අමෙරිකානු එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 20%ක් දක්වා අඩු කර තිබේ. එම අනුපාතය පෙර පැවතියේ 30% කයි.
ඇමෙරිකානු ජනාධිපතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් විසින් ප්‍රකාශ කරන ලද විධායක නියෝගයක් මගින් මෙය සිදු කර ඇති අතර එහි රටවල් රැසක තීරු බදු අනුපාත සඳහන් කර ඇත. එහි ශ්‍රී ලංකාවට 20% ක තීරු බදු හිමි වී තිබේ.
ඒ අනුව අගෝස්තු 7 වෙනිදා සිට මෙම නව බදු ප්‍රතිශතයන් බලාත්මක වනු ඇත.
ශ්‍රී ලංකාවේ අනුපාතය බංග්ලාදේශය 20%, වියට්නාමය, මැලේසියාව 19% , ඉන්දුනීසියාව 19% , තායිලන්තය 19% , පකිස්ථානය යන රටවල අනුපාතයට යම් සමාන තත්වයක සිටින අතර ඉන්දියාවට වඩා අඩු වී ඇත. ඉන්දියාවේ එම බදු අනුපාතය 25%කි.
මුදල් අමාත්‍යංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුමගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකාවේ සාකච්ඡා කණ්ඩායම එක්සත් ජනපද වෙළඳ නියෝජිත කාර්යාලය සමඟ සාකච්ඡා පැවැත්වූ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක ද මාර්ගගතව සාකච්ඡාවක් පවත්වන ලදී.
සාකච්ඡා සඳහා අවසන් දිනය ලෙස ප්‍රකාශ කර තිබූ අගෝස්තු 1 වනදා යන්න දීර්ඝ කර ගැනීම සඳහා රටවල් ගණනාවක් විවිධ උත්සාහයන් ගනිද්දීත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම නියෝගය මගින් විශාලතම වෙළඳ හවුල්කරුවන් බොහෝ දෙනෙකු සඳහා දැඩි වෙළඳ තීරුබදු ප්‍රකාශයට පත් කර තිබේ. ඉන්දියාව ඊට කදිම නිදසුනකි.
අද දිනය මේ සඳහා දී තිබූ අවසන් දිනය වන්නේ, ජනාධිපති ට්‍රම්ප් විසින් “Liberation Day” ලෙස හඳුන්වන ලද April 2 දිනයේදී ලොව පුරා තීරුබදු පනවන බව ප්‍රථම වරට ප්‍රකාශයට පත් කිරීමෙන් දින 120 කට පසුවය. ඒ අනුව එම කාලය අදින් අවසන් වේ. මේ වසරේ ජනවාරි මාසයේදී ට්‍රම්ප් බලයට පත්වීමෙන් පසු තීරුබදු පැනවීමේදී ප්‍රමාදයන් කිහිපයක් සිදු වුවද, අද (1) දිනයට පෙර වෙළඳ ගිවිසුමක් ඇති කර ගැනීමට අපොහොසත් වන රටවල් සඳහා නව තීරුබදු අනුපාත ක්‍රියාත්මක කිරීමට සූදානම් බව ඔහු ප්‍රකාශ කර තිබේ.
අන්‍යෝන්‍ය තීරුබදු වෙනස් කළ රටවල් සහ ප්‍රදේශ මෙසේය.
Afghanistan 15%
Algeria 30%
Angola 15%
Bangladesh 20%
Bolivia 15%
Bosnia and Herzegovina 30%
Botswana 15%
Brazil 10%
Brunei 25%
Cambodia 19%
Cameroon 15%
Chad 15%
Costa Rica 15%
Côte d`Ivoire 15%
Democratic Republic of the Congo 15%
Ecuador 15%
Equatorial Guinea 15%
European Union: Goods with Column 1 Duty Rate[1] bigger than 15% 0%
European Union: Goods with Column 1 Duty Rate lower than 15% 15% minus Column 1 Duty Rate
Falkland Islands 10%
Fiji 15%
Ghana 15%
Guyana 15%
Iceland 15%
India 25%
Indonesia 19%
Iraq 35%
Israel 15%
Japan 15%
Jordan 15%
Kazakhstan 25%
Laos 40%
Lesotho 15%
Libya 30%
Liechtenstein 15%
Madagascar 15%
Malawi 15%
Malaysia 19%
Mauritius 15%
Moldova 25%
Mozambique 15%
Myanmar (Burma) 40%
Namibia 15%
Nauru 15%
New Zealand 15%
Nicaragua 18%
Nigeria 15%
North Macedonia 15%
Norway 15%
Pakistan 19%
Papua New Guinea 15%
Philippines 19%
Serbia 35%
South Africa 30%
South Korea 15%
Sri Lanka 20%
Switzerland 39%
Syria 41%
Taiwan 20%
Thailand 19%
Trinidad and Tobago 15%
Tunisia 25%
Turkey 15%
Uganda 15%
United Kingdom 10%
Vanuatu 15%
Venezuela 15%
Vietnam 20%
Zambia 15%
Zimbabwe 15%