චමරිගේ අසාර්ථකත්වය ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයට හේතු වෙනවද ?

2024 ලෝක කුසලාන කාන්තා T20  තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් දෙවන තරඟය අද පවත්වනු ලැබුවා . ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදී කණ්ඩායම ලෙස පිටියට  පිවිසියේ 6 වතාවක් ලෝක කුසලානය දිනා ගත් ප්‍රබල ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමයි . අද තරඟයේදී  කඩුලු හයක  ජයක් වාර්තා කරන්න ඔස්ට්‍රේලියානු කණ්ඩායමට හැකියාව ලැබුණා . කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව චමරි ප්‍රථමයෙන්ම පන්දුවට පහර දීමට තීරණය කළේ පිටියේ වැඩි වාසිය කණ්ඩායමට ලබා ගැනීමේ අරමුණෙන් විය හැකියි  .

පකිස්ථානය සමග පැවැති 2024 ලෝක කුසලාන T20 ප්‍රථම තරඟයේදීත් පන්දුවට පහර දීමේදී අසාර්ථක වුණු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව චමරි අතුපත්තු ඔස්ට්‍රේලියාව සමග පැවැති තරගයේදීත් අසාර්ථක පිතිකරණයක්  පෙන්වනු ලැබුවා . ඇය ලකුණු තුනකට දැවී යනවා . ඔස්ට්‍රේලියානු කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමට  සාර්ථක වෙන්නට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ අනුව ඔවුන් පන්දු වාර විස්ස අවසානයේදී ලබා ගැනීමට සමත් වුණේ ලකුණු 93  පමණයි .

ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු හතරක් දැවී තම ජයග්‍රාහී ඉලක්කය  පසුකර ගියා.   පන්දු වාර 14 යි පන්දු 2 කකදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම  ජයග්‍රහණය අත්පත් කරගන්න සමත් වෙනවා .

මෙම තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරඟයට සහභාගී වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට  හැකියාව ලැබෙන්නේ ඉදිරි තරග දෙකම ජයග්‍රහණය කළොත් පමණයි . ඉදිරි තරග දෙකේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් ලෙස සිටින්නේ ප්‍රබල ඉන්දියානු කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායමයි .

Share post:

Popular

More like this
Related

22

රොබෑර්තෝ පියුමීණි සහ ළමා සාහිත්‍යය

රොබෑර්තෝ පියුමීණි උපත ලබන්නේ 1947 ඉතාලියේ බ්‍රෙෂියා ප්‍රදේශයේ එදොලෝ...

ලෝක අවම වේතන වාර්තාවතුල ලංකාව 120

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) දත්ත පදනම් කරගනිමින් Visual Capitalist...