Breaking News

චමරිගේ අසාර්ථකත්වය ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයට හේතු වෙනවද ?

2024 ලෝක කුසලාන කාන්තා T20  තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් දෙවන තරඟය අද පවත්වනු ලැබුවා . ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදී කණ්ඩායම ලෙස පිටියට  පිවිසියේ 6 වතාවක් ලෝක කුසලානය දිනා ගත් ප්‍රබල ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමයි . අද තරඟයේදී  කඩුලු හයක  ජයක් වාර්තා කරන්න ඔස්ට්‍රේලියානු කණ්ඩායමට හැකියාව ලැබුණා . කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව චමරි ප්‍රථමයෙන්ම පන්දුවට පහර දීමට තීරණය කළේ පිටියේ වැඩි වාසිය කණ්ඩායමට ලබා ගැනීමේ අරමුණෙන් විය හැකියි  .

පකිස්ථානය සමග පැවැති 2024 ලෝක කුසලාන T20 ප්‍රථම තරඟයේදීත් පන්දුවට පහර දීමේදී අසාර්ථක වුණු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව චමරි අතුපත්තු ඔස්ට්‍රේලියාව සමග පැවැති තරගයේදීත් අසාර්ථක පිතිකරණයක්  පෙන්වනු ලැබුවා . ඇය ලකුණු තුනකට දැවී යනවා . ඔස්ට්‍රේලියානු කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමට  සාර්ථක වෙන්නට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ අනුව ඔවුන් පන්දු වාර විස්ස අවසානයේදී ලබා ගැනීමට සමත් වුණේ ලකුණු 93  පමණයි .

ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු හතරක් දැවී තම ජයග්‍රාහී ඉලක්කය  පසුකර ගියා.   පන්දු වාර 14 යි පන්දු 2 කකදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම  ජයග්‍රහණය අත්පත් කරගන්න සමත් වෙනවා .

මෙම තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරඟයට සහභාගී වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට  හැකියාව ලැබෙන්නේ ඉදිරි තරග දෙකම ජයග්‍රහණය කළොත් පමණයි . ඉදිරි තරග දෙකේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් ලෙස සිටින්නේ ප්‍රබල ඉන්දියානු කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායමයි .

leave a reply