පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන සහනාධාරය වැඩිකෙරේ

සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව හදිසියේම ලක්ෂ දෙකකට ආසන්න මුදලකින් වැඩි කර ඇතැයි වාර්තා වේ.

මේ අනුව යාපනය වැනි ඈත දුර බැහැර ප්‍රදේශවල මන්ත්‍රීවරයකුට ඉන්ධන වෙනුවෙන් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් අමතර වශයෙන් සිය වැටුපට මාසිකව බැර කෙරෙනු ඇත.

සෙසු පළාත්වල මන්ත්‍රීවරුන්ටද ලක්ෂයකට වැඩි මුදලක් මේ අනුව හිමිවනු ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉන්ධන සඳහා ලබාදෙන දීමනාව පසුගිය ජුනි මාසය දක්වා ලබාදී ඇත්තේ පැරැණි ඉන්ධන මිලට අනුව ගැළපීමෙන් බව පැවසේ. එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නාරාහේන්පිට පිහිටි පොලිස් ප්‍රවාහන කොට්ඨාශයේ ඉන්ධන පිරවුම්හලෙන් ඉතා අඩු මුදලකට එනම් රු 121ට ඉන්ධන ලබාදීම සම්බන්ධයෙන් පසුගිය මැයි මාසයේදී හෙළිවීමත් සමඟ ඊට එරෙහිව විශාල ආන්දෝලනයක් ඇතිවිය. දරාගත නොහැකි ලෙස ඉන්ධන මිල වැඩිවී තිබෙන තත්ත්වයක් තුලදී මන්ත්‍රීවරුන්ට එවැනි දීමනාවක් ලබාදෙන්නේ ඇයිද යන්න ජනතාව ප්‍රශ්න කරන ලදී. පසුව ආණ්ඩුව තමන්ගේ වරද වසා ගැනීම සඳහා ඉන්ධන ඩිස්පෙන්සර් එකේ වරදක් සිදුවී ඇති බවට පච දෙසාබාන ලදී.

දැන් නැවතත් මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන සහනාධාරය වැඩිකර තිබේ. මන්ත්‍රීවරුන් සඳහා මෙවැනි සහනාධාර ලබාදෙන්නේ සාමාන්‍ය ජනතාවගේ පොදු ප්‍රවාහන සේවා සඳහා කිසිදු සහනාධාරයක් ලබා නොදෙන තත්ත්වයකදීයි. එසේම මේ මොහොතේ ලක්ෂ ගණනක් වන ත්‍රීවිල් රියදුරන් තම එදා වේල සොයාගැනීමේ අර්බුදයකට මුහුණ දෙමින් සිටියි. ඔවුන් වෙනුවෙන් කිසිදු සහනාධාරයක් ලබාදී නැත. ඒ වෙනුවට ජනතාව මර්දනය කිරීමට , ජනතාවට එරෙහි තීන්දු තීරණ ගැනීමට පවත්වාගෙන යන දූෂිත පාර්ලිමේන්තුවක් නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ සුඛ විහරණය වෙනුවෙන් ජනතා බදු මුදල් වැය කෙරෙමින් තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...