Breaking News

covid-19 නිසා ඉතාලිය හැර ගිය අයට නැවත ඉතාලියට ඇතුල් වීමට නොහැකි වෙන ලකුණු

තීමස් විජිත්

කොරෝනා ආපදා තත්ත්වයක් සමග ආයතන වැසීම, රැකියා සීමා කිරීම, හෝ වෙනත් හේතුමත තම රටවල් බලා ගිය සේවකයින් හට නැවත ඉතාලියට පැමිණීමේ දුෂ්කරතාවයන් පැන නැගී ඇති බව ඔබේ අවධානයට යොමු කරමු.

අන්තර්ජාතික වශයෙන් පනවා ඇති ගුවන්ගමන් හා විවිධ සීමා කම් හේතුවෙන් නැවත සේවයට වාර්තා කිරීම සඳහා ඉතාලියට පැමිණීමට නොහැකිව ඔවුන් පත්වී ඇත්තේ ඉතාමත් දුෂ්කර ගැටලූවකටය.

මේ වන විට ඉතාලි තානාපති කාර්යාල හරහා වෙනත් රටවල සිටින ඉතාලි ජාතිකයින් ඉතාලියට ගෙන්වා ගැනීම සඳහා වැඩ කටයුතු සම්පාදනය කළත් ඉතාලියේ රැකියා කරන පෙර්මෙස්සෝ දි සර්ජෝර්නෝ සහිත විදේශිකයින් සඳහා එම පහසුකම ලබා දී නැත. ඉහත තත්වය නිසා මේ වන විට පැනනැගී ඇති ගැටලූ කීපයක් වෙත ඔබේ අවධානය ලක් කිරීමට කැමැත්තෙමු.

පෙර්මෙස්සෝ දි සර්ජෝර්නෝවේ වලංගු කාලය අවසන් වී හෝ අවලංගු වීමට ආසන්නයේ පසුවන්නන් මුහුණ දී සිටින ගැටලූව.

2020 ජනවාරි 31 දින සිට අප්‍රේල් 15වන දින දක්වා අවලංගු වන පෙර්මෙස්සෝ දි සර්ජෝර්නෝවේ වලංගු කාලය ජුනි 15 දක්වා දීර්ඝ කර ඇති බව අප දනිමු.

ඒ වගේම මේ වලංගුභාවය පිළිබඳ සැලකිල්ලට ගන්නා ලෙස අදාල බලධාරීන් වෙත හා විශේෂයෙන්ම හුවමාරු රටවලටද එය අදාල බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබෙන බවද අප දනිමු.

කෙසේ නමුත් සමහර රටවල සිදු කෙරෙන පූර්ව පරික්ෂා වල දී මේ වන විටත් ගැටළු මතු වී ඇත. සමහරවිට නැවත හරවා යැවීම්ද සිදුවිය හැක. එමනිසා අපගේ ඉල්ලීම වන්නේ එවැනි අනවශ්‍ය ගැටලූ මගහරවා ගැනීම සඳහා අදාල රටවල බලධාරීන් වෙත නිවේදනයෙන් එහා ගිය පිළිගත් රාජතාන්ත‍්‍රික මට්ටමේ නිල දැනුම් දීමක් මගින් සිදුකරන ලෙසයි.

ඊලග කාරණය වන්නේ කොරෝනා ආපදා තත්ත්වය සහ ගුවන්ගමන් හා වෙනත් සීමා කිරීම නිසා අදාල කාලසීමාව තුළ රැුකියා වෙත වාර්තා කිරීමට අපොහොසත්වන සේවකයින්ගේ රැුකියා සුරක්ෂිත කිරීමට අදාලවයි.

ජාත්‍යන්තරව පණවා ඇති සීමා කිරීම් නිසා තම අනුමත නිවාඩු කාලය අවසන් වුවත් නියමිත ලෙස රැකියාවට වාර්තා කිරීමට නොහැකි වූ විදේශගත වූ අයගේ රැකියා සුරක්ෂිතභාවය මේ වන විට අර්බුධකාරී තත්වයකට ගමන් කරමින් ඇත. ඉතාලියට ඇතුල් වීමෙන් පසුව පවා දින දාහතරක නිරෝධායන ක‍්‍රියාවළියකට භාජනය විය යුතු තත්වයක් යටතේ නැවත සේවයට වාර්තා කිරීම බලාපොරොත්තු වන කාලය ඉක්මවා යෑමටද අවකාශය ඇත. කූර ඉතාලිය නීති ප‍්‍රතිපාදනය යටතේ ලබාදුන් මාස දෙකක කාලයක් සඳහා සේවයෙන් පහ කිරීමට නොහැකිය යන නියෝගයේ කාලය ප‍්‍රමානවත් නොවිය හැකි මෙන්ම මෙම නිශ්චිත ගැටලූවට මුහුණදී සිටින විදේශීය කම්කරුවන් වෙනුවෙන් ඔවුන්ගේ රැකියා සුරක්ෂිතභාවය වෙනුවෙන් නිශ්චිත නියෝගයක් පැනවීමට කටයුතු කල යුතු බව අපගේ අවබෝධයයි.

ඉහත දැක්වූ කරුණු සැලකිල්ලට ගෙන නැවත ඉතාලියට පැමිණීම පමාවන සියලූ දෙනාගේ සුරක්ෂිතභාවය සහතික කරන මෙන් ඉල්ලා සිටිමු.
මෙම ලිපිය යොමු කරන්නේ CGIL/CISL/UIL යන වෘතීය මිති ලේකම්වරුන් විසිනි.

මෙය යොමු කළේ රැකියා හා සමාජ සුභසාධන අමාත්‍යවරිය/අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරිය හා විදේශ කටයුතු අමාත්‍යවරයා වෙතයි.

මෙම කාරණයේදී අපහසුවයන්ට හෝ ගැටළුවලට මුහුණ දෙන අය වෙනුවෙන් අවශ්‍ය මැදිහත්වීම් කිරීමට අපද සූදානම් අතර ඒ වගේම මෙම ගැටලූව පිළිබඳව නිසි අවධානය යොමුකර අදාල රාජතාන්ත‍්‍රික මැදිහත්වීම් කරන ලෙසටද ඉතාලියේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයෙන්ද ඉල්ලා සිටිමු.

තීමස් විජිත්

  • ලංකාවේ හිරවෙලා ඉන්න අය මොනවද කරන්න ඕනේ ..එම්බසියට යන්න වෙනවද

leave a reply