“දැන් මාව නවත්වන්න එපා”

අපි මේ ගත කරමින් සිටින්නේ කොරෝනා වෛරසය කාලය, අපේ සවන ගැටෙන බොහෝ කතා හිත දවන කතා, ඒ අතරින් ඉඳහිට අපට ඇසෙනවා හිත නිවන කතාත් . මේ පුංචි කතාව වාර්තාවෙන්නේ ඉතාලියේ මිලානෝ නගරයේ varesi රෝහලකින්. වෛද්‍යවරුන් සෞඛ්‍ය සේවකයින් covid-19 සමඟ පොර බදලා වෙහෙසට පත්වෙලා ඉන්නේ. පුංචිම පුංචි අස්වැසිල්ලක් ලැබෙන මොහොතක ඔවුනුත් සොයන්නේ මනසට නිදහසක්, සුවයක් එකම දේ දැකලා ශාරීරිකව වගේම මානසික ව්‍යාකූලතාවයන්ට ඔවුන් පත් වෙලා ඉන්නවා. එසේ මානසික ව්‍යාකූලතාවයන් නිසා අවාසනාවන්ත සිදුවීම් ගැනත් අපිට දැනගන්න ලැබුණා.

මේ සිදුවීම සිදු වෙන්නේ පසුගිය සෙනසුරාදා මධ්‍යම රාත්‍රියේ varesi රෝහලේ සේවා වැඩමුරය අවසන් වෙන වෙලාවෙන් පසුවයි. වෛද්‍ය Christian Mongiardi සහ ඔහුගේ සහායකයන් රෝහලේ ආපන ශාලාව කරා යන්නේ බඩට මොනවා හරි දාගන්න. ඔවුන් යනවිට ආපනශාලාව වහලා. ක්‍රිස්ටියන් දක්ෂ පියානෝ වාදකයෙක්. ඉතින් තමන් ආපු කාරණාව ඉෂ්ට නොවෙන තැන ක්‍රිස්ටියන් එළඹුණු විවේකී මොහොතේ රෝහලේ පියානෝවෙන් Don’t stop me now වාදනය කරනවා. ඔහුගේ සහයිකාව මෙය දුරකථනයෙන් රෙකෝඩ් කරලා අන්තර්ජාලයට මුදා හරිනවා.

ඉතින් මේ වීඩියෝව අද බොහෝ ජනප්‍රිය වීඩියෝවක් බවට පත්වෙලා . ඉතාලියෙන් නිර්මාණය වෙන දුක හිතෙන කතා අතරට. හිත නිවන කතාවක් ලෙස මේක එකතු වෙනවා. මේ සිදුවීම සිදු වෙන්නේ පසුගිය සෙනසුරාදා මධ්‍යම රාත්‍රියේ දී සේවා වැඩමුරය අවසන් වෙන වෙලා.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුවට ඉතුරු ඉන්ධන සමාගම් මිල වැඩිකරන තුරු බලා සිටීමද?

පෞද්ගලික ඉන්ධන සැපයුම් සමාගම් විසින් ඉන්ධනහල් වෙත ඉන්ධන බෙදාහැරීම...

නාමල්ට ජනතාවගේ ආර්ථික බර මතක් වෙලා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ලැබෙන ණය වාරිකයකට වඩා වැඩි...

2027 අයවැය පාර්ලිමේන්තුවේ සභාගත කෙරේ

2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මුදල් නියෝජ්‍ය...

‘සිරිලිය වංචාව’ – ශිරන්ති රිමාන්ඩ්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර්...