මැයි (19) රණවිරු සැමරුම් දිනය ලෙස ආණ්ඩුව හා ආරක්ෂක අංශ මහා ප්‍රචාරයක් ගෙන යන අතර වසර 11ක් තිස්සේ ඒයින් ප්‍රතිලාභ ලැබුවේ ‘රණවිරු උත්කර්ෂය’ හරහා දේශපාලන බලය ආරක්ෂා කිරීමේ ඉලක්කය සහිත රාජපක්ෂ පවුල පමණකි.
අවම වශයෙන් යුද්ධයෙන් ආපදාවට පත් සොල්දාදුවන්ගේ හා ඒම පවුල්වල ජිවිත වෙත ලබාගත්තා යැයි කියන ඊනියා ජයග්‍රහණයෙන් හිමිව ඇත්තේ මොනවාද? රට පුරා වසන ජනතාව යුද්දයෙන් විඳි දුක් කන්දරාවට සාපේක්ෂව, යුද සමයේ ආයුද, හමුදා සැපයුම් ආදි වශයෙන් ජාවාරම්කර කෝටිපතියන් වූවන්, දේශපාලන වාසි ලැබූ රාජපක්ෂවාදීන් හැර ජයක් ලැබුවේ කවුරුද?
අවම වශයෙන් යුද්ධයේදී අපමණ පීඩා විඳි උතුරේ හා නැගෙනහිර ජනතාවට තමන්ගේ අහිමිවූ දරුවන් දැරියන් සිහිපත්කර පහනක් දල්වන්නට නොහැකි සාමයක් යනු මහා බොරුවක් බව දකුනේ ජනතාවට වටහා ගන්නට නොහැකිද? ඒය ඔවුන්ගේ සිත් තුල අවුලුවන ගින්දර විසින් පෙරලා වාසි ලබන්නේ ජාතිවාදී දේශපාලනය නොවේදැයි අපි අසමු. ඒ් ජාතිවාදය පෝෂණය කිරීමට පාලකයන් හැමදාම ‘රණවිරු සැමරුම්’, ඊනියා ‘ජයග්‍රහණ වගාඩම්බර’ ප්‍රචාරය කරති.
සොල්දාදුවන් වෙනුවෙන්ය කියමින් ‘රණවිරු අරමුදල’ක් පවත්වාගෙන යමින් ජනතාවගේ රුපියල් දහයේ සිට ජංගම දුරකතනයේ කෙටි පණිවිඩයෙන් රුපියල බැගින් පවා කොල්ල කෑ මුදල්වලට කුමක් සිදුවීදැයි රටට හෙළිකර ඇත්ද? ඒම අරමුදලෙන් හැදුවාය කියන ‘රණවිරු නිවාස’ වෙනුවෙන් සොල්දාදුවන්ගේ වැටුපෙන් අයකරගන්නේ ඇයි?
රණවිරු ලේබලය යටතේ සොල්දාදුවන් නමින් කෙරෙන දේශපාලන බල සූදුව නැවැත්වීමට නම් ජනතාව, (සොල්දාදුවන් ඇතුළුව) ඒ් ගැන ඇත්ත වටහා ගත යුතුය. රණවිරු සූදුවේ ඇත්ත අනාවරණය කිරීමට උත්සාහ කරන ජනමාධ්‍යවේදීන් හා සාමජ ක්‍රියාකාරින් මර්දනය කිරීමේ ඉතිහාසය පිළිබඳ අපරාධ පරික්ෂණ කවදාවත් සිදුවන්නේ නැත. යුක්තිය ඉටුකරන්නට අධිකරණයක් නැත. ජනතාවගේ අධිකරණය ඒ් ගැන වහාම තීන්දු කළ යුතුව ඇත.
තවද…..
යුද්ධය ජයගත් බවට උදාරම් බස් දොඩන්නෝ ඒදා මෙදා තුර ලෝකයේ යුද්ධවලදී මෙන්ම අනාගත යුද්ධවලදී මිය යන මිනිසුන් සම්බන්ධ වගකීම අත්හරිති.
යුද්ධයක් අවසානයේ සිදුව ඇති මහා ව්‍යසනය ගැන කම්පා විය නොහැක්කේ තව තවත් මිනිස් ජීවිත ගොදුරු කරගන්නට සූදානම් මිනිස් වේශය ඇති තිරිසනුන්ට පමණකි.
දෙමළ ජනයා අතුරින් බිහි වී වැඩුණු විමුක්ති අරගලයක් ලෝක අධිරාජ්‍යවාදයේ අවශ්‍යතා වෙනුවෙන් පමණක් නොව මෙරට දේශපාලන බලයට හා යුද්ධයෙන් ධනවත්වීම සඳහා කෑදර ලෙස ජාවාරම් කළ පිරිසකගේ අවශ්‍යතා වෙනුවෙන් කලමනාකරණය වූ බව පිළිගන්නට අකැමතිවන්නේ ජාතික දේශපාලනයේදී ඒවැනි යටි අරමුණු ඇත්තවුන්ටය.
ත්‍රස්තවාදී ක්‍රම භාවිතයට ජන සමූහයක අනුමැතිය හිමි වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මාදිලියකින් දේශපාලන නිදහස භාවිතයට ගත නොහැකි සමාජයකය.
ත්‍රස්තවාදය දක්වා පිරිහී ගිය දේශපාලන අරගලයකට රාජ්‍ය ත්‍රස්තවාදයෙන් පිළිතුරු දීමට සූදානම් වන්නේ ඒකී දේශපාලන අරගලයේ පදනමවන සැබෑ මිනිස් අරමුණු ප්‍රතික්ෂේප කරන ත්‍රස්තවාදී මනසක් ඇත්තවුන්ට පමණකි.
ත්‍රස්තවාදය විනාශ කිරීම ගැන මහත් උනන්දුවෙන් කතාකරනවුන් ඊට බලපෑ හේතු සම්බන්ධව නිහඬතාව රකින්නේ ඔවුන්ට ඇත්ත වශයෙන්ම අවශ්‍ය ත්‍රස්තවාදය අවසන් කිරීමට නොව ඒය වවාගෙන කන්නට බැවිනි.
තවදුරටත් කියන්නේ නම්,
ත්‍රස්තවාදි ක්‍රමවේදය හා විමුක්ති අරගලයක පැවැත්ම සම්බන්ධ ජනතාව අතර සංවාදයක් ගොඩනැගීම හරහා මේ පාලකයන්ගේ දේශපාලන බල සූදුව වෙනුවෙන් ජාතික ප්‍රශ්නය පාවිච්චි කිරීම වැළැක්වීමද අද දවසේ අවශ්‍යතාවකි.
අප අදත් හෙටත් සැමරිය යුත්තේ මනුෂ්‍යත්වයේ පැවැත්ම පමණකි. මනුෂ්‍යත්වයට ඒරෙහි සියලු ‘වීරත්වයන්’ සහ ‘නායකත්වයන්’ පරාජය කිරීමට මනුෂ්‍යත්වයේ වගකීමක්
අපට ඇත