“අද ඉතාලිය අවදි වෙනවා” කොරෝනා පරදන එන්නත නිලවශයෙන් එන්නත් කිරීම ආරම්භ කරයි

අද ඉතාලිය කෝවිඩ් මර්දන එන්නත එන්නත් කිරීම නිල වශයෙන් ආරම්භ ආරම්භ කලා. ඒ අනුව එන්නතෙහි පළමු මාත්‍රාවන් තුන රෝමයේ ස්පාලන්සානි ආයතනයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවකයින් තිදෙනෙකුට ලබා දෙන ලදී.

“අද ඉතාලිය අවදි වෙනවා” යැයි අගමැති ගුසෙප් කොන්තේ  පැවසීය. මෙම දිනය අප සමඟ සදහටම පවතිනු ඇත. අපි සෞඛ්‍ය සේවකයින් සහ වඩාත් අවදානමට ලක්විය හැකි කණ්ඩායම් වලින් ආරම්භ කර පසුව මුළු ජනතාවටම ප්‍රතිශක්තිය ලබා ගැනීමේ හැකියාව සහ මෙම වෛරසය නිශ්චිතවම පරාජය කිරීමේ හැකියාව ලබා දෙන්නෙමු” යනුවෙන් අග්‍රාමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් හරහා තම අදහස ප්‍රකාශ කර තිබුණි.

ප්‍රථම අදියර යටතේ පසුගිය 24 වනදා ඉතාලියට කොරෝනා එන්නත් මාත්‍රා 9  750ක් ලැබුණු අතර මුල් වතයෙදී  සෞඛ්‍ය කාර්යමණ්ඩල වලටත් දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන රෝගීන්ටතත්  එන්නත ලබාදීමට නියමිතයි. ක්‍රමානුකූලව එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළ සැප්තැම්බර් අවසාන වන විට සමස්ත ජනතාව ආවරණය වන පරිදි ලබාදීමට ඉතාලි සෞඛ්‍ය අමාත්‍යංශය දැනටමත් කටයුතු සූදානම් කර ඇති බව දැනගන්නට තිබේ .ඒ අනුව සමස්ත ජනතාවට එන්නත නොමිලේ ලබාදීමට ඔවුන් පියවර ගන්නා බව සඳහන් කරනවා .

දෙසැම්බර් 28 සිට සතියකට මාත්‍රාවන් 450,000 ක් ලබා දී එන්නත් සැලැස්ම ඉදිරියට ගෙනයෑමට ඉතාලිය අපේක්ෂා කෙරේ.මෙහිදී ප්‍රමුඛතාව ලැබෙන්නේ  වෛරසයට වඩාත් නිරාවරණය වන කාණ්ඩ වන  සෞඛ්‍ය සේවකයින් සහ 80 ට වැඩි වැඩිහිටියන් සඳහායි .

අද ඉතාලියෙන්  නව රෝගීන් 8,913 ක් සහ මරණ 298 ක් වාර්තා වී තිබේ.   PCR පරීක්ෂණ  59 879 සිදුකර තිබේ .

Share post:

Popular

වෙනත් පුවත්

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...