ඩිප්‍රෙෂන්, ජෝකර්, කොන්කොක්ල් – සඳමාලි රාජපක්ෂ

එක කාලෙකට පරිවර්තන කියවනව, තව කාලෙකට නවකතා කියවනව, තවත් කාලෙකට කවි පොත් කියවනව, නැත්තං රහස් පරීක්ෂක කතා කියවනව…මේ ඒකාකාරීව දිව යන ජීවිතේ විවේකයක් හොයාගන්න අපහසුයි.. ඒත් පොත් සල්පිලෙන් ගත්තු පොත් කොහොමහරි එක එක කියවනව..

ඩිප්‍රෙෂන්, ජෝකර්, කොන්කොක්ල් කියන්නෙ ධනූ ජයසුන්දරගෙ රහස් පරීක්ෂක ශානරයෙන් ලියැවුණු පොත් කිහිපයක්.. මේ පොත් ගැන කියන්නම මම මේක ලියන්නෙ ඇත්තටම පිස්සුවෙන් කියවලා ඉවර කරපු පොත් තුනක් නිසා…මම ඇයව පුද්ගලිකව හඳුනන්නෙ නැති වුණත් මුහුණු පොතේ ඇය හිඳින බව සහ ඇයට මිතුරු ඇරයුමක් යොමු කලේත් ඇය එය පිලිගත්තෙත් ඊයෙ.. ඇයව අගය නොකර ඉන්න මට බැරිවුණා..

ඇත්තටම කියවපු බොහොමයක් රහස් පරීක්ෂක කතා එක්ක බලද්දි ධනූ ජයසුන්දර ලේ්ඛිකාවගෙ ලිවීමේ හැකියාව විශිෂ්ඨයි.. ත්‍රාසය ,කුතුහලය, සිද්ධි ගැලපීම, තාර්කික බව ඔය කොයි අතින් ගත්තත් ඒ හැම එකක්ම එකිනෙකට මනාව ගලපලා තියනව.. කතාව කියවගෙන යද්දි කොතනකදිවත් ඒ ගලා යෑම කෘත්‍රිමව දැනුනෙ නෑ සහ ප්‍රබන්ධයක් කියලා හිතුණෙ නෑ… මං හිතන්නෙ ඒක තමයි ඇගේ ලිවීමේ විශේෂත්වය..

කතාවෙ කොතනකවත් අපැහැදිලි තැන් නෑ…හැමදෙයක්ම නිරවුල් කරන ගමන් පිටුවෙන් පිටුව ගලාගෙන යනව.. චිත්ත රූප මැවෙන භාෂා විලාසය නිසා අපිත් ඒ චරිත අසළින්ම රැඳෙනව වගේ හැඟීමක් දැනෙනව.. කොටින්ම පොත බිම තියන්න නොහිතෙන තරමට රසවත්.. හැකි නම් අරං කියවන්න..

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...