Breaking News

Soberana Plus එන්නත අධ්‍යනය සඳහා ඉතාලි පර්යේෂකයන් පිරිසක් අද කිවුබාවට

තීමස් විජිත්

කියුබානු Soberana Plus එන්නත පිළිබඳ සායනික අධ්‍යයනයට සහභාගී වීම සඳහා ඉතාලි ජාතිකයන් 35 කට වැඩි පිරිසක් අද නොවැම්බර් 15 සඳුදා මිලාන් මල්පෙන්සා සිට කියුබාවට පිටත්ව යනු ඇත. මෙම අධ්‍යයනය සිදු කරන ලද්දේ කියුබානු සෞඛ්‍ය බලධාරීන් හා ඉතාලියේ ටොරිනෝ නගරයේ අමදේයෝ සවෝයියා විශ්ව විද්‍යාල සායනය හා එක්වය. මෙම කටයුත්තට අනුග‍්‍රහය ලැබුනේ කියුබානු සමාජ සංස්කෘතික හා ආර්ථික හුවමාරු නියෝජිතායතනයේ සහයෝගීතාවයට මතය .

රෝමයේ කියුබානු තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ “Soberana Plus Turin” යනු යුරෝපීය සංගමයේ අවසර ලත් (“Pfizer” Moderna” AstraZeneca” Johnson & Johnson) එන්නත් ලබාගත් පුද්ගලයින් සඳහා තුන්වන මාත‍්‍රාව ලෙස සොබෙරානා ප්ලස් එන්නත ලබා දීමට අදාලව කියුබාවේ සහ ඉතාලියේ සිදු කරන ලද සායනික අධ්‍යයනයක් බවයි. එය නිපදවන ලද්දේ හවානා හි ෆින්ලේ එන්නත් ආයතනය විසිනි.

කියුබානු නියාමන අධිකාරිය විසින් බලය පවරන ලද සායනික අධ්‍යයනයක කොටසක් ලෙස, මෙම එන්නත කියුබාවේදී සිදු කරනු ලබන අතර, අනතුරුව ඉතාලියට ආපසු පැමිණෙනු ඇත. එන්නත් කිරීමෙන් දින 28 කට පසු, නිශ්චිත ප‍්‍රතිදේහ ප‍්‍රතිචාරය මැනීම සඳහා නියැදියක් ගනු ලැබේ. එය ටොරිනෝ නගරයේ අමදේයෝ සවෝයියා විශ්ව විද්‍යාලයේ ක්ෂුද‍්‍ර ජීව විද්‍යාව සහ වෛරස් විද්‍යාගාරය තුල පරික්ෂාවට ලක් කෙරෙනු ඇත.

තව දුරටත් මෙම කටයුතු Amedeo di Savoia රෝහලේ නිරීක්ෂණය යටතේ සිදු කෙරෙනවාට අමතරව පියමොන්තෙ කලාපයේ ආචාර ධර්ම කමිටුවේ අනුමැතියට යටත්ව එහි අධ්‍යයනයක කොටසක් ලෙසද සිදු කෙරේ. එහි ගෞරවය එම කමිටුවට හිමි වනු ඇත.

මෙය ඉතාලිය සහ කියුබාව අතර කීර්තිමත් ද්විපාර්ශ්වික සහයෝගීතාවයක් වන අතර, කියුබානු සමාජ සංස්කෘතික හා ආර්ථික හුවමාරුව සඳහා වූ නියෝජිතායතනයට එහි ගෞරවය හිමිවනු ඇත. එහි මූලාරම්භය සිදුවන්නේ 2020 වසන්ත සමයේ කෝවිඞ් මර්ධන කටයුතු සඳහා ටොරිනෝ රෝහලට පැමිනි කියුබානු විශේෂ වෛද්‍ය බලකායේ පැමිමත් සමගය.

මෙම වැදගත් විද්‍යාත්මක පාලම ගොඩනැගීමේ අවසන් අරමුණ වූයේ දැනට යුරෝපයේ භාවිතා කරන එන්නත් වලින් ලැබෙන ප‍්‍රතිශක්තීකරණය ශක්තිමත් කිරීමේ මාත‍්‍රාවක් ලෙස Soberana Plus එන්නතෙහි සඵලතාවය තහවුරු කිරීම අරමුණු කරගෙනය. දෙරටේ තානාපති කාර්යාලවල දායකත්වයට ස්තූතිවන්ත වන්නට මෙම පාලම ඉදිවිය.

අධ්‍යයනය සඳහා අපේක්ෂකයින් 35 කට අධික සංඛ්‍යාවක්, 2021 නොවැම්බර් 15 වන දින, මිලාන් මල්පෙන්සා ගුවන් තොටුපළෙන් හවානා වෙත පිටත්ව යනු ඇත, එහිදී, ඔවුන්ගේ අවසාන කැමැත්ත ප‍්‍රකාශ කිරීමෙන් පසුව සහ අධ්‍යයනයේ දැඩි විද්‍යාත්මක ප්‍රොටෝකෝලය මගින් අවශ්‍ය සියලූම පූර්ව පරීක්ෂණයෙන් පසුව, ඔවුන් හට මෙම එන්නත ලබා දෙනු ඇත.

Soberana Plus යනු වෙනත් වර්ගයකින් එන්නත් කරන ලද පුද්ගලයින් වැඩි දියුණු කිරීම, නැවත එන්නත් කිරීම සඳහා හෝ රෝගය ජයගත් පුද්ගලයින්ගේ ප‍්‍රතිශක්තිකරණය ශක්තිමත් කිරීම සඳහා වන නිෂ්පාදනයක් ලෙස ආරම්භයේ සිටම, සංවර්ධනය කරන ලද ලොව එකම එන්නත වේ.

අනෙකුත් Soberana වර්ගයේ එන්නත් මෙන්ම (Soberana01, Soberana02 ) එය උප ඒකක ප්‍රෝටීන් එන්නතකි, එබැවින් එය පුළුල් ලෙස ස්ථාපිත තාක්ෂණයක් මත පදනම්ව, වැඩිහිටියන් සහ ළමුන් සඳහා ඉතා පුළුල් පරාසයක එන්නත් සඳහා භාවිතා වන්නකි. ඇත්ත වශයෙන්ම” Soberana එන්නත් ළමුන් සඳහා ඉතා ආරක්ෂිත වන අතර අහිතකර බලපෑම් නොමැතිව. ඔවුන් දැනටමත් වයස අවුරුදු 2 සිට, මිලියන ගණනක් කියුබාවේ දරුවන්ට ලබා දී ඇත. තවද, මෙම එන්නතේ ඇති විශේෂ ගුනාංග වන උප ඒකක ප්‍රෝටීන් තාක්ෂණය, අතිශය අඩු වියදම්, ගබඩා කිරීමේ පහසුව, තාක්ෂණික සරල බව, එබැවින් මහා පරිමාණයෙන් නිෂ්පාදනයේ පහසුව, ආදිය නිසා සියලූ මනුෂ්‍ය වර්ගයා සඳහා එන්නත් සහතික කිරීමේ අභියෝගයේ විශාල බලාපොරොත්තුවක් එය නියෝජනය කරයි.

ඊට අමතරව වැඩි වැඩියෙන් පශ්චාත් හදිසි ඉදිරි දර්ශනයක් තුළ Soberana Plus වැනි ප්‍රෝටීන් එන්නත් නිපදවීම සම්පූර්ණ කිරීම, වඩාත් බරපතල රෝගවලට එරෙහිව ස්ථාවර ආරක්ෂිත පලිහක් නිර්මාණය කිරීමට සහ පවත්වා ගැනීමට ඇති ආශාව තුළ, දිගු කාලීන COVID 19 පාලන උපාය මාර්ග සඳහා පවතින විකල්පයන් SARS-CoV-2 ආසාදනයේ සායනික ප‍්‍රතිපල පුළුල් කරනු ඇතැයි සවෝයියා රෝහලේ බෝවන රෝග ඔ්කකයේ අධ්‍යක්ෂ මහාචාර්ය ජොවන්නි දි පෙර්රි මහතා ප්රකාශ කරයි.Soberana Plus වැනි එන්නත් නිපදවීම වඩාත් පිළිගත හැකි විසඳුමක් විය හැකි අතර, අවසානයේ එන්නත් මගින් ආරක්ෂා කරන ලද ජනගහනයේ ප‍්‍රතිශතය පුළුල් කිරීමට එය උපකාරී වනු ඇත. ප‍්‍රතිදේහ නිෂ්පාදනය උදාසීන කිරීම සම්බන්ධයෙන් මූලික ප‍්‍රතිඵල අතිශයින් යහපත් බව පෙනෙන අතර, Italocuban හවුල්කාරිත්වයට ස්තූතිවන්ත වෙමින් තවමත් ගත යුතු පියවර කඩිනමින් ඉදිරියට ගෙන යා හැකි බව ඔහු බලාපොරොත්තු වේ.
පසු සටහන

කියුබාවට සම්බාධක පනවා වද දෙන නරුමයින් නොවන්නට කියුබානු වෛද්‍ය ශ්‍රේෂ්ත්‍රයේ කටයුතු විසින් තව බොහෝ මානවයින් සෞඛ්‍යමව හා සමාජීයව සුවපත් කරනු ඇත.

තීමස් විජිත්

leave a reply