විදුලි බලමණ්ඩලය කෑලි කරන ගැසට් නිවේදනය එළියට 

මෙතෙක් පැවැති ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි කර වර්තමාන ආණ්ඩුවේ උවමනාව පරිදි ම එම ආයතනය කැබලි කිරීමේ ව්‍යාපෘතියට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි විසින්  නිකුත් කර තියෙනවා. ඒ අනුව විදුලිබල මණ්ඩලය කොටස් හයකට වෙන් කිරීමේ වැඩපිළිවෙල එළඹෙන මාර්තු 9 වනදා සිට බලාත්මක වීමට නියමිතයි.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ තීරණාත්මක පියවරක් ලෙස, එහි රාජකාරි බෙදාහරිමින් විදුලි උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම සහ පද්ධති මෙහෙයුම් සඳහා වෙනම අනුප්‍රාප්තික සමාගම් හයක් ස්ථාපනය කිරීමට නියමිතය. මෙම නව ව්‍යුහය හරහා විදුලිබල මණ්ඩලය සතු සමස්ත කාර්යභාරය විධිමත් අයුරින් අදාළ සමාගම් වෙත පැවරීම සිදු කෙරේ. මෙම පරිවර්තනය සඳහා අවශ්‍ය නෛතික පදනම 2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත මගින් ස්ථාපිත කර ඇත. එම පනතේ අඩංගු නිශ්චිත වගන්ති කිහිපයක් හැර, ඉතිරි සියලුම විධිවිධාන ඉදිරි මාර්තු 09 වැනිදා සිට බලාත්මක වන අතර, එය මෙරට විදුලිබල ක්ෂේත්‍රයේ නව යුගයක ආරම්භය සනිටුහන් කරනු ඇත.

වසර ගණනාවක් තිස්සේ පැවති රාජ්‍ය ඒකාධිකාරය අවසන් කර, විදුලිබල ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ එය නවීකරණය කිරීම මෙම ප්‍රතිසංස්කරණවල මූලික අරමුණ බව පැවසේ. බලශක්ති අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කර ඇති පරිදි, මෙම සමාගම් සියල්ලම රජයට අයත් සමාගම් ලෙස 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි කර ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...

‘තෝරෛ’ නවකතාව ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ඉල්ලයි!

තම්ල් ලේඛක ප්‍රදීප් ගුණරත්නම් ගේ 'තෝරෛ' නවකතාවේ යොදා ඇති...

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...