ප්‍රංශයේ ජීවත්වන ලාංකිකයකුවන එස්. රයාකරන්, කොරෝනා ආසාදනයෙන් දරුණු ලෙස පීඩා විඳිමින් එරට බලධාරින් විසින් වෛරස ව්‍යාප්තිය වැළැක්වීමට ගත් පියවර සම්බන්ධ විව්චනය කරමින් කරුණු දක්වයි.
‘නව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ’ නමැති දේශපාලන සංවිධානයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයකුව සිටි ඔහු කලක් ‘සම අයිතිය ව්‍යාපාරයේ’ ක්‍රියාකාරිකයකුව හිඳිමින් ලංකාවේ ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් හඬ නැගීය. ඔහු මේවන විට කොරෝනා රෝගයෙන් රෝගීව සිටින අතර බිරිය සහ දරුවන් දෙදෙනාද එයින් රෝගීව සිටිති. තමන් පත්ව සිටින දුෂ්කර තත්වය හමුවේ ඖෂධ වර්ග ගැන කියන්නට හෝ තමා අමන්නට උත්සාහ නොකරන ලෙස පවසන රයාකරන්, මෙම වසංගතයෙන් පසුවවත් විචාර බුද්ධිය මෙහෙයවා ලෝකය යළි ගොඩනැගීම කෙරෙහි අවධානය යොමුකරන ලෙස සියල්ලන්ගෙන් ඉල්ලා සිටී.
ඔහු විසින් සිය ෆේස්බුක් පිටුවේ තැබූ සටහනක පරිවර්තනය පහත පළ වේ.
“කොරෝනා වෛරසය මගේ ජීවිතය සපා කමින් සිටී!
මාගේ ප්‍රතිශක්තිය, මගේ ජීවිතය වෙනුවෙන් සටන් කරයි. එම සටන මට වේදනාවකි. ජය ගන්නේ කවුද යන්න කාලය විසින් තීරණය කරනු ඇත. මා වෙනුවෙන් සටන් කරන ප‍්‍රතිශක්තිකරණයට උදවු කිරීමට බෙහෙතක් නැත. ඔක්සිජන් ලබා දී සටන දිරිමත් කිරීමට රජයටද හැකියාවක් නැත. වෛරසයට එරෙහි යුද්ධයකට සූදානම කියා මොර දුන් දෙශපාලන පසුබිම තුළ ඒවා නොමැතිවීමෙන් හිමිවන්නේ මරණයයි. රොගීන් ප‍්‍රතිකාර නොමැතිව අතහරිනු ලබයි. හෙට දවසේ මගේද – ඔබේ ද ඉරණම මෙය විය හැක.
එය මාගේ ගෙය තුළටත් ඒවි, මරණය මා වටා කරකැවීම යන්න පරිකල්පනයක් නොවේ. පසුගිය දින හතරක් කොරෝනා වෛරසය ටිකින් ටික මාව සපා කමින් සිටී. කොරෝනා ආසාදනය වී ඇති බව සායනිකව තහවුරු විය. මගේ වයසත් වෛරසය පහසුවෙන් ඇතුල්විය හැකි රොගාතුරවු මගේ ශරීරයත් ඊට හේතු විය. මෙම පසුබිම තුළ මගේම වන ආත්ම ශක්තිය වන්නේ පසුගිය අවුරුදු 40 පුරාම මා ආදරය කළ සමාජය ගැන ලිවීම පමණයි. මෑතකදී කොරෝනා ගැන ලිපි 20 කටත් වඩා මා විසින් ලියා ඇත. එදා එම ලිපිවල මා කතා කළ දේවල් ගැන අද මගේ රෝගී තත්වයේ සිට ලියමි.
මිනිසෙකු වශයෙන් තවත් මිනිසෙකුට ගරු නොකරන සිතුවිලි – න්‍යායන්, සියල්ල හුදකලාව තමන්ව ඉදිරියට තබා සිතන ඒක පුද්ගල තර්ක, සමස්ත සමාජය ගැන හෝ, සොබාදහම ගැන හෝ, ස්වභාධර්මයේ වෙනත් ජීවීන් ගැන හෝ තැකීමක් නැති ව්‍යාජ තර්ක – කොපමණ මිනිසුන බිලිගනිමින් සිටීද. සමාජයක් වශයෙන් අප සියලූදෙනාම වරදකරුවන්ය. සමාජය වෙනස් කරන්න අප කළේ මොකක්ද? මේවා ව්‍යාජ තර්ක යැයි කියා ඉවත්ව යන ඔබගේ මනෝභාවය ගැන දනිමි. මිනිස්සු ජීවත්වීමට නොහැකිව මියැදෙති. අද පමණක් නොව, අතිතයේ සිට මේ වෙනුවෙන් සැලකිලිමත් වූයේ කවුරුද?
වයිරසයට එරෙහිව රජයන් විසින් ගනු ලැබු ක‍්‍රියාමාර්ග, වෛද්‍ය විද්‍යාව, වයිරස් ව්‍යාප්තිය ගැන රජය විසින් ජනතාවට ඉදිරිපත් කළ තර්ක රටින් රටට වෙනස් විය. එයට සාපේක්ෂව මරණය, සැම තැනම මිනිස් ඛේදවාචකයකි. තම ප‍්‍රතිපත්තිමය තීරණ ජනතාවගෙන් ඉවත් නොකරන ලදී. ව්‍යාජ, පිරිසැකසුම් කළ තොරතුරු. මේවා හඳුනාගනිමින් සිටියදී – මගේ නිවස තුලට වයිරසය බලෙන් ගෙන එනු ලැබුවේ රජය විසිනි.
මාර්තු 15 දින සිට මා නිරොධායනයට ඇතුළත් කළ කාලයකි. ඊට පෙර මාසයක් පමණ අවධානයෙන් සිටි මා, සවිඥානිකව එළඹෙන අවස්ථාවට මුහුණ දීම සඳහා අවදියෙන් සටන් කළ මිනිසෙකි. පිටතට යාම සඳහා ප්‍රංශ රජය අනුමැතිය ලබාදුන් අවස්ථාවේ පවා එය නිවැරදි නොවන නිසා පිටතට නොගියෙමි. නිවසේ මා සමඟ සිටින දරුවන් දෙදෙනාද (වයස අවුරුදු 20 වැඩි) පිටතට ගියේ නැත.
මාගේ බිරිඳ අනිවාර්යයෙන් රැකියාව සඳහා යායුතුය. ඇය සේවය කරන්නේ සුපිරි වෙළඳසැලකය. ඉන්දියාවේ ඇඳිරි නීතිය ප‍්‍රකාශයට පත්කිරීමෙන් පසු ජනතාව වීථිවල සැරිසැරූ ආකාරයටම, මෙහිදී සුපිරි වෙළඳසැල් වෛරසය ව්‍යාප්ත කරමින්, ලාභ සොයන දඩයමේ නිරත විය. අත්යාවශ්‍ය භාණ්ඩ වෙළඳාම යන නාමයෙන් කිසිම ක‍්‍රමවේදයක් ඉදිරිපත් නොකර, වසා ඇති ගොඩනැගිල්ලක් එක වර්ග මීටරයකට කීදෙනෙක්ද යන සීමාවද නොදමා, ලාභ කොල්ලය සඳහා රජය විසින් විවෘත කරන ලදී. මගේ බිරිඳ සේවය කළ ආයතනයේ භාණ්ඩ ලබා ගැනීමට පැමිණි ජනතාව පේලි කඩාගෙන ඇතුල්වූහ. මගේ බිරිඳ සේවය කළ ආයතනයේ සාමාන්‍යයෙන් සේවකයන් 5ක් පමණ සේවය කරනවා. සාමාන්‍යයෙන් විවෘතව තබන වේලාවල්වලට වඩා වේලාවක් විවෘතව තබනවා. වෙළඳාම වෙනදටත් වඩා අධිකයි. රජය විසින් ප‍්‍රකාශයට පත්කරනලද නිරෝධායන ප්‍රතිපත්ති නිසා මගේ බිරිඳ මාර්තු 31 දින නිවාඩු ලබාගත්තා. පහුවදා ඇයටත් උණ.
මේ අතර. වෙළඳ සහායිකයන්ගෙ බිය තුරන් කිරීම සඳහා ඔවුන් ආවරණය වන සේ කන්නාඩියක් සවි කර, එයින් වයිරසය බෝ නොවන බවට මිත්‍යාවක් නිර්මාණය කළා. මේ ආකාරයෙන් වෛරසය වාතයේ වැඩි කාලයක් රැඳී සිටීමට ඉඩ හරිනු ලැබුවා. ජනතාවගේ ප්‍රශ්වාස වාතය වෙළඳ සහායකගෙ ඉදිරියේ තබා ඇති කන්නාඩියේ වැදී, ඉදිරියේ සිටින අනෙක් වෙළඳ සහයකගේ කන්නාඩියට වැදී මුහුණට කෙලින් බිමට බැස හුස්ම ගැනීමට සැලසුවා. වාතාශ‍්‍රය නොමැති, වසාදමා ඇති ගොඩනැගිල්ල, තදබදය, කිසිම සනීපාරක්ෂක පිළිවෙතක් නැත. වෙලඳපළ ක්‍රියාවලියට අනුව වෛරස් ව්‍යාප්ති ප‍්‍රතිපත්තිය යටතේම එය මගේ නිවසට ආවේ මේ ආකාරයටයි. අපේ ගෙදර ඉන්න හතර දෙනාටම කොරෝනා රෝග ලක්ෂණ මතුවිය.
මගේ අසනීප තත්වය නිසා වෛද්‍යවරයෙක් හමුවීමට හා කොරෝනා පරීක්ෂණය සඳහා අපේ‍්‍රල් 7 වැනිදා කිලෝ මීටර 6ක් ඇවිදගෙන ගියා. මාර්ගයේදී 500ක පමණ පිරිසක් එහෙ මෙහෙ යනු දකින්න ලැබුණා. කිසිදු පරීක්ෂණ ක්‍රියාවක් නැත. මෙහි තේරුම වෛරසය පැතිරෙනවා යන්නයි. මුලින් එය වෛරස් ආසාදනයද යන සැකයක් ඇතිවුනා. නමුත් තහවුරු කළ අවස්ථාවට පෙර අන් අයට පැතිරීම වලක්වන්න මුහුණ ආවරණයක්ද නැත. මට එය ලබාදෙන ලෙස වෛද්‍යවරයා කීවත් එය ලබාගැනීමට නොහැකි විය. වෛරසය අප නිවසේ පදිංචියට ආ තත්වයක් තුළ උණ තත්වයට බෙහෙත් ගන්නට අපම යායුතුයි. එහි තේරුම රොග වාහකයන් වන අපට මෙයට වඩා වෙනස් ක‍්‍රමයක් නැති බවයි.
මට දින 4-5ක් වියලි කැස්සක් හටගෙන. හිසේ කැක්කුම, හිසේ බර ගතියක්, බඬේ අමාරුව, පාචනය, ශරීරය වෙව්ලීම, කැස්ස, ලේ මිශ‍්‍ර කෙළ, ශරීරයේ සෑම තැනම කැක්කුම, උණ, ඇහේ දැවිල්ල මේ සියල්ල අඩු වැඩි වශයෙන් තිබිණි. තවමත් එම තත්වය තිබේ.
වෛද්‍යවරයා කියා සිටියේ ඉදිරි දින කීපය පරිස්සම් වන ලෙසය. හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇතිවුවහොත් රෝහලට අමතන ලෙසද ඔහු කීවා. රෝහල්වල රෝගියකු මැරුණෙත් ඊළඟ ආසාදිතයාට ඉඩ ලැබෙන තත්වයක්. රෝහල් ජනතාවගෙන් පිරී ඉතිරෙනවා. වෛද්‍ය උපකාර ඉල්ලා සිටීමද අධෛර්ය කරනු ලබනවා. වැඩිහිටි නිවාසවල රෝග ආසාදනය නොසලකා හැර මිය යාමට ඉඩ සලසනවා. මේ ප‍්‍රංශ අධිරාජ්‍යයේ කතාවයි.
රජයේ ප‍්‍රතිපත්තිය නිසා රෝගය ව්‍යාප්ත වෙමින් පවතිනවා. මගෙ නිවසේ 4 දෙනෙකුට කොරෝනා ආසාදනය වූවා මෙනි.
සටහන-
නමුත් දැන් කිසිකෙනෙක් දුරකථනයෙන් මා අමතන්න එපා. ඒ බෙහෙත – මේ බෙහෙත කියා කිසිවෙකුට උපදෙස් දෙන්න එපා. සමාජය ඉදිරියට තබා සිතන්න. ස්වභාධර්මය ගැනත්- අනෙක් ජීවීන් ගැනත් සැලකිලිමත්වන්න. අනාගත සමාජයට ඉගැන්විය යුතු දේ ගැන අවධානය යොමු කරන්න. කටකතා සහ මිත්‍යා විශ්වාසයන් අතහැර විචාර බුද්ධියෙන් සිතන්නටත්, ජීවත් වීමටත් ඉගෙන ගන්න. අනාගත ජීවිතය නිර්මාණය කරණු ලබන්නේ එයින් පමණය. ඔබ මා සමඟ එකඟ නොවනවා ඇති. එහෙත් මෙම යතාර්ථය අභිබවා කිසිවෙකු ජීවත්වූයේද නැත.”
උපුටා ගැනීම – ලංකා වීව්ස් වෙබ් අඩවිය