ 16.00 මුද්දරයක්ද ඊට අමතරව තිබිය යුතු වනවා. ඊට අදාල පිවිසුම්

►Presentazione della domanda: https://nullaostalavoro.dlci.interno.it
►Informazioni sulla procedura: infoemersione2020@interno.it
►Servizio Help Desk: http://selfhdext.dlci.interno.it/shd/?referer=ALI

එමෙන්ම
සේවා යෝජකයකු විසින් ඉල්ලූම් පත් ඉදිරිපත් කරන විට “REDI” සංකේතයද
වීසා අවලංගු වූ විදේශිකයකු විසින් ඉල්ලූම් පත් ඉදිරිපත් කරන විට ර්‍ණඍෑක්‍ඔ” සංකේතයද භාවිතා කල යුතු වෙනවා. ඊට අදාල සවිස්තර ඉතාලි ලේඛණ අප මෙයට අමුනා තිබෙනවා.

  • pagamento f24_AGENZIA DELLE ENTRATE
  • schede-illustrative_emersione_dei_rapporti_di_lavoro
  • SCHEDA+DM-27-05-2020-volantino
  • F24 Editabile
තීමස් විජිත්

leave a reply