පටාචාරා ලුහුබඳින උකුස්සා

කවුළුවේ කදාවෙන්
ඉර එළිය පෙරා දී
සකස් වෙන උදෑසන
උකුස්සා කෑ ගසයි
අහස මුදුනට වෙන්න

පටාචාරා දුවන් එයි
ගිනිහල් ගෙය හි සිට
එබී බලත් තොටිල්ලට
උකුසු හෙවනැල්ල යට
රන්කැටී නිදත් ද
අන්තරාවක් නැතිව,
හවුස් කෝටය තෙමෙයි
උණු ක්ෂීර පොදකින්

පළමු වැන්නා කසයි හිස
කහියි සෙම කැඩෙන තුරු
කෙඳිරියම නැලවිල්ලක්ව
නිදයි ලා දළු කිණිති
උකුසු හඬට සහලවා
ඇස් කොණක් තෙමෙයි
දුප්පත් ම කඳුළකින්

ඉර ඇඳුම් අඳිතත්
කිසිත් නොදන්නා ලෙස
උකුස්සා අඳියි ඇඳිරි සෙවනැලි
තැනින් තැන දවසින් දවස
නැගිටින්න ඉඩ නොදෙයි
එදිනෙදා මිනිසුන් ට

වාසනා බේකරිය නොනැගිටියි
ලොතරැයි කූඩුවේ කපුටෙක් හඬයි
ත්‍රී වීල් මල්ලිගේ උරුවම ගොළුයි
කණ කීං කියන්නට උකුස්සා කෑ ගසයි

පටාචාරා,කුස්සියේ කවුළුවෙන් ලඟ බලයි
උකුසු බිජු ලන ගිනි ගන්න කඳු මුදුන තව දුරයි
පැය ගණන් දින ගණන් මාස ගණනක් ගෙවෙයි
උකුසු සෙවනැල්ල ඇය ලුහුබඳියි.
පටාචාරා ට උක්කුටෙන් හිඳ ගැනෙයි.

කපිල එම්. ගමගේ (fbපිටුවෙන් උපුටා ගන්නාලද්දකි )

Share post:

Popular

වෙනත් පුවත්

අනෝජන් සිවරාසා වෙනුවෙන් අභියාචනයක්

ලාංකික ශ්‍රමිකයෙකු වන අනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඬුවම...

ශිරන්තිට ඇප නෑ – මහින්ද රෝහලට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට...

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...