ජාතික ජන බලවේග ආණ්ඩුව තෝරා පත් කර ගත් ප්‍රථම කතානායකවරයාට තම ධූරයෙන් ඉල්ලා අස්වන්නට සිදුවුණේ ඔහු විසින් ඉදිරිපත් කළ අධ්‍යාපන සුදුසුකම් අභියෝගයට ලක් කිරීම හේතුවෙනි. එපමණක්ද නොව ඔහුට ඉල්ලා අස්වන්නට සිදුවන්නේ අධ්‍යාපන සුදුසුකම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වීම සඳහා අත්‍යවශ්‍ය ලියවිල්ලක් වූ නිසා නොව ජාතික ජනබලවේගයේ වංචා දූෂණ ප්‍රතිපත්තිය මත පිහිටාය. එසේ නොමැති නම් ඔහුට අධ්‍යාපන සුදුසුකම් නොපෙන්වා විවේචනය කරන කෙනෙකුට විවේචන කරන්නට ඉඩ හැර කතානායක ධුරයේ රැඳී සිටීමට අවස්ථාව තිබුණි. එය නීතිය හමුවේ අභියෝග කළ හැකි කරුණක් නොව ඔවුන් විසින් ගොඩනැගූ දේශපාලන සදාචාරය මත පවතින තත්ත්වයකි.
හිටපු කතානායක රන්වලගේ අධ්‍යාපන සුදුසුකම් අභියෝගයට ලක් කරමින් විවේචනය එල්ල වන අවස්ථාවේදීම විවේචනයට පිළිතුරු දීමට ඔහුට නොහැකි වීම දඩමීමා කරගෙන විපක්ෂය ජාතික ජන බලවේගයේ විවිධ පුද්ගලයන්ට අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් විවේචන ගෙන ආවේ සදාචාරාත්මක ලීලාවකින් නොව හුදෙක් මඩ ගැසීමේ අරමුණ ඇතිවයි. එහි ප්‍රතිඵලයක් ලෙස අපහසුතාවයට පත්වුණේ නාමල් රාජපක්ෂ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසයි .
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට චිරාත් කාලයක සිට අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ විවේචනයක් තිබුණද ඔහු කිසිවිටෙකත් ඒ විවේචනය පිළිගත්තේ වත් තමන්ගේ නිර්දෝෂී භාවය ඔප්පු කරන්නට කිසිවක් පෙන්නුවේ වත් නැත.
එනමුත් දෙසැම්බර් 17 වනදා පාර්ලිමේන්තුවේදී විවාදයන් අතරතුර ආචාර්ය මහාචාර්ය පදවි පට්ටම් පිළිබඳ විවේචන ඇනුම් පද මතු විය. එහිදී ආණ්ඩු පක්ෂ අමාත්‍යය නලීන්ද ජයතිස්ස ප්‍රකාශ කර සිටියේ විපක්ෂ නායකවරයාටද තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ගැටලුව විසඳා ගැනීමට ඒවා පාර්ලිමේන්තුවට ගෙනත් පෙන්වීමේ හැකියාවක් ඇති බවයි. ඒ අනුව අද 18 දින විපක්ෂ නායකවරයා තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
මේ අතර නාමල් රාජපක්ෂ අද 18 වනදා වසන්ත සමරසිංහට අභියෝග කළේ තමන්ගේ නීතිඥ උපාධිය ලබාගත් ක්‍රමය නීති විරෝදිනම් එය ඔප්පු කර පෙන්වන ලෙසයි. තමන් වැරදි විදිහට උපාධිය ලබා ගත්තේ නම් මන්ත්‍රී ධූරයෙන් සහ පාර්ලිමේන්තුවෙන් ඉවත්වීමට කටයුතු කරන බවත්, එසේ ඔප්පු කිරීමට නොහැකි නම් වසන්ත සමරසිංහ පාර්ලිමේන්තුවෙන් අල්ල අස්විය යුතු බවට නාමල් අභියෝග කළේය.
ආණ්ඩු පක්ෂය මේ තත්ත්වය අර්ථකථනය කරන්නේ තම පාලනයක් යටතේ හොරු සහ හොරකම් කළ දේවල් පිළිබඳව කතා කරනවා වෙනුවට අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ කතා කිරීමට අවස්ථාව උදාවීම හොඳ දෙයක් ලෙසයි.
කෙසේ වෙතත් රටේ ජනතාවගේ මූලික ගැටලු ගැටගැසී තිබෙන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරන නියෝජිතයින්ගේ අධ්‍යාපන සුදුසුකම් වල නොව ඔවුන් ගන්නා ක්‍රියාමාර්ගවල බව දේශපාලකයෝ පුරසාරම් දොඩන අතර වටහා ගත යුතුය.
අනුර ඉන්දියාවට යන්නේ දේශපාලනය සඳහාය. පාර්ලිමේන්තුව කතා කරන්නේ සහ සමාජගත කරන්නේ ගැලපියේ ඔල්වරසන් සඳහා අවශ්‍ය වන මාතෘකාය.
ඉතින් ඡන්දදායකයාණනී ඔබ අවදියෙන් සිටින්න.