ඇමරිකාවට බරපතල අණතුරු ඇඟවීමක් …!!

කොරෝනා වෛරසය පාලනයකින් තොරව මේ වන විට යුරෝපයේ හා ඇමරිකාවේ පැතිර යාමෙන් ඉංදියාව ශ්‍රී ලංකාව වැනි රටවලට ප්‍රවේශම පිළිබඳව දෙවරක් නොව දහස් වරක් සිතීමට බල කර ඇත.ඉහතකී රටවල මෙවැනි මහා වසංගත තත්වයක් දක්වා තත්වය උඩු යටිකුරු කරලීමට පාදක වූයේ නොසැලකිල්ල හා අඩු තක්සේරුව බව බොහෝ දෙනාගේ විවේචනයයි.

ඇමරිකාවේ National Institute of Allergy and Infectious Diseases Director Anthony Fauci විසින් එරට බලධාරීන්ට ප්‍රකාශ කර සිටින්නේ කොවිඩ් 19 වෛරසයෙනි ඇමරිකාව තුල පමණක් ලක්ෂ 2 ක් මියයාමේ අවදානමක් පවතින බවයි. මේ වනවිට සති දෙකක පමණ කෙටි කලක් තුලදී ඇමරිකාවේ නිශ්චිතව හඳුනාගත් පිරිස ලෙස 133,146 ක් වාර්තා වීමත් සමගම මුළු රටම අවදානම් කලාපයක් බවට ප් කිරීම හැර ට්‍රම්ප් පාලනයට වෙනත් විසඳුමක් නැත.

ලොව පුරා මේ මොහොත වනවිට 707,738 දෙනෙකු ආසාදිතයින් බවට පත්වූ අතර ඉන් සඅවය ලබා ඇත්තේ 150,732 කි. අවාසනාවන්ත ලෙස මරණයට පත්වූ පිරිස 33,526 කි.

මහා බ්‍රිතාන්‍ය මේ වනවිට මාස තුනක කාලයකට රටම වසා දරමීමේ තීන්දුව කරා පැමිණෙමින් තිබේ. එරට සෞඛ්‍ය බලධාරින්ගේ මතය වන්නේ තත්වය මහා පරිමාණ වසංගතයක් දක්වා පැතිරීම වලක්වා ගත හැකි එකම විසඳුම එය බවයි. ඉංදියාව මේ වනවිට දැවැන්ත අර්බූධයක පාමුල සිටි. එරට අගමැතිවරයා දින 21 කට රටම වසා දැමූ අතර විවිධ ප්‍රාන්ත වල සංක්‍රමණික සේවක සේවිකාවන් නිරෝදාන මධ්‍යස්ථාන වලට ගාල් කිරීම අරඹා ඇත.ඉන් බලාපොරොත්තු වන්නේ ප්‍රාන්තයකින් ප්‍රාන්තයකට මෙම වසංගතය පැතිර යාම ලෝක ජනගහනයෙන් කෝටි 1300 ක් සිටින ඉංදියාවට කිසිසේත්ම පාලනය කල නොහැකි බව මතය. ඔස්ට්‍රේලියාවේ පුරවැසියන් සියල්ලටම තම රට තුලට පැමිණෙන ලෙස එරට අගමැතිවරයා කල ඉල්ලීමට අනුව මේ වනවිට 1500 කට වැඩි පිරිසක් පැමිණ ඇත.ඔවුන් සියල්ලම හෝටල් තුල නිරෝදානය කිරීම අරඹා ඇත.ඔස්ට්‍රේලියානු පාලනය වෛරසයේ බරපතලකම වටහා ගනිමින් අවට සැරිසැරිය හැකි උපරිම ගනන දෙක දක්වා අඩු කර ඇත.

ස්පාඤ්ඤය තුල තත්වය පාලනයකින් තොරව ඔඩු දුවමින් පවතී. අද දවස වනවිට සිදුව ඇති මරණ ගනන 6,606කි. ඉතාලිය තුල 10779 කි. ඉතාලිය තුල පමණක් නිශ්චිතව හඳුනාගත් රෝගීන් ගණන 97,689 කි. එය දෙවන වන්නේ ඇමරිකාවට පමණි.

Share post:

Popular

වෙනත් පුවත්

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...